ශ්‍රී ලංකාවේ වගා කළ හැකි ආහාර වර්ග 34ක් වසර තුනකින් පසුව ආනයනය නොකරන බවත් ආනයන ආදේශයට රට වැසියන් හුරුපුරුදු විය යුතු බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20) කීවේය. දේශීය ආහාර නිෂ්පාදනය වැඩසටහන් සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවති රැස්වීමේ දී ජනාධිපතිවරයා කියා සිටියේ රටේ ස්වයංපෝෂිත ආර්ථිකයක් ඇති කිරීම මේ වැඩසටහනේ අරමුණ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනපතිතුමනි අපේ ප්‍රණාමය. මම ඉන්නේ පිටරටක. ලංකාවට ආපසු එන්න හිතාගෙන ඉන්නේ. ඇවිත් මොනවා කරන්නද. වගාවට ඉඩම් දෙනවා නම් කොච්චර හොඳද. ඉඩම් අරගෙන වවන්න සල්ලි මදි. 99 අවුරුදු බදුවලට මටත් ඉඩමක් දෙන්නකෝ. රටට වැඩක් කරලා පෙන්වන්න. (නදී)
ආඩම්බරයි ඔබ ගැන.ජය වේවා (ම)
ඉතා කාලෝචිත හා රටට වටිනා තීරණයක්. ඔබට ජයවේවා.(ම)
ගැටළු ඇතිවෙයි ඒත් කවද හරි ගත යුතු නිවැරදි තීරණයක් (ම)
රටේ ස්වයංපෝෂිත ආර්ථිකයක් ඇති කිරීමට කෘෂිකර්මාන්තයට ප්‍රධාන තැනක් හිමි කරලා දෙන්න.(ම)
අපිට හොද පසක් තියෙනවා.වැඩ කරන්න දක්ෂ හොඳ ගොවියන් පිරිසක් ඉන්නවා.උපදෙස් දෙන්න හොද කෘෂි උප දේෂකයන් පිරිසක් ඉන්නවා.රජයෙන් හොඳ ලෝක වෙළඳ පොලක් ඇති කරන්න.(ම)
සංකල්පය හොදයි.. ක්‍රියාත්මක කරන්න වැඩි කාලයක් ගන්න නැතුව.(ම)
ඉතා කාලෝචිත හා රටට වටිනා තීරණයක්. ඔබට ජයවේවා ඔන්න රටට ආදරය කරන මිනිස්සු. ඔබට ජයවේවා!(ම)
ඇපල් සුනිල්ට අවුලක් නැහැ.(නදී)
අදහස නම් ඉතා හොඳයි. උනාට කෘමි නාශක, වල්නාශක බාවිතා කරලා තවත වස විස එකතු වෙයි. (නදී)එ
කළුතර ගාල්ල රත්නපුර දිස්ත්‍රික්කවල ගොඩක් වගාකළ හැකි බිම් තිබෙනවා වගා නොකර අතහැරලා හරි කළමණාකාරිත්වයක් තිබෙනවා නම් නිසි ප්‍රතිපල ගන්න පුළුවන් මේවා තමයි රටේ සල්ලි.(ම)
අන්න හොඳ තීරණයක්. රටට ආදරේ නම් මුලින්ම දේශීය වශයෙන් වගාකළ හැකි බෝග වර්ග නිපදවන්න ඕනේ.(නදී)
ඔන්න රටට ආදරය කරන මිනිස්සු. ඔබට ජයවේවා! (නි)
හොඳ අදහසක්. නමුත් මැතිණියගේ කාලයේ වගේ මිනිසුන්ට ආණ්ඩුව එපාවෙන වැඩක් නොවිය යුතුයි (නි)
