‘එළුග තමිල්’ නොහොත් දෙමළ ජනතාවනි නැගිටිව් යනුවෙන් යාපනයේ පවත්වන මහා විරෝධතා වැඩසටහනට වෙනුවෙන් සියලු දෙනා සහභාගි වන ලෙස ඉල්ලා උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් 21 දා ලිපියක් නිකුත් කොට ඇත.
විග්නේශ්වරන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජනතා සභාව විසින් 24 වැනිදා යාපනයේ පැවත්වෙන එළුග තමිල් විරෝධතා වැඩසටහනක් සංවිධානය කොට ඇත.
‘දෙමළ භාෂාව කථා කරන ආදරණීය සහෝදර සහෝදරියනි එළුග තමිල් වෙනුවෙන් සහභාගි වන ලෙසට මෙයින් පළමුව ඉල්ලා සිටිමි‘
‘උතුරු පළාතේ සිංහල ජනතාව අලුතින් පදිංචි කිරීමට විරුද්ධව හා උතුරු පළාතේ බෞද්ධයන් නොමැති ස්ථානයන්හි බුදු පිළිම ස්ථාපිත කිරීම නවතා දැමීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් වෙනුවෙන් විරුද්ධත්වය පළ කිරීමට එළැඹෙන 24 වැනිදා පැවැත්වීමට නියමිත එළුග තමිල් විරෝධතා වැඩසටහන වෙනුවෙන් සහභාගි වන ලෙසට ඉල්ලා සිටිනවා‘
1958, 1961, 1974, 1977, 1983 යන වසරවලදී සිදු වු අරගල හා දෙමළ ජනතාවට සිදු වු අසාධාරණ හේතුවෙන් දෙමළ තරුණයින් සන්නද්ධ අරගලයන් දක්වා ගමන් කළ බවත්, වර්තමානයේදීත් දෙමළ ජනතාවගේ ඉල්ලීම් වෙනුවෙන් නිසි සාධාරණයක් ඉටු වී නොමැති බවත් හෙතෙම සිය ලිපියෙන් දන්වා ඇත.
‘එමෙන්ම උතුරු නැගෙනහිර පළාත් වෙත බලය ලබාදෙන බවට පැවසූවද, ඒ පොරොන්දුව ද කිසිදු රජයක් ඉටුකොට නැහැ. උතුරු පළාතේ ආරක්ෂක අංශ සතු උතුරේ සිවිල් ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදන්වූවන් සොයාදෙන ලෙසට රජයෙන් ඉල්ලීම් කිරීමට හා රජයට බල කිරීමට මෙම විරෝධතා වැඩසටහන පැවත්වෙන බව ද එම ලිපියේ සඳහන්වේ.
වවුනියාව, බෝගස්වැව, නාමල්ගම, ඇතුළු වවුනියාව දිස්ති‍්‍රක්කයේ අලුතින් බිහිකළ සිංහල ගම්මාන, මන්නාරම හා යාපනය දිස්ත‍්‍රික්කයේ පිහිටුවා ඇති නව සිංහල ගම්මාන සියල්ල ඉවත් කළ යුතු බවට විරෝධතාවයේදී ඉල්ලීම් කිරීමට නියමිත බවද එම ලිපියේ වාර්තා වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට සතුටුයිද දැන්. (ම)
සිංහල ජනතාවනි නැගිටිව් (බ)
ජීවමාන ප්‍රබාකරන් (බ)
යහපාලන සංහිඳියාවට අපගේ උපරිම සහයෝගය සහ උත්තමාචාරය! (බ)
හැමෝම හිතාගෙන ඉන්නේ යුද්ධයෙන් පනබේරගෙන ජීවත්වෙන්න දඟලන ජනතාවගේ බෙල්ල මිරිකාගෙන එයාලට රජවෙන්න. කව්ද අනේ රටට ජනතාවට සේවයක් කළේ? (නි)
මොකටද හැමෝම මේකට කලබල වෙලා ඉන්නේ? මෙතන කිසිම ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩක් වෙන්නේ නැහැ නේ. (බ)
මෙතන අදහස් දාන අයට මතක නැහැ අපි වසර 30ක් යුද්ධ කළා කියලා. යුද්ධයකින් කව්රුත් දිනන්නේ නැහැ. දහස් ගණන් ජීවිත බිලිගෙන මනුෂ්‍යත්වය පරදිනවා. යුද්ධයේ කුරිරු බව දන්නේ ඊට මුහුණදුන් අය සහ තමන්ගේම කියලා කෙනෙක් නැති වුණ කට්ටිය විතරමයි. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදීව ඉල්ලීම් වෙනුවෙන් උද්ගෝෂණය කරන එක ගැන සතුටු වියයුතුයි. ඉල්ලීම් සාධාරණද අසාධාරණද කියලා තේරුම් අරගෙන ඊට පිළියම් යෙදීම තමයි කළයුත්තේ (නි)
දකුණේ ඉන්න සහජීවන දේවතාවුන් මොනවද දන්නේ නැහැ කියන්නේ. (බ)
කිසිම අයකුට ජාතියකට වෙනම රටක් අවශ්‍ය නැත. සැම තැනකම සියලුම ජාතීන් ජීවත්වනවා නම් වෙනම සංකල්ප ගෙන එන අය රටින් පිටුවහල් කළයුතුයි. (නි)
පස්වාන් දහසකට බුදුවන්න පාලකයනි.(හේ)
පන්දම ගත්තා වගේ නෙමෙයි.(හේ)
ඔහොම යං ඔය පටන් ගත්ත විතරයි "කොටින්ට ඕනේ වෙනමම රජයක්, දැන් ඉතින් උතුරට කළගුණ සලකමු; දකුණින් විරෝධය පෙන්නන උදවිය හිරේ දාලා හරි (බ)
තැටිය රත් වෙලා තියෙන වෙලාවේ මෙය හදන්නේ ඒ අයට විතරක් කන්න පුළුවන් රොටියක් හදාගන්න වගේ. (හේ)
පන්දම අතට ගත්තට කමක් නෑ වලිගෙ ගිනිතියා ගන්න එපා..මෙයාට පණු බෙහෙත් දුන්නොත් හොඳ නැද්ද (බ)
කෝ මේ, චතුරි. දැන් වෙනස හොඳද? තව පටන් ගත්ත විතරයි සහෝදර ජනතාවනි. දැන් අපේ කට්ටිය අැමෙරිකාවේ ඉඳන් ඇවිත් ඕකට හුරේ දාවි. මොකද ඉතින් සංහිදියාවනේ. (බ)
සංහිදියා වැඩපිළිවෙල උදෙසා දකුණේ ඇතැම් අන්තවාදී පිරිස් අකුල් හෙළුවද රජය අධිෂ්ඨානශීලීව සංහිදියා අරමුණ ඉටුකරගැනීමට කටයුතු කරනවා කියල රටේ ජනාධිපති කියනවා නිව්යෝර්ක් ගිහින්.මෙහෙ මුන් තප්පුලනවා. නිදන් හිටපු කොටි ඇහැරෙනවා කියල විමල් වීරවංශ කියපු කතාවලට මිනිස්සු හිනා වුනා.දැන් සතුටු ඇති.අනේ මගේ රටට යන කලක් (බ)
අරෙහෙ යූඑන් ගිහින් එක්කෙනෙක් සමගිය, සහජීවනේ කියකිය ලතෝනි ගහනවා...මෙහේ නාකි කොටි මස් රාත්තල ම ඉල්ලනවා.....සහජීවනය තමා. (බ)
රජ පවුල ආයෙත් බලයට ගේන්න හදන වාසු සහෝදරයට කිව්වා නම් හරිනේ. වාසුගේ ආදරණිය මස්සිනානේ. (බ)
රටේ ජනතාව වෙනුවෙන් නැගිටින්න කිවුව නම් කමක් නැ. ජනාධිපති රටේ නැති වුනා මෙයා නටන්න හදන සෙල්ලම මොකක්ද ? (බ)
හනේ දෙයියනේ විග්නේෂ්වරන් මහත්තයගෙයි, අපේ අහිංසක සහෝදර දෙමල ජනතාවගෙයි හිත රිදවන්නේ කොහොමද? අනේ ඕගොල්ලෝ බුදුපිළිම නෙවෙයි අපේ ගෙවල් වලට ඇවිල්ලා ගෙවල් කුඩු කරලා ගියත් අපි නම් හ්ම් කියන්නෑ. ඔක්කොටම වඩා සංහිදියාව කියලා තියෙන එක වැදගත්ලුනේ. (බ)
මේකෙන් තේරෙනවා, මේ යහපාලන අය බලයට එන්න ටීඑන්ඒ එක සහ තවත් කුඩා පක්ෂ සමග ගහපු ගිවිසුම් කතාව බොරු නොවන බව. එ්ක ගැන තමයි තිස්ස අත්තනායක මහතා වේදිකාවල කිව්වේ. එදා එ්ක බොරුවක් කිවුවා, එ්ත් දැන් වෙන දේවලින් පෙනෙනවා ඇත්ත බව. කෝ මේ පාටලිලා, රතන හාමුදුරුවෝ, සරත් ෆොන්සේකලා, සරත් විජේසුරියලා ? (බ)
එය රටේ නැමෙන නීතියක් නොවී ක්‍රියාත්මක නීතියක් විය යුතුය. එය මුළු රටටම පොදු විය යුතුය. (ම)
මේ අයට වුවමනා වෙනම රාජ්‍යක් කතා කරන්නේ සංහිඳියාව එක රටක පුරවැසියන්ට තමන් කැමති තැනක ජීවත් වන්න අයිතියක් නැද්ද ?ද්‍රවිඩ ජනතාව ඉන්නේ උතුරේ පමණද ?ඔබතුමාලා ඉල්ලන ඉල්ලීම් රටේ අනෙකුත් ජාතීනුත් ඉල්ලුවොත් මොකද වෙන්නේ ?මෙතුමාගේ ඉල්ලීම් වලට රටේ අවධානය යොමු කළොත් හොදයි (බ)
ලෝකෙටම අතලොස්සක් ඉන්න සිංහල ජනතාව ගැන පුදුම කනගාටුවක් හිතෙන්නේ..අපි විසින් අපිටම වළ කපාගෙන ඉවරයි..මගේම හිතවත් දෙමළ යාලුවෙක් මීට අවුරුදු දෙකකට කලින් කිව්වා අපිට අවශ්‍ය දේවල් ලබන්නේ යුද්දයකින් නෙමෙයි කියලා..අද එ්ක සත්‍ය වේගෙන එනවා..(බ)
මේ රට දෙකඩ කරනකම් ඔය මිනිස්සුන්ගේ අදහස් කවදාවත් වෙනස් නොවන බවනම් සහතිකයි. මොනවා කළත් කෙරුවත් මෙයාලගේ හිතේ පැසවන්නේ සිංහලයා ගැන වෛරයක් පමණයි. (බ)
ඍජු ප්‍රතිපත්ති තිබෙන නායයකයකුගේ අඩුව තේරෙනවා ඇති කට්ටියට දැන් (අ)
ලබන වසරේ ඡන්දය එන නිසා මහා ඇමතිට දෙමළ ජනතාව මතක් වෙලා වගේ. දැන්ම ප්‍රචාරණේ පටන් අරන් වගේ. ඔය වයසක පොරවල් ජනතාව ඉදිරියේ පොර වෙන්න හැදුවට ජනතාව ප්‍රතික්ෂේප කරලා ඉවරයි. සිංහලයින්ට බෞද්ධයින්ට ලංකාව කොහෙත් එකයි.(අ)
කවුරු මොනවා කිවුවත් මෙයාගේ මේ පන්දමේ එලිය විහිදෙන්න ගත්තේ 2015 ජනවරියෙන් පස්සේ . මෙයාගේ පන්දමට උල්පන්දම් දෙන්න ගත්තෙත් යහපාලනෙන්ම තමා (අ)
ඔබට සතුටුයිද දැන්! (අ)
මේයා අයෙත් රට කන්න තමයි හදන්නේ. (අ)
මේක ගැන වැඩිය හිතන්න එපා මෙයාට කරන්න පුළුවන් දෙයක් නෑ.(හේ)
මේ වගේ වැඩ කරන්න එපා .(හේ)
එතකොට උතුරු නැගෙනහිරෙන් පිට ජීවත්වෙන දෙමළ ජනයා ආයෙත් උතුරු නැගෙනහිරට යනවද? (හේ)
පසුගිය ආණ්ඩුව කාලේ මේ වගේ දේවල් වුනේ නෑ.(හේ)
තිලක් ඩුබායි, පිටිගල මිලානේ, පිටබැද්දර ජයා අදහස් දක්වලා නැහැ නේද (අ)
මොකද මේ වෙන්නේ.(හේ)
නැවත නැගීඑන බෙදුම්වාදය පැරදවීමට හැකි පක්ෂයකට ඉදිරි මැතිවරණයේදී සිංහලයන් ඡන්දය දිය යුතුයි (නි)
මෙවැනි සිද්ධිවල යථාර්ථය තමයි කුමන ජාතිකයෙක් වුවත් ලංකාවේ අධ්‍යාපනය ලබා උගතෙක් වුවත්, බුද්ධියෙන් හීනයෙක් වීම. යුධවාදී අශිෂ්ඨ ආකල්ප වලින් පිරුණු අධර්මිෂ්ට,අධර්මවාදී අය තමයි රටේ වැඩිපුරම බිහිවෙලා තියෙන්නේ. ඇත්ත කිව්වම ආඥානයින්ගේ හිත රිදුනට, ඕක තමයි තිත්ත ඇත්ත (නි)
අලුත් රටක්. ඔබට සතුටුයිද දැන්?(හේ)
ලක්ෂ 62 ඡන්ද දුන්නේ මේවා කරගන්නනේ. සතුටුයි නේද දැන්? (නි)
එතකොට වැල්ලවත්ත, දෙහිවල, රත්මලාන, වත්තල, කොටහේන, ජා ඇල වගේ ප්‍රදේශවල කොච්චර නම් අලුතින් දෙමළ ජනතාව පදිංචි වෙනවද. ඒ ප්‍රදෙස දෙමල නිජබිම්ද? ඉල්ලන් කන්න හදන්න එපා. (හේ)
යහාපාලනේ කෙරුවාව පේනවා නේද? අපි ඔය දේ තමයි කිවුවේ 2014 ඉඳලම. මහින්ද ගෙදර යවලා බලාපොරොත්තු වුණේ මේක තමයි. (නි)
කවුද දන්නේ නැහැ මෙයාව අවුස්සන්නේ රට පෙරළන්න? (නි)
සංහිඳියාව සංහිඳියාව. දකුණේ ඉන්න අයට මොකද මේ උතුරේ ඉන්න සංහිඳියාවාදින්ගේ සැබෑ සංහිඳියාව හඳුනාගන්න මේතරම් අමාරු? (නි)
දැන් එතකොට ඉස්සර යාපනේ හිටපු සිංහල ජනයාට මොකද වුණේ? දැන් හදන්නේ අනිත් අසරණයෝ ටිකත් පන්නා දාලා දෙමළ නිජබිමක් කර ගන්නද? ශ්‍රී ලංකාව කියන්නේ සිංහල දෙමළ කාටත් උරුම රටක්. උතුර කියන්නේ ලංකාවේම කොටසක්. තමිල්නාඩුව නොවෙයිනේ. (නි)
අයියෝ මොකද මේ කට්ටිය කලබලවෙලා? මේකට තමයි සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා කියලා කියන්නේ (නි)
සරලව කිවුවොත් සංහිඳියාවාදින්ගේ ඉල්ලීම් තමයි "මෙහෙ අපිට විතරයි, ඔයාලට මෙහෙ බැහැ. අපිට වෙනම සියලු බලතල අපේ පළාත් වලට ඕනෑ. හැබැයි ඔයාලගේ පළාත්වල අපිටත් සම අයිතිවාසිකම් ඕනෑ, ඔයාලට කියලා කිසි විශේෂයක් බැහැ". ඕක තමයි රටේ ලොකු තැන්වලින් අපිට 'අන්තවාදියෝ'යි කියන උදවිය අපිට කියන සහජීවනේ, සංහිඳියාව. (නි)
අපිට සංහිඳියාව, සහජීවනය ගැන බණ දෙසන ගමන් මෙයාල කරන්නේ එහෙ විරෝධය, ගිනි අවුලවන එක. හැබැයි රටේ ලොකු තැන්වලටත් දකුණේ සිංහල ජනයා තමයි අන්තවාදියෝ. මෙයාලා සැබෑ සහජීවනවාදියෝ, සංහිඳියාවාදියෝ. (නි)
