ගනුදෙනුකරුවන්ගේ වාහනවලට ඉන්ධන පිරවුම්හල්වල ඕනෑම පොම්පයකින් ඉන්ධන ලබාගත හැකි වන පරිද්දෙන් සිය සියලු සේවා මධ්‍යස්ථානවල ඉන්ධන බට දික් කිරීමට කටාර් ෆුවල් වොකෝද් සමාගම කටයුතු යොදා තිබේ.
“වාහන නිෂ්පාදකයන් සාමාන්‍යයෙන් ඉන්ධන ටැංකිය වසන පියන සවි කරන්නේ වාහනයේ එක් පැත්තකින්. ඉතිං ඉන්ධන ලබාගැනීමේ දී පොම්පයේ නියමිත පැත්ත තෝරාගැනීමට ගනුදෙනුකරුවන්ට සිදුවෙනවා. දැන් වොකෝද් ඉන්ධන පිරවුම්හල්වල දිගු ඉන්ධන බට සවි කර ඇති නිසා ඉන්ධන ටැංකියේ පියන මොන පැත්තකින් තිබුණත් ඕනෑම ඉන්ධන පොම්පයකින් වාහනයකට ඉන්ධන නිකුත් කිරීමට අපට හැකියාව ලැබෙනවා” වොකෝද් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉංජිනේරු ඊබ්‍රාහිම් අල් කුවාරි පවසයි.
“මේ නිසා ගනුදෙනුකරුවන්ට අපේ පිරවුම්හල්වලින් ඉතාමත් ඉක්මනින් ඉන්ධන ලබාගැනීමට පුළුවන්. එහි ප්‍රතිඵලයක් ලෙසින් ඉන්ධන ලබාගැනීම සඳහා බලා සිටීමට සිදුවන කාලය අඩු වෙනවා”


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd