(සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී)
රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතාගේ වැටුප් හා දීමනා වැඩි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයෙන් ඉවත් කරන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) පැවැසීය.
කිරිඇල්ල මහතා මෙසේ පැවැසුවේ සභාව ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
පත් කළ මන්ත්‍රී බිමල් රත්නායක මහතා (ජවිපෙ) - ඒ යෝජනාව ඉවත් කරන්නේ ඇයි? හේතුව කියන්න.
සභානායක:- ආණ්ඩුවේ කටයුතු තීරණය කරන්නේ ආණ්ඩුවයි. අවශ්‍යනම් පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කරන්න පුළුවන්.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා:- විගණකාධිපති අද ලොකු වැඩ කොටසක් ඉටුකරන පුද්ගලයෙක්. මෙහෙම කරන්නේ එතුමා අධෛර්යමත් කරන්නද? ඔහු අද ආණ්ඩුවට හිසරදයක් වෙලා. ඒ නිසා මේක පළිගැනීමක් වෙන්න පුළුවන්.
සභානායක:- එහෙම දෙයක් නැහැ.
නි. කතානායක:- පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කරන්න.
විගණකාධිපතිවරයාගේ වැටුප් හා දීමනා වැඩි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ 27 වැනි යෝජනාව වශයෙන් සටහන්වී තිබිණ.
න්‍යාය පත්‍රයේ සඳහන්වී ඇති අන්දමට ඒ යෝජනාව මෙසේය.
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තීරණය - ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව 2015.11.27 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි එච්.එම්. ගාමිණි විජේසිංහ මහතා විගණකාධිපතිවරයා වශයෙන් පත්කර ඇති හෙයින් ද;
විගණකාධිපතිවරයාගේ වැටුප ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 (2) ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තුව විසින් නිශ්චිත කරනු ලැබිය යුතු අතර රජයේ ඒකාබද්ධ අරමුදලට වැය බරක් වන හෙයින්ද;
ජනාධිපතිවරයා විසින් 2017.11.14 වැනි දින ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට අදාළව 2017.12.05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව විගණකාධිපති, එච්.එම්. ගාමිණි විජේසිංහ මහතාට පහත පරිදි වැටුප් හා දීමනා ගෙවීමට අනුමැතිය ලබාදී ඇති හෙයින්ද;
(අ) 2015.11.27 වැනි දින සිට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 6/2006 අනුව ීඛ -4 වැටුප් පරිමාණයේ 08 වැනි වැටුප් පියවරේ පිහිටුවා වැටුප් ගෙවීම හා තනතුරට හිමි අනෙකුත් දීමනා ගෙවීමට;
(ආ) රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 3/2016 අනුව 2016.01.01 වැනි දින සිට වැටුප පරිවර්තන කිරීමේ දී ීඛ -4 වැටුප් ක්‍රමය යටතේ එම චක්‍රලේඛයේ උපදෙස් පරිදි වැටුප් පරිවර්තනය කර ගෙවීමට සහ
(ඇ) එකී වැටුප් පරිමාණයට අදාළ වාර්ෂික වැටුප් වර්ධක ගෙවීමට,
ඊට අනුකූලව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 (2) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපති එච්.එම්. ගාමිණි විජේසිංහ මහතා වෙත ඊජයේ ඒකාබද්ධ අරමුදලට වැය බරක් වන පරිදි ඉහත සඳහන් මාසික වැටුප හා දීමනා ගෙවීම කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව නිශ්චය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවංකව තම රට වෙනුවෙන් සේවය කරන්නේ කිනම් පුද්ගලයාද ඔහුට හෝ ඇයට පහසුකම් සැපයීම හෝ වැටුප් වැඩිකිරීම පිලිබදව බදු මුදල් ගෙවන පුරවැසියන් හැටියට අපගේ කිසිදු විරුද්දත්වයක් නොමැතිබවට කිවයුතුය. එමෙන්ම තමන්ගේ " වපසරිය පිලිබදව පමණක් සිතන්නේ " කිනම් පුද්ගලයාද ??? සමහරවිට ඔහු රට මුල් පුරවැසියඋවත් අප ඔහුට විරුද්ද වන්නෝය. මහජන බදුමුදල් වලින් " කිසිදු ලැජ්ජාවක් හිරිකිතයක් නැතිව පිනටම කකා බිබී ඉන්න දියවන්න ඔයේ සියලුම අම්බරුවන්ට අප මෙසේ පැවසීමට කැමැත්තෙමු ". දැන්වත් තොපි තොපිට අවංක වෙයව් නැත්නම් තොපි සියල්ලොගේම ගමන කෙටිය. විගණකාධිපතිතුමා ගේ ක්‍රියාකලාපයෙන් අපහට ගම්‍ය වන්නේ එම " නිලදාරී මහත්මය " තම රට වෙනුවෙන් අවංකව තම සේවය කරන නිලදරුවෙක් හැටියට බවත් කිව යුතුය.
