(දයාසිලි ලියනගේ)
මසකට රුපියල් ලක්ෂ 10ක පදනම යටතේ වාහනයක් කුලියට ගැනීම ප්‍රතික්ෂේප කළ විගණකාධිපති චාලාන්ත වික්‍රමරත්න මහතා ආයතනයේ තිබි පරණ වාහනයක් සිය රාජකාරී සඳහා යොදා ගනිමින් සියලු රාජ්‍ය සේවකයනට ආදර්ශනයක් දුන්නේය.
රාජකාරි කටයුතු සඳහා පාවිච්චි කිරීමට රුපියල් ලක්ෂ 10ක කුලී පදනම මත වාහනයක් ගැනීමට මුදල් අමාත්‍යංශය පවා අනුමැතිය ලබා දි තිබුණි.
රට අසීරුතාවට පත්ව සිටින මොහොතක රජයේ නිලධාරීන් ආදර්ශයක් දිය යුතු බව ප්‍රකාශ කර ඇති විගණකාධිපතිවරයා එම දෙපාර්තමේන්තුවේ ඇති පාවිච්චි කළ පරණ වාහනයක් තම රාජකාරී කටයුතු සඳහා යොදා ගෙන තිබෙන බව වාර්තා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගල කරන දරුවනේ, ස්තුතියි...! .
බදු නැතුව වාහන ගන්න දුන්නු පර්මිට් වලින් ගත්තු තමන්ගේම වාහනයක ආවා නම් හරිනේ... ලෝකෙට පේන්න ශෝ දාන්නේ නැතුව සත්‍ය වශයෙන්ම ආදරේ නම් බදු නැතුව ගත්තු වාහනවල එන්න. ඉන්ධන දීමනාවත් ආපහු දීලා තමන්ගේ අතින් ඉන්ධන ගහලා...
ඉතාමත් අගය කළයුතු ක්‍රියාවක්... ඇත්තටම මම දැකලා තියෙනවා ඔය කියපු ක්‍රමයට වාහනයක් ගත් නිලධාරිනියක් තමන්ගේ ආයතනයේ සංචිත වාහනයක් තමා යටතේ සිටින කෙනෙකු නමට වෙන්කර ගෙන, එම නිලධාරින් සමග තමන්ගේ රාජකාරි සඳහා යනවා.. නමුත් මාසය අන්තිමේ ගතමනාවත් ගන්නවා. වසර පහකට වරක් බලපත්‍රය ගන්නවා. බලපත්‍ර වාහනය දෙන්නේ මොන කෙන්ගෙඩියකටද? අනාගත රජයක් යටතේ මෙම පහසුකම් සියල්ලම නතරකළ යුතුයි.
ආදර්ශමත් රාජ්‍ය සේවකයාණෙනි, ඔබට මගේ ප්‍රණාමය. වැඩිපුරම දූෂණ, වංචා සිදුවෙන්නේ රාජ්‍ය ආයතනවල රාජ්‍ය නිලධාරින්ගෙන්... දේශපාලකයින් ගෙදර යවලා විතරක් මේ ප්‍රශ්නය විසඳන්නේ නැහැ. සියලුම රාජ්‍ය ආයතනද සුද්ද කළයුතුයි. මුලින්ම ශ්‍රී ලංකා රේගුව සුද්ද කළ යුතුයි. ආනයන කරන බඩුවල මිල 50%කින් පමණ පහළ දැමිය හැකි මේ ආයතනය ආනයනය කරුවන්ගෙන් ලබාගන්නා අල්ලස් නැවත්තුවෝතින්...
හොඳ ප්‍රවණතාවයක්, දැන් බලමු අනිත් අය කොහොමද කියලා..?
අපේ අනික් රාජ්‍ය අමාත්‍යාංශවල සිටින නිලධාරියොයි, මන්ත්‍රීවරුයි, ඇමැතිවරුයි, ඒ ගොල්ලන්ගේ භාර්යාවොයි මෙතුමාව ආදර්ශයට ගත්තොත් හොඳයි.
රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩගැනීමට ඔබතුමාවන් දේශහිතෛෂී ලක්පුතුන් ඉමහත් වාසනාවක්... ලබාදුන් වටිනා උසස් ආදර්ශයට අනේක වාරයක් ස්තුතියි.
අපේ ආචාරය සර්...!
මාධ්‍යය ඉස්සරහට ඇවිත් හතර අතට බනිමින්.., කටින් රට දියුණු කරන රාජ්‍ය සේවකයින්ට හොඳ ආදර්ශයක්...
ඉතා හොඳ ආදර්ශයක්. ඔබතුමාට වුවත් මසකට ලක්ෂ 10 ක් ගෙවා වාහනයක් බදුගන්නවයි කියන එක ඉතාමත් අසාධාරණයක්... මෙවැනි දේවල් අනුමත කිරීම තුළින් රජයේ වියදම් කොතරම් වැඩිවෙනවාද? මහ පොළවේ පය තියන දේශපාලකයින් සහ නිලධාරි පැලැන්තියක් ඇතිවේවා...! පෙන්වා ඇති ආදර්ශය දිගටම පවත්වාගෙන යන්න. සියලු රට වැසියන් ඔබව අගය කරනු ඇත.