අනේ අද ගෝඨා හිටියා නම් මෙලහකටත් මේ ප්‍රශ්නය විසඳිලා අවසන්. රටට අහිතකර තීරණ ගන්න අයට එරෙහිව කටයුතු කරන්න කොන්ද පණ තිබෙන, රටට, සිංහලයන්ට ආදරේ කරන කෙනෙක් අවශ්‍යයි (නි)
අවසාන ඡන්දෙදි මේ වැඩේට ලක්ෂ 62 ක් කැමතියි. ලක්ෂ 58 ක් විරුද්ධයි. දැන් ඡන්දයක් තිබ්බොත් 85% විරුද්ධයි. (නි)
චම්පික, වැඩිය කතාකරන්න එපා, ජාතිවාදය මතුවෙයි. අපි ජනවාරි 8 ඡන්දෙ දෙද්දී හිතුවේ ඔයාලා මේවා ගැන කතාකරයි කියලනේ (නි)
මෙහෙ ඉන්න දෙමල ජනතාව යාපනේට යවන්නද මූ හදන්නේ (බ)
තව හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුලුවන් (නි)
විමල්ලා මේව කලින් දැනගෙන හැමෝම දැනුවත් කරනකොට මෙතන අදහස් දක්වා අැති සහ නැති ගොඩක් බුද්ධිමතුන් ඔහුට නිර්දය ලෙස පහර දුන්නා. පුලුවන්නම් ඒ බුද්ධිමතුන් මේ ගැන බුද්ධිමත් ලෙස අදහස් දැක්වුවා නම් සමහරවිට විග්නෙශ්වරන්ලා අවනත වෙන්න පුලුවන්. (නි)
එදා වෙනම රටක් වෙනුවෙන් දෙමළ තරුණයෝ පෙළගස්වසපු චෙල්වනායගම්ලා දෙමළ ජනතාවගෙන් බාගයක් විනාශකරන තැනට කටයුතු කළා. යුද්ධය අවසන්වී අවුරුදු 7 යන්නටත් පෙර තවත් කෙනෙක් තවත් විනාශයකට වැඩකරන බව පෙනේ. මේකට දකුණේ ජනතාව බිය වියයුතු නැහැ (නි)
1983 කලබල සිංහල අයද පටන්ගත්තේ? ආමි එකේ 13 දෙනෙක් මැරුවේ සිංහල අය වෙන්න ඇති. දෙමළ අයට දකුණේ ඉන්න පුළුවන් නම් සිංහලයින්ට මොකද උතුර අකැප? (නි)
අමරසිරි, ජාතිය අර්ථකථනය වුණාම ජාතියක් හැටියට ඉන්නේ සිංහලුන් පමණයි. ද්‍රවිඩයින් ජනවර්ගයක් පමණි. ජනවර්ගයක් ජාතියක් වන්නේ ඔවුන් උපන් රටේ පමණකි. (නි)
මෙයාලගේ එකම ඉල්ලීම වෙනම රාජ්‍යයක් වුවත් ඒක නම් ලංකාවේ අන්තිම සිංහලයාගේ හුස්ම ටික තිබෙනතුරු වෙන්නේ නැහැ (නි)
දකුණේත් ඉන්නවා අන්තවාදීන්. ඒ වගේම උතුරේත් ඉන්නවා. දැන් දකුණේත් එකම පක්ෂයේ ඉන්නවා විවිධ මත දරන අය. ඒ වගේ තමයි උතුරේත්. සිංහල ජනයා මෙය තේරුම් ගන්න ඕනෑ. අන්තවාදී නොවන ද්‍රවිඩ නායකයන් ශක්තිමත් කළයුතුයි. අනික තමයි සිංහල මිනිස්සු නැති තැන්වල අලුතින් බුදුපිළිම තියන්නේ ඇයි? ඒක අනවශ්‍ය වැඩක් කියලයි මමත් කියන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කළ මාර්ගයේ යන්නේ නැතුව නිකන් පිළිම තිබුණා කියලා වැඩක් වෙන්නේ නැහැ (නි)
දෙමළ ජනතාව 80 ගණන් වල ආයුධ අතට ගත්තේ සිදුවූ අසාධාරනකම් නිසා නෙමෙයි. ඔවුන්ට අසධාරනකම් සිදුවුණේ ඔවුන්ගේම නායකයා වන ප්‍රභාකරන්ගෙන් පමණි. (නි)
