ඉන්දියාවේ නව නායක නරේන්ද්‍ර මෝදි අගමැති පදවියේ දිවුරුම් දීමේ උත්සවයට දකුණු ආසියා සාක් හා රාජ්‍ය නායකයනට හා මුරුසි රජ්‍ය නායකයාට පමණක් ඇරැයුම් කර ඇතැයි ඉන්දියා විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා නවදිල්ලියේ දී අද පැවසීය.
තම නියෝජිත පිරිසට එක් වන්නැයි මහින්ද රාජපක්ෂ ජනපති උතුරු මහ ඇමැති සී වී විග්නේෂ්වරන් මහතාට ඇරැයුම් කළත් ඔහු ඒ ගමනට එක් නොවන බව දැනගන්නට ඇත.
‘එම උත්සවයේ ඇරැයුම ශ්‍රී ලංකාවෙන් ශ්‍රී ලංකා ජනපතිට පමණයි. ‘ යනුවෙන් විග්නේෂ්වරන් මහතාගේ පෞද්ගලික සහකාර නිලධරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පට කන්නාඩි දාන අයට කියන්නේ මේක දැන එහෙනම් මොදිට ඔය උත්සවේට අරාධනා කරන්න තිබ්බ උතුරේ මහා ඇමැතිට මහින්ද අමතක් කරලා .එත් මෝඩි දන්නවා මේ රටේ මහින්ද නොවේ වෙන ජනාධිපති කෙනෙක් හිටියත් එයාට තමා අරාධනා කරන්නේ (අ)
මෙහි අදහස් පල කරන සමහර උදවිය නම් කියන්නෙ රජය උතුරු පලාත් සභාවට සලකන විදිය වැරදියි කියල.රටේ ජනතාව හැටියට අපට නම් තේරුම් ගන්න බැහැ උතුරට තව මොනවද දෙන්න ඕනෙ කියල.උතුරට සාපේක්‍ෂකව අනෙකුත් පලාත් සභා ගැන බැලුවොත් අහන්න නම් ප්‍රශ්නයක් තියෙනව.අනෙකුත් පලාත්වල ජනතාවට විශේෂයෙන් සිංහල බහුතරයට උතුරට ලැබෙන තරම් සැලකිලි ලැබෙනවද.? උතුරු පලාත් සභාව ඒවට කල ගුන සලකනවද .? (අ)
ඒක තමයි අනෙක් මහ ඇමතිලාට ආරාධනා නොකළ එක කුහක කමක් නෙමේද? (නදී)
ඔන්න වෙලාව කොක්ක ගහගන්න (නදී)
මෙයා දන්නවා ජයලිතට දැන් දගලන්න අමාරුයි මොකද මෝදිට ලලිතාගේ ජැක් අවශ්‍ය නැහැ.(නදී)
ජයකීතන්, නිශාර්ඩ් ප්‍රීනා, පුර්ණ සහ ජෙහාන් ගේ අදහස් වලට එකග වෙමි (අ)
මම කිව්වේ මුරුසි රජ්‍ය නායකයා එන නිසා එයා යාළුකරගන්න කියලා, ජිනීවා වලදී එයා අනිත් පැත්තේ නේද හිටියේ. (ස)
විග්නේෂ්වරන් උතුරේ මහ ඇමති උනාට ඔහුට වුවමනා ආකාරයට තීරණ ගැනීමේ හැකියාව නැති බව මෙයින් පැහැදිලියි.දෙමළ සංධානයේ ඇම ගිල්ල මේ උගත් විනිසුරුවරයා අද ඉන්නෙ දෙකොන මූට්ටු උන තත්වයක.ඔහුට දැන් බැඳ ගත් බෙරය ගහනවා හැර වෙනත් විකල්පයකුත් නැහැ.අවසන ඔහුට ඉතිරි වන්නේ අපකීර්තිය පමණයි.!! (ස)
කාගෙවත් ඇඟේ එල්ලිලා යනවට වඩා තමන්ගේ ආත්ම ගරුත්වය රැකගෙන සිටීම වඩා වැදගත් කියල කියල ඒ මහතාට හිතෙන්න ඇති. විපක්ෂ නායක තුමාට කතා කලා නම් නරකද? (ස)
විග්නේශ්වරන්ට අං ඇවිත්. නන්දිකඩාල් කලපුවෙන් වැඩේ ඉවරකරගන්න හිතිලා.(ස)
නරියත් කීවලු මිදී තිත්තයි කියල. (ස)
චැනල් 4 එකට මෙහෙ එන්න වීසා දෙන්න කියපු පණ්ඩිතයන්ම මේ උපදෙසයත් ජනපතිට දෙන්න ඇති. එහෙමනම් මෙහෙ ඔක්කොම මහා ඇමතිවරු යන්න ඕන. මේක ඒකීය රටක්. ප්‍රශ්නයක් තියනවනම් ජනපති සමග විසදගන්න ඕන. ඉන්දියාවට දුවන්න දෙන්නේ නැතුව. (ස)