මේක ආදර්ශයක් වෙන්නේ කොහොමද? කරන්න ඕනෑ තමන්ට පවරලා තියන රාජකාරිය හරියට කරන ඵක. ඵ්ක නොකර පයින් ගියත් වැඩක් නෑ...
ඊට වැඩිය හොඳ නැතිද..? ඔහුට මාස්පතා දීමනාවක් දීලා කැමැති වාහනයක් මිලදී ගන්නට කීම. පුද්ගලික අංශය කරන විදිහට... ඒක රටට ලාබයි. වාහනය නිලධාරියාට අයිතිය...!
දැන් එළියට බැහැලා සිංදු කියන හිටපු විගණකාධිපතිතුමත් මෙවැනි ආදර්ශ දීලාද දන්නේ නෑ රාජකාරි කළේ...? නැත්නම් ඉන්නකොට පුළුවන් තරම් කාලා දැන් සිංදු කියනවාද දන්නේ නෑ. ගොඩක් අය එහෙමනේ...!
අවුරුදු 5න් 5ට පර්මිට් ඉල්ලන ඩොකාලයි, පර්මිට් එකෙන් ගන්න වාහනේ ආයෙමත් ආයතනයට රෙන්ට් කරලා තමන්ම දුවන CEB ඉංජිනේරුවොයි, අවුරුදු 5-5 පර්මිට් අරගෙන ඒවා විකුණන අනිකුත් රාජ්‍ය නිලධාරිනුයි, මේ රට ණයවෙලා හරි තමන්ට වාහන පර්මිට් ඉල්ලන අනිත් ලොක්කොයි, ඒවා විකුණගෙන කන 225 හොරුත් එක්ක ඩීල්දාගෙන අවසර ගත්තු සේවක සංගමුයි, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට ලැබෙන පර්මිට් එක විකුණලා අමාත්‍යාංශයට අලුතින් වාහනයක් අරගෙන ඒකේ සැපගන්න ඇමති හොරුයි ඉන්නකල් මේ රට හදනවා බොරු... මෙතුමාට ගොඩක් පින් සහ මේ වගේ තීරණයක් ගැනීම ගැන අපගේ ආචාරය...!!!
විශිෂ්ඨයි...!
අන්න මිනිස්සු...! ජනාධිපතිවරයා ළංකළ යුත්තේ මෙවැනි විශිෂ්ට රාජ්‍ය නිලධාරීන් මිස කාබාසිනියාකාරයින් නොවේ. ස්තුතියි මැතිතුමනි.., ඔබතුමා නියම ආදර්ශවත් නිලධාරියෙකි. රාජ්‍ය සේවයට පමණක් නොවේ, පුද්ගලික අංශයේ ආයතනවලටත්....!
ඔය කුලියට ගන්න යන වාහනය තියෙනවා නේද? අනිවාර්යෙන්ම ඕක දේශපාලන හෙන්චයියන් ගේ වාහනයක්.
දන්නා තරමින්, ඕනෑම රාජ්‍යයක් තුළ විගණකාධිපති තනතුර, අනිකුත් සියලු දෙනාට ඉහළින් සිටිනවා... ඔහුට ඉහළින් සිටින රාජ්‍ය පාලනයේ සිටින්නේ ජනාධිපතිවරයා පමණකි. විගණකාධිපතිගේ මෙම ක්‍රියාව අනිකුත් බත් බැලයින්ට උතුම් ආදර්ශයක් වේවා...!
මේ ගෞරවනීය පුද්ගලයාට අපගේ ආචාරය... අපේ රට වර්තමානයේ මුහුණ දී ඇති ගැටලුවලින් නිදහස් වෙන්න මෙතුමාව අනුගමනය කළ යුතුයි.
මාසෙකට ලක්ෂ 10ක් වියදම් කරලා මෙතුමාට දෙන වාහනය මොකක්ද දන්නේ නැහැ. ලීටරෙන් කි.මී. 20-22ක් කරන, ටොයෝටා කොරොල්ලා හයිබ්‍රිඩ් එකක් නම් වෙන්න බැහැ. ඩොලර් හිඟාකෑවත්, කන්න නැතත් රාජ්‍ය සේවකයින්ට බී.එම්.ඩබ්., ලෑන්ඩ් කෘෘසර් ඕනේ රටක් මේක...!
මසකට ලක්‍ෂ දහයක කුලී පදනම මත පෞද්ගලික අංශය වාහන ගන්නෙත් නැහැ. මෙලහකට මේ විදියට බලවතෙක්ගේ වාහනයක් දාලා බලවතා ඕකෙන්ම ෆිනෑන්ස් එකත් ගෙවපුවාම වාහනය ඔහුටම කවදා හෝ අයිති වෙනවා...!
එතුමා මේක ප්‍රතික්ෂේප කරපු එක හරි... ඒත් මේකට අනුමැතිය දුන්නු මුදල් අමාත්‍යාංශ ලොක්කා කවුද බලන්න ආසයි.
