උතුරු පළාත් මහ ඇමැති ලෙස සී වී විග්නේෂ්වරන් මහතා ලබන 15 වැනිදායින් පසු එළැඹෙන දිනක දෙමළ ජාතික සංධානයේ නායකත්වය හා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ඉදිරියේ දී දිවුරුම් දී නිල වශයෙන් රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිත බව දෙමළ ජාතික සංවිධානයේ ප්‍රකාශකටයක් පවසයි.
බම්බලපිටියේ දෙමළ ජාතික සන්ධාන පක්ෂ මුලස්ථානයෙහි උතුරු පළාත සඳහා අනෙකුත් අමාත්‍යවරුන් තෝරා ගැනීම සදහා පක්ෂයේ නියෝජිතයන් අතර විශේෂ හමුවක් පැවැත්වුවද නිශ්චිතව එම තනතුරු සඳහා පක්ෂයේ නියෝජිතයින් අතර විශේෂ හමුවක් පැවැත්වුවද නිශ්චිතම එම තනතුරු සඳහා කිසිවකු නම් නොකළ බවද එම ප්‍රකාශකයා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම දිවුරුම් දුන්නත් ශ්‍රී ලංකාවේ නීතියට අනුව තමයි. (නි)
ස්වභාවික විපතක් වෙන්න අත ළග වගේ (නි)
මොකද කරන්නේ ඔයාට මහා ඇමතිකම නැති වේවිද? (නදී)
හැමෝටම ටිකක් හිතන්න වෙයි .(නදී)
ඩයස්පෝරාව මෙහෙය වන නිසා මෙයාට ඕන විදියට වැඩ බැහැ. තව ටික දිනක් යනවිට යට තිබෙන නියම ස්වරුපය බලා ගත හැකියි.(නදී)
නොදන්නා නිසයි අහන්නේ එහෙම තමාට කැමති කෙනෙක් තෝරාගන්න පුලුවන්ද දිවුරුම් දෙන්න ? එහෙම පුලුවන්නම් ජයලලිතා ගෙන්වයිද දන්නේ නැහැ නේද ?(නදී)
සාම විනිසුරු වරයෙක් ළඟ උනත් පුළුවන් දිව්රුම් දෙන්න. ප්‍රස්නයක් නැහැ..(නදී)
පිටරට වලින් උපදෙස් එනකම් කල් මරනවා වගේ. ආණ්ඩුකාරයා ඉදිරියේ මෙයාගේ භාෂාවෙන් දිවුරුම් දෙන එක මෙයාට මදි කමක් වගේ.(නදී)
මේ වෙනකල් මහ ඇමතිතුමෙක් ඉන්නවා කියලා අපි දැනගත්තෙ ඡන්දයක් ළං වුණොත් පමණි. ඒ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් නම් හොදයි (නි)
කොටි ඩයස්පෝරාවේ ලනුව අනුව නැටවෙන රූකඩ පළාත් සභාවක් වේවිදැයි සැකයි (නි)
අපක්ෂපාති බව පෙන්නලා තිබුනා නම් ඉතින් මෙහෙම වෙන්න ඉඩ නැහැ (නි)
දැනටම මෙහෙම නම් පහුවෙනකොට.... (නි)
නිතිය ශ්‍රී ලංකාවේ, පසුව පාලන ක්‍රමය තමිල්නාඩුවේ වගේ වෙයිද කියලා මට සැකයි. (නි)
මේ තනතුරු එයාලට ලැබුනේ හමුදාව 28000 විතර දෙනා දිවි පුදලා උතුර බේරාගත් හින්දා නේද? ආපු ගමන් කිවුවේ හමුදාව කොටුකරන්න කියලා. ආණ්ඩුව එයාලට බලය දීපු අය ගැන දැන්වත් හිතනවා නම් හොඳයි (නි)
කොට්ටෙ උඩ තියන්න බැහැ. නමුත් වෙන විකල්පයකුත් නැහැ. (නි)
අපේ තැබෑරුමේ මුදලාලිත් සාම විනිසුරුවරයෙක්. කැමති නම් කතකරලා බලන්න පුළුවන්. (නි)
මොනවා කළත් එයා එයාමයි. (නි)
පිටබැද්දර ජයා, මටත් නොයෙක්වර ඕක හිතුනා. ඇත්තටම අපට පුලුවන්ද අපට ඕනෑ කෙනෙක්ව තෝරාගන්න ඒ වැඩේට. (නි)
දිවුරුම් දෙන්න බැරිනම් නොදී ඉන්න (නි)
දැන් අනික් පළාත් සබා කෙලින් වැඩ කරන්න පටන් ගන්න එක හොදයි. (නි)
ඔක්කොම පරිප්පු කන්නේ අපි තමා. (නි)
කොහොමත් දැන් පස්ස ගගහා ඉදලා ආණ්ඩුවට බැන බැන ඉදලා හරියන්නේ නැහැ. උතුරු පළාතට වැඩ කරන්න වෙයි. (නි)
කොහොමද දන්නෙ නැහැ දිව්රුම් දෙන්නේ... (නි)
මෙයාට ගොඩක් බාදා වැඩී වගෙ. යන යන තැන මොකක් හරි අකරතැබ්බයක්. (අ)
දෙමල ඩයස් පොරව කියන විදියටනේ විග්නේශ්වරම් වැඩ කරන්නේ, ඒ නිසා එංගලන්තයේ මහා රැජින ඉදිරියේ හෝ ජයලලිතා ඉදිරියේ දිවුරුම් දුන්නා නම් හරි.(නදී)
නීතියට යටත්ද ඒ වැඩේ (දී)
මතක තියා ගන්න දෙමළ ජාතික සන්ධාන පක්ෂ මුලස්ථානය තියෙන්නේ බම්බලපිටියේ. ඊළගට චන්දය දිනන්නේ කොහෙන්ද කියල.....! (දී)
වයිකෝ සහ ජයලලිතාගෙන් දිවුරුම ගන්න ඉන්නේ . ඒ අය මෙහෙ එන්නේ නැති නිසා මේ අයට යන්න වෙයිද දන්නේ නැහැ (දී)