උතුරේ ලොක්කා ද ?(නදී)
මෙයා ඉන්නේ කලබල ටික ටික ඉවර උනාට පස්සේ කූල් එකේ ගිහිල්ල ගින්න දෙන්න. ඊට පෙර දකුණේ ඉන්න මහා ඇමතිවරු තුන් හතරදෙනෙක් හා ද්‍රවිඩ මුස්ලිම් ඇමතිවරු දෙදෙනෙක් එහෙ යවල රාජ්‍ය තාන්ත්‍රික සුහද දුත මෙහෙයවරක යොදල අප දෙරටේ අනාදිමත් කාලයක සිට පැවත එන සම්බන්දතා ගැනත් , වත්මන් ජනපති යටතේ රට ලබා ඇති දියුණුව සහ වාර්ගික එකමුතුව ගැනත් ඉන්දීය නායකයා දැනුවත් කිරීම ඊට වඩා වටිනවා.(නදී)
කරුණාකරලා විග්නේශ්වරන් ලියුම ඉංගිරිසි පත්තර වලින් බලන්න ලියන්න කලින්. එයා පැහැදිලිවම කියල තියෙනවා රජය උතුරු පළාත් සභාවට සලකන විදිහ නිසා එයා මේ ගමනට එකතු වෙන්නේ නැහැ කියලා. එයා ඒ ගමන ගියොත් අනෙක් මිනිස්සු වැරදියට හිතාවි කියලා. (නදී)
ලංකාවට පරිප්පු, ලුණු සහ වෙනත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් එන්නේ ඉන්දියාවෙන්. අපිට දැන්නම් බඩු මිල දරාගන්නම බැහැ. මේ සංචාරයේදී හොද සහන රැසක් අරගෙනවිත් බඩු මිල අඩු කරන්න හැකියාව ලැබේවා (නදී)
විග්නේශ්වරන් ආරාධනාව ප්‍රතික්ෂේප කරලා යවපු ලිපිය මෙතන අදහස් දාපු ගොඩක් අය කියවලා නැ වගේ. (නදී)
කොහොම වුනත් මට නම් පේන්නේ මෝදිත් සෝබන කාරයෙක්. නැත්නම් දිවුරුම් දීමකට වෙන රටවල් වල නායකයෝ මොකටද? (නදී)
සහන් ඔබ කියන එක හරියටම හරි. තම ජනතාව වෙනුවෙන් පෙනීසිටින නායකයන් අපිට අඩු උනාට මෙතුමා දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා. (නදී)
විග්නේස්වරන් මහත්තය ආවත් නාවත් ප්‍රශ්නයක් නැහැ. අපේ රට නියෝජනය කිරීමයි වැදගත්. ජනාධිපතිතුමනි, නයින්ට කිරි පොවලා හැදුවත් දෂ්ඨ කලාම නයි විෂම තමයි තියෙන්නේ. මෙයා කියල තියෙන දේවල් අපි දුටුවා. ඒඅනුව බලනවිට මෙයත් එල් ටී ටී ඊ වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්. මේ විධියට බලනකොට කරුණා අම්මාන් මහතා කොච්චර නම්‍යශීලිද? විග්නේශ්වරන් වගේ අයගේ කුහක අදහස් වලට නැවත එලියට ඒම වලක්වමු.(නදී)
ආරාධනා නොකර ඉන්නයි තිබුණේ. (ස)
විග්නේෂ්වරම් ජනාධිපතිතුමාට විතරක් නෙමෙයි රටේ ව්‍යවස්වස්ථාවටත් එරෙහිව ක්‍රියා කරනවා. ඔයු ඔහුට ඕනේ නම් ඕනේ රටකට යනවා රජයේ අවසරයක් නැතිව. ආදාර ගන්නවා. (නදී)
ඒක ඉතින් එතුමාගේ කැමැත්ත (නි)
ලංකාව කියන්නේ ගොඩක් පොඩි රටක්. මේ පළාත් සභා ක්‍රමය දෙමල අපිටත් සිංහල අයටත් අමතර ආර්ථික බරක්. විය යුත්තේ හැමෝටම සමාන ලෙස ඉන්න පුළුවන් ක්‍රමයක් හදන එක මිස බලය බෙදන එක නෙමේ. (ස)