රජයේ ප්‍රදාන බැංකු 4 ( ලංකා , මහජන, ඉතිරිකිරීම ,අර්යෝජන ) පඩි ඊයේ සිට වැඩි කර තිබේ. ජනවාරි සිට හිග මුදල් අද ගෙවීමට නියමිතය. මසකට පහලම ශේණිය රු.72,000/= (පියන්). ඉහල 1 ශේණිය රු.225,000/= . අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වහාම ගෙවන ලෙස අනුමැතිය ලබා දී ඇත. මේවා ලාබ ලබන ආයතන නිසා රජයේ නියෝග කිරියාත්මක නොවේ.
මම හැමදාම කියනවා වගේ මාගේ මතෘභූමිය විනාශ කලේ මේ දේශපාලකයන්ය....
රට කාලා කාලා විනාස කරන අයට නිකන්ම පඩි වැඩි වෙනවා. රටට අවංකව සේවයක් කරන මිනිහට පඩි වැඩි කරන්න ගියහම අකුල් හෙළනවා. මේක මහා කාලකන්නි රටක්.
මේකට වග කියන්න ඕනේ අපි... මේ වගේ හොර තක්කඩි රැළක් යැව්වට, අනාගතයේ ගොවියන්ගේ, ධීවරයන්ගේ, කම්කරුවන්ගේ, රණවිරුවන්ගේ, ගුරුවරුන්ගේ සහ බුද්ධිමතුන්ගෙන් සැදුණු කොටසකට රටේ පාලනය දිය හැකිනම් වඩා හොඳයි. දැන් වැඩිහරියක් ඉන්නේ බොරු කියන නීතිඥයින් රැලක්, බොරුකියලා තමන්ගේ මඩිය තරකරගන්න ඕනෑම තර්කයක් ඉදිරිපත් කරනවා.
රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම තැනින් තැන නොකර සෑමදෙනාටම එකවර වැටුප් සංශෝධනයක් කිරීම මගින් වැටුප් පිළිබඳ ප්‍රශ්න බොහොමයක් නිරාකරණය කරගත හැකිවේ...
රටට අවංකව සේවයක් කරන රටට අත්‍යාවශ්‍ය සේවාවක් කරන අාණ්ඩුවට හිසරදයක් වූ දේශහිතෙෙශී නිලධාරියෙක් අධෙෙර්යයට පත් කිරීමට සිදු කෙරූ අාණ්ඩුවේ තවත් අමන වැඩක්...
වර්තමාන විගණකාධිපතිතුමා අවංක, කාර්යක්ෂම, දක්ෂ නිලධාරියෙකි. එතුමාගේ වැටුප වැඩිකිරීමේ යෝජනාව ඉවත් කිරීම මේ යහපාලන ආණ්ඩුව නොකළයුතු දෙයකි. යහපාලන ආණ්ඩුව නිකරුනේ මහජනයාගෙන් අවලාද ලැබීමට හා විපක්ෂයට වාසි සිදුවන මෝඩ තීරණයකි. වහාම තවත් යෝජනාවක් ගෙනවිත් විගණකාධිපති වැටුප මීටත් වඩා වැඩි කළ යුතුයි. එය වියදමකට වඩා රටට කරන ආයෝජනයකි.