‘පක්ෂ බේදය අවසන් කරලා ජනපති හා අගමැති මේ ගමන යන්න තීරණය කිරීම ඵෙතිහාසික අවස්ථාවක්. කවුරු උඩුබිරුලුවත් තමන්ගේ අවස්ථා අහිමිවූ වෘක්කයින් වියරුවී කෑගැහුවත් ඒ වෘකයින්ට දඩයම් හොයාදෙන සිඟාලයෝ මොන ආකාරයට හූ හඬ තැබුවත් මේ අපේ ගමන යනවා‘ යැයි මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (4) බණ්ඩාරගමදී පැවසීය.
‘අපිට මතකයි එදා මේ රටට අලුත් යුගයක් ගොඩනගා ගැනීමට වෘත්තීය මට්ටමේ මිනිසුන්ගේ රටක් ගොඩනගා ගැනීමට අපි කැපවුණා. අපිට ජනවරමක් ලැබුණා. ඒක සමහරුන්ට ඔරොත්තුදෙන්නේ නෑ. ‘ යැයිද ඇමැතිවරයා කීය.
බණ්ඩාරගම තෙමහල් පොදු වෙළඳ සංකීර්ණයේ පළමු අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් රණවක මහතා එසේ කීවේය. නියෝජ්‍ය ඇමැති අජිත් පී.පෙරේරා මහතාද එම අවස්ථාව එක්විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුට වැඩි කමට. සමහරු දිවුරුම් දෙන්නත් ලෑස්ති ආණ්ඩුව පෙරලෙයි. (අ)
ගමන ගියාට කමක් නැහැ පාර අවහිර නොකර. මිනිස්සු යට කරන්නේ නැතුව. (අ)
දැන් රටට පුදුම සෞභාග්‍යයක් උදා වෙලා තියෙන්නේ පහු ගිය දිනවල ඉහිං කනින් බේරුනා (බ)
මෙතුමා කොහොම යතත් අපේ ජෝන් මැතිතුමා නම් අරඹපු ගමන බාදක මැඩගෙන ගිහිල්ල පෙන්නුවා. (බ)
ඔබතුමා සමහර වෙලාවට පිස්සු වැඩ කරනවා (බ)
ඔය කියන්නේ මොටෝ සයිකලේ යන කොල්ලන්ටද? (අ)
මෙයාලා රට හැදීම කෙසේවෙතත් රට නැත්තටම නැතිකරයි කියලා නම් හිතෙනවා (නි)
අනේ මම විතරක් හා පැටිය. හංස සුදා. කිරි බිංදුව. එකම පුංචි සිහිනයයි තියෙන්නේ, කවදාහරි, කොහොමහරි, ඔක්කොම පාවාදීලා හරි ජනාධිපති වෙන්න (අ)
ජනාධිපති වුණදාට මම පෙන්වන්නම් හිට්ලර් කව්ද මම කව්ද කියල. මගේ වචන වලින් ක්‍රියාවලින් දැනටමත් මාව කව්ද කියල පේනවනේ (අ)
අනේ සෝම හාමුදුරුවනේ .... ඔබ වහන්සේ වැඩිය මග ඔස්සේ යන බවට ප්‍රතිඥා දීපු අය දැන් කොහේ ද යන්නේ අපේ හාමුදුරුවනේ....(බ)
2020 අපේ රටේ ජනාධිපති වන්න හිතන ඇමති නේද මේ (බ)
අනේ මෙයාගේ කත්වල් අපිට එපා වෙලා දැන් (හේ)
ඔක්කොම කියන්නේ මෙගා බයිලා. (හේ)
ඔබතුමාට ජය සහ ශක්තිය ලැබේවා .! (ර)
අවංක දක්ෂ ඉංජිනේරු මහත්තයෙක් ....එඩිතර දේශපාලකයෙක් ...ජයවෙන්නම ඕනේ ... (ම)
ලාංකික දේශපාලන ශබ්දකෝෂයට තවත් සතුන් දෙදෙනෙක් එක්කල වගයි. (ර)
වචන ටික බර වැඩියි නේද?(හේ)
අපිට ඇති අභියෝග ජයගමු. (ර)
ගමන නොනැවතිය යුතුය කොපමණ බාධක ආවත්. (ර)
ඇත්ත නේන්නම් ජන .8 නව යුගයක් උදාවෙලා ජනතාවට දැන් කිරියෙන් පැණියෙන් ඉතිරෙනවා ....(බ)
අනේ මන් දන්නෙ නෑ සතුන්ගේ නම්මයි කියන්නේ. (ර)
ඇමති තුමා යන ගමනක් බලාගෙන යන්න පාරෙ ඉන්න මිනිස්සු යට නොකර (අ)
පුදුම ජනප්‍රියත්වයක්නේ මෙයාලට තියෙන්නේ..? (නි)
ඔවු ඔවු පාරේ යන තරුණයන්වත් යට කරගෙන ගමන යන බව අපටත් පේනවා. (බ)
ඔච්චර කෑගහද්දී අපමණ අමාරුවෙන් දැන් කොහාටද ඔය ගමන යන්නේ ? (බ)