රජය විසින් පසුගිය කාලයේ ගෙන ගිය වැඩපිළිවෙල නිසා උතුරේ ආරක්ෂාව බිඳ වැටී ඇති බවයි හැඟෙන්නේ. ඉතින් තවදුරටත් රාජපක්ෂලාට බැන බැන ඉන්න (නි)
කුමක් හෝ දෙයක් සිදු කළ යුතුයි.(හේ)
එතකොට දකුණේ ජීවත්වන දෙමළ ජනයා? දකුණේ දෙමළ අලුත් පදිංචිවීමත් තහනම් කරනවට මේ අය කැමතිද? දකුණේ කෝවිල් අයින් කරනවට මේ අය කැමතිද? මේ රටේ ඕනෑම තැනක ජීවත්වීමේ අයිතිය තිබිය යුතුයි. සමහරු මේකෙනුත් දේශපාලන වාසි ගන්න හදනවා. (නි)
රජයක් ලෙස රටේ බහුතර ජනතාවගේ කැමැත්ත අනුව තීරණ ගතයුතු වෙනවා. දේශපාලුවන්ගේ හැටි ඔහොම තමයි (නි)
මෙයා ලංකාවට ඉල්ලන්නේ ගඩාෆි, හිට්ලර් වගේ නායකයෙක් වගේ. ඉල්ලන් කන්නද හදන්නේ (නි)
මෙයා හීනෙන් බයවෙලා දොඩවනවා ...(හේ)
ශ්රී ලාංකිකයනි, නැගිටිවු කිව්වානේ. ඔන්න නැගිටිනවා. වරද කොතනද තේරෙන්නේ නැහැ (නි)
අවුරුද්දකට මෙහම නම් ඉදිරිය ගැන හිතාගන්න පුළුවන් (නි)
මේ පුංචි රට ලෝකයට පාවානොදී, ඔබතුමා සිංහල ඉගෙනගෙන සිංහලෙන් කතාකරන්න. එයමයි ඔබතුමන්ලාගේ අයිතිවාසිකම. ජාතියක් හැටියට ඔලිම්පික් එකෙන් පදක්කමක් ගන්න බැහැ. යුද්ධ කරන්න පුළුවන්. දෙමළ කතා කරනවා නම් තමිල්නාඩුවෙන් රටට අවශ්‍ය දේ පමණක් ගේන්න. මේ පුංචි රටේ සංස්කෘතිය රකින්න. එයමයි ඔබගේ අයිතිවාසිකම වන්නේ. (නි)
මේ පුංචි රටේ ඕනෑම පුරවැසියෙකුට ඕනෑම තැනක ජීවත්වීමට, ඕනෑම තැනක ඉඩම් මිලදී ගැනීමට හා විකිණීමට හා ඕනෑම ආගමක් නිදහසේ ඇදහීමට හැකිවිය යුතුයි. (නි)
මේවා අහද්දී අපේ ඇඟේ මාළු නටනවා (නි)
හොඳ හොඳ සෙල්ලම් තව ඉස්සරහට තියෙයි (නි)
මහින්ද එළවාගත් එකේ පළවිපාක තමයි ඔය දැන් විඳින්නේ (නි)
මේ අයට අපි සළකනවා වැඩි...(හේ)
දේශපාලන විසඳුමක ට කලින් මෙසේ නම්, විසඳුමකට පසුව මොවුන් කෙසේ හැසිරෙනු ඇත්ද! (බ)
මෙයා කොළඹ ඉගෙනගෙන දැන් උතුරට ගිහින් එහෙ ඉන්න කොල්ලෝ ටික කුලප්පු කරනවා (නි)
මෙසේ දෙමළ ජනතාවට වෙනම රටක්,පළාතක් සඳහා නැගිටින්නට කියන්නේ උගතෙක් නේද? රජයෙන් විශ්‍රාම වැටුප් ලබන්නෙක්. දේශපාලන බලපෙරේතකම නිසා සිංහලයාගේ අනාගත අයිතිය බිල්ලට දෙන හැම දේශපාලුවෙකුටම, ඔවුන්ට ගැතිකම් දක්වන්නවුන්ට ශාප වේවා. (නි)
මේකාත් වාචාල කතා කරන්නේ හරියට වෙඩි කා මළ හිටපු ඊළාම් කොටි ත්‍රස්තවාදී ප්‍රභාකරන් ගේ අවතාරයක් වගෙයි. වලිගෙ ගිනි ගත් හනුමා වගේ මුළු රටම ගිනි තියන්නද මේ හනුමත් හදන්නේ ? එහෙම වුනොත් මෙයා අවසාන වෙන්නෙත් නන්දිකඩාල් කලපුවේම වෙන්නත් පුළුවන් !!!! (බ)