මේක හොද වැඩක්, එ්ක නිසා අවුරුද්දක්කට පසුව මේ දේ කරානම් බොහොම හොඳයි. ඒ වගේම ගොවීන්ට පශු අස්වනු තාක්ෂනය ගැන දැනුවත් කිරීම අතිශයින්ම වැදගත් කරුණක්. එතකොට මේ වැඩේ සාර්ථකව කරගන්න පුළුවන්, මේ සඳහා ආහාර විද්‍යා උපාදීධාරින්ව යොදා ගන්න. අද මේ වනවිට මෙම විෂය හදරූ උපාධිධාරීන් අපේ රටේ නැහැ. ඔවුන් උපාදිය ලබාගත් සැනින්ම පිටරටවල සේවයට යනවා. අපේ රටට ඔවුන් ගැන අවදානයක් යොමුකර නැති බැවින් ,ලෝකයේ අහාර නිෂ්පාදනය කරන ප්‍රදානපෙලේ සමාගම් ඔවුන්ට වැඩි අවදානයක යොමුකර ඉහල වැටපුක් ලබාදෙන නිසත්ම ඔවුන් බහුජාතික සමාගම්වලට සේවය සලසනවා. අද ඔස්ට්‍රේලියාව, නවසීලන්තය,සහ මැදපෙරදිග රටවලට ඔවුන් දැනුම සපයනවා.අලුත් නිෂ්පාදන හදුනවාදී , අපේ ලංකාවටම ඔවුන්ගේ වෙලද නයමයනේගෙන්ම ආපසු එවනවා.සැබවින්ම ඔවුනට නිසි දනුම සහ උපාදිය පිරිනැමුවේ ශ්‍රී ලංකවේ නිදහස් අද්ධියාපනයෙනි .ඔවුන්ට වියදම් කරේ අපේ දුපත් ජනතාවගේ මුදල්ය.එබැවින් ඔවුන්ගේ දායකත්වය අපේ රටේ අහාර කර්මාන්තයට ලබගතයුය. එමෙන්ම ආහාර වල සුරක්ෂිත තාවයට සහ අලුත් නිෂ්පාදන වෙළද පොලට යොමුකිරීමට ඔවුන්ගේ දැනුම යොදාගැනීම කාලෝචිත ක්‍රියාවක් වන්නේය.
ජනපතිතුමනි, අපේ දෙමාපියන් නැතුව අසරණ වෙන දරුවන් වෙනුවෙනුත්, දරුවන් නොමැතිව අසරණ වෙන දෙමාපියන් වෙනුවෙනුත් මාසිකව දීමනාවක් ගෙවන්න. ඊට අමතරව මහා පරිමාණ වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර කන්ඩ මුදල් සොයා ගැනීමට නොහැකි අයවලුන් අතරේ මේ ආහාර නොමිලයේ බෙදාදෙන්න. මෙය රජයකට එතරම් බරක් නොවේ. ඒ වගේම දැනට පිළිකා රෝග පරීක්ෂාව සදහා අවශ්‍ය සි ටි ස්කෑන් යන්ත්‍ර මිලදී ගෙන අවශ්‍ය රෝහල් අතර බෙදා දෙන්න. අපේ මහරජාණන්ට දවසකට වෙන් කර ගත්ත මුදල් දැන් ඉතුරුනේ. ඔබයි අපේ සැබෑ ජනපති. තෙරුවන් සරණයි(ම)
කාලෙකින් හිතට සතුටක් දැනුනා (නදී)
ඔබ සැබෑම ගොවිරාල කෙනෙක් බව මම දුටුවේ අතීතයේ ඔබ ගෙවත්තේ බැස තිබු යෝධ මයියොක්කා අල පිලිබඳ පුවත්පතක දැකලා.(නදී)
ඔබතුමා සැබෑ දක්ෂයෙක් (නි)
සහල් වගේම අලවලින් බඩ ඉරිගුවලින් ස්වයංපෝෂිත වැඩ සටහනක් පසුගිය රජයෙන් සාර්ථකව ක්‍රියාත්මක කළා ඒකත් දිගටම ගෙනියන්න.(ම)
නිදහස් වෙළඳපොළ හා බලහත්කාර පරිභෝජනය නොගැලපේ (නදී)