ඔබතුමා රටට වටිනා ආදර්ශයක් සහ ආරම්භයක් හඳුන්වා දුන්නා. ඊළඟ මැතිවරයේදී ගතවූ අවුරුදු 45ක් රට විනාශ කළ ප්‍රධාන පක්ෂවල් පරාජය කරලා ඔබතුමා ප්‍රමුඛ ජනතාවාදී ආණ්ඩුවක් පත් කරගනිමු...
ශ්‍රේෂ්ඨයි...!
බොහෝම හොඳයි, මේවාගේ පිංවත් දරුවන් කලාතුරකින් දකින්න පුළුවන්... බුදු පසේබුදු මහරහතන් වහන්සේලාගේ පිහිට නිරතුරුව ලැබේවා පතමි..
බොහෝම කලාතුරකින් බිහිවෙන නිලධාරියෙක්... මාගේ ප්‍රශංසාව ඔබට. බොහෝ කාලයක් සේවයේ ඉන්න.
සර්, ඔබට මාගේ ප්‍රණාමය...!
විජේසිංහ උන්නැහේට වඩා හුඟාක් ඉහළින් ඉන්න මහත්තයෙක් බවයි පේන්නේ...!
ඔබවැනි රාජ්‍ය නිලධාරියෙක් මෙරට සිටීම පවා සමස්ථ ශ්‍රි ලංකික ජනතාවටම ආඩම්බරයකි... විගණකාධිපතිතුමනි, මෙම පුවතට කිසිඳු ලාංකිකයෙක් මෙතෙක් ප්‍රශංසාවක් පලකිරිමට ප්‍රමාදවිම ගැන මා ඔබතුමාගෙන් ජනතාව වෙනුවෙන් සමාව අයැදිමි.
ඒකට අර කයිවාරුකාර ගාමිණී විජේසිංහ, රට හදන්න පොර ටෝක් දෙන ගමන් නිලවාහනේ තියෙද්දී මාසෙකට ලක්ෂ පහමාර ගානේ තවත් වාහනයක් රජයේ මුදලින් කුලියට ගත්තේ...!
මාගේ ප්‍රණාමය...!!!
එතකොට විගණකාධිපති ඉල්ලන් නැතුවද දන්නෑ කුලියට වාහනයක් ගන්න මුදල් අමාත්‍යංශය දැන්වීම් දැම්මේ...
සර් ඔබට මගේ ආචාරය...!
හිස්වැසුම් ගලවා ආචාර කරමි...
ඔබතුමා වගේ අයට තමයි දෙවිවරු කියන්නේ...!
ඔබවැනි රාජ්‍ය නිලධාරියෙක් මෙරට සිටීම පවා සමස්ථ ශ්‍රි ලංකික ජනතාවටම ආඩම්බරයකි.
මෙවැනි ආදර්ශමත් තීරණ ගැනීම මේ රට අගාධයට වැටෙන්න ඉස්සර ගත්තා නම් ඉතාමත් ශ්‍රේෂ්ඨයි. එසේවුවත් ඔබේ ආදර්ශමත් ක්‍රියාව රටටම ආදර්ශයක්...
හොඳ මහත්මයෙක්...
ස්තූතියි මහත්මයා... ඔබතුමා වැනි රාජ්‍ය නිලධාරීන් රටට වාසනාවක්...
ජවිපෙ එදා රටට දුන් ආදර්ශ ඉදිරියට ගෙන යෑමක්.. විය යුත්තේ එයයි.
වාසනාවට රත්නපුර විතරක් නෙවෙයි, කොහෙත් නිල්මැණික් මතුවෙනවා. ඔපදාලා ගත්තොත් අපි ගොඩ.
දූෂිතයින්, වංචනිකයින්ගෙන් පිරි රටක, ඔබවැනි නිලධාරින්ද සිටීම වාසනාවන්...!
මේ වගේ රත්තරං ලංකා පුත්‍රයින් දහස් ගාණක් ලක්මවට ලැබෙන්න ඕනෑ. බුදු සරණයි...!!!
ලංකාවේ හැම ආයතනයකම කරන්න ඕනෑ. සිරිමාවෝ මැතිණියගේ කාලේ තිබුණු ශ්‍රී ටැක්ස් එක ගහන්න ඕනෑ. ටෙන් මිලියන් ඉඳලා ටැක්ස් ගහන්න ඕනෑ. ඒක ගොඩක් දේවල්වලට විසඳුමක් වෙනවා. බලමු කරයිද කියලා...!
සියලුම රාජ්‍ය නිලධාරින්ට ඉතා අගනා වූ ආදර්ශයක්...!
හොඳ සැබෑ දේශ හිතෛෂී මහත්මයෙක්... ජයවේවා.! ඔබ රටට හොඳ ආදර්ශයක්...!
සර් ඔබට මගේ ආචාරය... ඔබ අනික් අයට හොඳ උදාහරණයක්...
ජයවේවා ශ්‍රී ලංකා !!!!!........
දෙවිපිහිටයි...!
විශිෂ්ඨයි...!