සංහිඳියාව කියන වචනයේ අර්ථය අවබෝධ කර ගැනීමට නොහැකි වූ ඒ දෙමල ජාතිවාදී නායකයාට ප්‍රභාකරන්ට අත්වූ ඉරණමේ දෙවෙනි කොටස රඟපාන්න හිතිලා වගෙයි. මෙවැනි අන්තවාදීන්ට නිසි පිළිතුරක් දීම ජනාධිපති තුමාට හා අගමැති තුමාට පැවරී ඇති වගකීමක්. (බ)
සෝම හාමුදුරුවෝ එදා කියපු හැමදෙයක්ම අද ඇත්ත වෙලා (නි)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට (නි)
යහපලානේ ඉවුරු තලා යනවා නේද? අනේ අපොයි.(හේ)
දකුණේ පරාජිත දේශපාලකයන් දේශප්‍රේමය මත යැපෙනවා වගේ උතුරේ දේශපාලකයන් ජාතිප්‍රේමය මත යැපීමට ගන්නා උත්සාහයක් මට නම් පෙනෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී නිදහස භුක්තිවිඳින ජනතාව අවස්ථාවාදී දේශපාලකයන් පසුපස යන රටක් වශයෙන් පෙනෙන්නට ඇත (නි)
මට නම් හිනා මේවට (නි)
මට දුක ප්‍රභාකරන් ගැන. 2005දී මේ ආණ්ඩුව බලයට ආවා නම් අද මොනවා වෙලා තියෙයිද? (නි)
වැල්ලවත්තෙන් පටන් අරන් එහෙනම් අපි දෙමළ ජනතාවත් ඔය පැත්තට එවන්නද? (නි)
එතකොට වැල්ලවත්ත? (නි)
හරි ඉතින්, 2009 මැයි ඉවරකරන්න බැරිවුණ ටික දැන්වත් ඉවර කරමු (නි)
මේ පාර ඉක්මන් තීරණයක් ගත්තේ නැත්නම් රට ලොකු විනාශයකට යන්න ඉබේටම පාර කැපෙයි. (නි)
මේ දේශයේ උපන්නා නම් ඒ උපන් හැමට මේ දේශය බාරයි. මැරෙනකම්ම ජීවත්වෙන්න පුළුවන්. මේ රටේ නීතිවලට ගරුකරමින් අනුන්ට කරදරයක් නොකර, අනෙකාටත් උදව් කරගෙන සාමෙන් ජීවත්වෙන්න ඕනෑ. ඇයි මේ සිංහලයින් අයින් කරන්නේ? උතුරේ සිංහල, මුස්ලිම්, දෙමළ හැමෝම පදිංචිවෙලා හිටියා අතීතයේ. මෙයාලගේ මෙවැනි හැසිරීම් මැද්දේ කරන්න තියෙන එකම දේ හමුදාව නැවත උතුරේ දකුණේ ස්ථාපිත කිරීමයි. (නි)
එක හැඩි දෙමළෙක් නිසා සියලුම ද්‍රවිඩ ජනතාවට අපි දොස් නගන්නේ නැහැ. එහෙම හිතන්න අපිට පිස්සුත් නැහැ. නමුත් දෙවියන්වහන්සේ යමෙකුව විනාශ කිරීමට කලින් ඔහුව පිස්සෙක් කරනවා යයි මම කියවා තිබෙනවා. මට හිතෙන හැටියට මොහුට ඒ පිස්සුව තමයි දැනට වැළඳී ඇත්තේ. (බ)
බුද්ධාගම සියලු ලෝවැසියා වෙනුවෙනි. අපි ඒ අනුව හැසිරෙමු (නි)
එහෙනම් රටේ අනෙක් ප්‍රදේශ වල ඉන්න දෙමළ අය යාපනේට එවන්නද. (නි)
