උතුරේ මහ ඇමැති සී වී විග්නේෂ්වරන්ගේ කේම්බ්‍රිජ් ටෙරස්ට් නිල නිවසින් රුපියල් පන් ලක්ෂ දාහත් දහසක පමණ රන් බඩු හා මුදල් සොරකම් කළැයි කියන වැලිපැන්නේ කේ ප්‍රියන්ත පෙරේරා ලබන හත් වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
සොරකම් කළැයි කියන රන් භාණ්ඩවලින් කොටසක් දර්ගා නගරයේ පුද්ගලයකුට විකුණා ඇතැයි ද, ඔහු ඒවා උණුකර ඇතැයි ද කියති.
මේ පුද්ගලයා කුරුඳුවත්තේම තවත් බංගලා පහක් ද, ගල්කිස්සේ බංගලා 10ක් ද බිඳ ඇති බවට තොරතුරු ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.