තිලක් ඔබේ අදහස හරියටම හරි. මේ සංචාරයේදී හොද හිත දිනාගෙන සහනදායි මිලට අත්‍යවශ්‍ය ආහාර ඉන්දියාවෙන් ලබා ගැනීමටත් , බඩු මිල අඩු කිරීමටත් රජය කටයුතු කල යුතුයි (ස)
මන් හිතන්නේ නැහැ උතුරේ මහා ඇමතිට, රජය සමග සාකච්ජා කොට අවංකවම උතුරේ ජනතාවට සේවය කරන්ට උවමනාවක් තියෙනවයි කියලා. එයාගේ තියෙන්නේ වෙනත් පටු අරමුණු සහිත රටට එරෙහි දුෂ්ට, දේශද්‍රෝහී න්‍යාය පත්‍රයක්. උතුරේ ජනතාවට ඔහුට හැබෑවටම සේවයක් කරන්ට අවංක උවමනාවක් තියෙනවනම් රජය සමග සාකච්ඡා කර අඩුපාඩු හදාගෙන ජනතාවට සේවයක් කිරීමයි කල යුත්තේ. උතුරේ ඉන්නෙත් ශ්‍රී ලංකිකයෝයි. එම ජනතාව ඔහුව ජන්දයෙන් පත්කළේ එම කාර්යන් කර ගැනීම සඳහායි. එහෙම නැතුව ජයලලිතව සහ ත්‍රස්තවාදී කොටස් සනසන්ට ප්‍රකාශ නිකුත් කරන්ට නෙමෙයි. (නදී)
ඔහොම කියල හොරෙන් ගිහින් හම්බ වේවි... (ස)
විග්නේෂ්වරන් උතුරේ මහ ඇමති උනාට ජනපතිට මෙන්ම මුළු දෙමල ජාතියටම නිග්‍රහයක්. සිංහලයාට සාමය අවශ්‍ය වුනාට ටී.එන්.ඒ එකට තීරණ ගැනීමේ හැකියාව කොටින්ට බර බව මෙයින් පැහැදිලියි. දැන් රටේ සෑම ජන කොට්ටශකටම හිත්සේ ඕනෑම තැනක ජීවත් විය හැකිය. මහා ඇමතිට සාමයක් අවශ්‍ය නැත. එන්.ජී.ඕ ඩොලර් කාක්කන් සහ අන්තවාදීන් රටේ අහිංසක ජනතාවගේ ලේ බීමට නැවත පටන්ගනී. (නදී)
මගුල් ගෙදරකට වුණත් එක්කෙනෙකුට ආරාධනා කලාම මුළු පවුලම අරන් යන සිරිතක් නැනේ. (අ)
කුහක කමක මහත. විගා කැමති උනත් අනෙක් තමයි කකුලෙන් අදින්නේ. (අ)
මෙයා හිතනව ඇති උතුරේ ජනපති කියල ..හිටපු ගමන් මතූවූනේ (අ)
අපේ ලංකාවේ එක ජනාධිපති ඉන්නේ එක නිසා විග්නේෂ්වරන් කවුද (අ)
මහත්තයෝ වැඩිය ඉදිමෙන්නවත් දගලන්නවත් හදන්න එපා.(නදී)
ඔව් ඔව් වරුෂා, ඕකනේ කියන්නේ රුසියාවට වඩා ලොකුයි ඉරිෂියාව කියලා. (අ)
මමත් හිතන්නේ විග්නේෂ්වාරන්ට ආරාධනා කලයුතු නැහැ කියලයි. (අ)
අපේ ලංකාවේ මහින්ද මහත්තය විතරක් ඇති. (අ)
උඩුමලගල ගමගේ, එහෙම එක්කගෙන ගියත් මෝඩි තරහ වෙන්නේ නැහැ. හරිනම් සන්තෝසවෙයි. (නදී)
මෙතැනදී නම් මෙතුමා නිවරෙදියි මන් හිතන්නේ. (නදී)
එන්න බැහැ කියන උදවිය තියලා එන්න පුළුවන් වැදගත් කෙනෙක් අරන් ගියාම ඉවරයි. සහන් කිව්වත් වගේ ඇයි විපක්ෂ නායකයා ට ආරාධනා නොකළේ. ඔහු පංගු පේරු බලන කෙනෙක් නෙවෙයි. කතා කළා නම් එන්න ඉඩ තිබුනා . එහෙම යන එක රටක් වශයෙන් අපේ එකමුතුකම පෙන්නන්න පුළුවන්.(අ)
රටේ ජනාධිපතිගේ ආරාධනයටත් පයින් ගහන්න තරම් මෙයාට තියෙන හයිය ! (නදී)
ගමගේ, විග්නේෂ්වරම් හොද කෙනෙක්. කොටි විග්ට ඕන විදියට වැඩ කරන්න දෙන්නේ නැහැ.(නදී)
ඇරයුම ශ්‍රී ලංකා ජනාදිපතිට පමණි කියල කියනවා. එතකොට අනිත් පළාත් වලත් මහා ඇමතිලා යනවද ? (නදී)