මට වචන එන්නේ නැහැ. පුදුම කේන්තියක් හිතට එන්නේ. හිතන්න බලන්න අපේ වීරෝධාර සෙබළුන්ට මොනවා හිතේවිද කියලා. මේකටද අපේ සෙබළුන් ඇස් ඉස් මස් දන් දුන්නේ? (නි)
මහින්ද මහත්තයෝ, ඔබ නැති පාඩුව දැන්නම් අපිට හොඳටම දැනෙනවා. අපිට මේ මොනවද වෙන්නේ? (නි)
මෙවැනි දෑ නැතුව විග්නේශ්වරම් ට දේශපාලන අනාගතයක් නැතුව.හරියට ජයලලිත අම්මණ්ඩි වගේමයි, (බ)
මෙවැනි විෂබීජ වලට හැකි ඉක්මනින් පිළියම් කළයුතුයි. (නි)
සිංහලයිනි නැගිටිව් !!! රට බෙර ගනිව්!!! (ම)
ඇයි සංහිදියාව කියන්නේ පන්සල් ඉවත් කරලා, සිංහල මිනිස්සු ඉවත් කරලා, ආරක්ෂක අංශ ඉවත් කරලා, ඔයාලා විතරක් තියෙන එකද (හේ)
මේ ගමන නම් ඉල්ලන් කන්න වගේ හදන්නේ (නි)
සිංහලයින් නැති තැන මොකටද බුදු පිළිම කියලා සමහරු අහනවා. දෙමළ මිනිසුන් අතරත් බෞද්ධ අය ඉන්නවා. ඒ අයගේ ප්‍රතිශතය වැඩි කරගන්න නම් අපි තව තවත් බුදු පිළිම සහ පන්සල් ඒ පළාත්වල ඇති කරන්න ඕනෑ. නොදන්නා අය මේක තේරුම් ගන්න. ජාතිවාදය පතුරන ගමන් ආගම්වාදයත් පතුරන්න තමයි පවිටු පුද්ගලයන් හදන්නේ. අපේ අයනම් එ්කට කියන්නේ "සංහිඳියාව" කියලා (නි)
උතුරට ගිහින් දකුණේ ඉන්න සිංහල මිනිසුන්ට ජාතිවාදීන් කියා හංවඩු ගසමින් දකුණේ අයට සහජීවනය ගැන කියපු අය මේ ගැන මොනවද දන්නේ නැහැ කියන්නේ (නි)
මේවා කවදාවත් වෙන දේවල්ද? (නි)
ජාතිය අනුව වෙන වෙනම බලය බෙදීම්, නීති රෙගුලාසි බැහැ. එක රටක් විදිහට ඉන්න බැරිනම් මේ අයට වෙන කොහෙන්හරි රටක් හොයාගන්න වෙයි. ජනපතිතුමනි, අගමැතිතුමනි, ඍජු තීරණ ගන්න. සිංහල අපි කැමති සහෝදරත්වයට. වැල්ලවත්තේ දෙමළ අයට ඉන්න පුළුවන් නම් අපිටත් යාපනේ ඉන්නත් පුළුවන් (නි)
මේ ප්‍රශ්නයට දීර්ඝකාලින විසඳුම, හැකිතාක් අන්‍ය ජාතින් උතුර නැගෙනහිර පදිංචි කරවීමයි. ඒ සමඟම දකුණ සමඟ අධිවේගී මාර්ග පද්ධතියකින් උතුර සම්බන්ධ කළයුතුමයි (නි)
යහපාලන ජනතාවනි, ඔබට සතුටුයිද දැන්? (නි)
එහෙනම් කරලා බලන්නකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
තව හරියට එයාලගේ නියම ස්වරූපය එළියට ආවේ නැහැ (නි)
සහජීවනයට බාධාවන අයුරින් ජනතාව පෙළගැස්සවීම, ඒ අනුව ක්‍රියාකිරීම, උද්ඝෝෂණ පැවැත්වීම දඬුවම් ලැබියයුතු වරදකි. පමාවීම පසුතැවිල්ලටද හේතුවේ. (නි)
එළාර ඇවිල්ල අපට දුටුගැමුණු කෙනෙක් ඕනෑ (ම)
ඕකට තමයි කියන්නේ කන්න දුන්නහම ඉහත් හූරාගෙන කනවා කියලා. මෙයාට ඕනෑ දෙමළ ජනතාවගේ සහජීවනය නෙමෙයි වෙනම පාලනයක්. (නි)