උතුරේ මහ ඇමැති සී වී විග්නේෂ්වරන්ගේ කේම්බ්‍රිජ් ටෙරස්ට් නිල නිවසින් රුපියල් පන් ලක්ෂ දාහත් දහසක පමණ රන් බඩු හා මුදල් සොරකම් කළැයි කියන වැලිපැන්නේ කේ ප්‍රියන්ත පෙරේරා ලබන හත් වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
සොරකම් කළැයි කියන රන් භාණ්ඩවලින් කොටසක් දර්ගා නගරයේ පුද්ගලයකුට විකුණා ඇතැයි ද, ඔහු ඒවා උණුකර ඇතැයි ද කියති.
මේ පුද්ගලයා කුරුඳුවත්තේම තවත් බංගලා පහක් ද, ගල්කිස්සේ බංගලා 10ක් ද බිඳ ඇති බවට තොරතුරු ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මං හිතුවා ආණ්ඩුක්‍රම හදාරන්නෙක් හොඳ ෆෙඩරල් ව්‍යවස්ථාවක් හොයාගන්න මෙතනට පැන්නා කියලා. බැලුවහම එහෙම නැහැනේ. (නි)
එ්තරම් බරපතල ප්‍රශ්නයක් නෙමෙයි වගේ පෙනෙන හැටියට නම් (නි)
උතුරේ මහ ඇමතිට කොහොමද කොළඹ ගෙවල් තියෙන්නේ? (නි)
මෙයාලා ජාතිවාදය වපුරවන විදිහට මෙච්චර කාලයක් මේ ගෙය පරිස්සම් වෙලා තිබෙන එක සිංහල ජනතාවගේ ඉවසීම ලෝකයට පෙන්වන ආදර්ශයක්. (නි)
ජාත්‍යන්තරයට පැමිණිලි කරන්න වේවිද දන්නෙ නැහැ (නි)