පසුගිය 8 වැනිදා රාත්‍රියේ තෙල්දෙණිය, මොරගහමුලදී නැගෙනහිර පළාත් සෞඛ්‍ය අමාත්‍ය හසන් අලි මහතාගේ සම්බන්ධීකරණ ලේකම් ජබාර් අලි මහතා සමග ඉබ්‍රාහිම් ලෙබ්බේ නජීඩ්, මොහොමඩ් අස්තාර්, අබ්දුල් අසීස් හා මොහොමඩ් හිල්මි රැගත් කැබ් රිය වික්ටෝරියා ජලාශයට වැටීමෙන් පසු දියේ ගිලෙන්නට ගිය පිරිස බේරා ගැනීමට මොරගහමුල බෞද්ධ මධ්‍යස්ථානාධිපති ගංගොඩ ඤාණිස්සර හිමියෝ (33), වෑගල පදිංචි ශ්‍රීධරන් ඉන්ද්‍රජිත් (22) සහ පියදි ගමගේ ප්‍රදීප් (42) යන අය සමත්වූ බව පොලිසිය කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමදුරුවනේ ගොඩක් පින්.! මෙම සිද්ධිය පහුගිය ටිකේ සිදුවූ රිය අනතුරු පෙලේ අවසානය වේවා.! (ර)
අනේ කරුණ කරලා මේක සිංහලකම කියන්ඩ එපා..මේක මිනිස්කම කියල කියන්ඩ.එකයි වටින්නේ... (ස)
හොඳ වැඩක් වීරයෝ තුන් දෙනෙක්. අනෙක් අයගේ ජීවිත බේරාගැනීම යහපතක් බව සෑම ආගමකම උගන්වනවා. මේක තමයි අපේ ශ්‍රී ලංකාවේ එකමුතුකම (බ)
ගොඩක් සතුටුයි. තමන්ගේ ජීවිතේ පරදුවට තියල අනික් අයගේ ජීවිත බේරන්න ඉදිරිපත් වීම අභීත මෙන්ම උතුම් ක්‍රියාවක්. මේවගේ උදව් කරන්න ගිහින් සමහර අයගේ ජීවිත පවා නැති වෙලා තියනව. නිරෝගී දිගාසිරි වේවා!!! (ස)
මේක තමා මනුස්සකම කියන්නේ. මැරෙන්න යනකොට ඒ කෙනා සිංහලද මුස්ලිම්ද කියන එක නෙවේ වැදගත්. ජීවිතයයි වැදගත්. ඔබ සැමට පිං. (බ)
අපේ හාමුදුරුවන්ටත් එයට සහභාගි වුණු අනෙකුත් පින්වතුන් දෙදෙනාටත් නිරෝගී සුවය දිර්ගායුෂ ප්‍රාර්ථනය කරනවා. (බ)
බොහොම පිං.....මේ තිදෙනාටත් ඔවුන්ගේ පවුලේ උදවියටත් ස්වර්ගය ලැබේවායි ප්‍රාර්ථනා කරමු (බ)
මං දැක්ක ඔය අනතුර වෙලා තියෙනව. හැබැයි මෙහෙම දෙයක් නම් දන්නෙ නෑ. මේ ස්වාමීන් වහන්සේ ඇතුලු අනෙක් දෙදෙනා කරල තියෙන්න්නේ ගොඩාක් ලොකු පිනක්. මෙහෙම බේරගත්තෙ නැත්තන් මේ තුන්දෙනා අනිවාර්‍යයෙන්ම මිය යනවා. (බ)
අපි හැමෝම මේ ලෝකෙට එන්නේ මනුස්සයෝ හැටියට. නමුත් ඊට පස්සේ බෙදෙන්න පුළුවන් හැම පැත්තකින්ම බෙදෙනවා. අන්තවාදි වෙන්නෙත් සබැ මනුස්සය වෙන්නෙත් අපිමයි. මෙන්න සබැ මනුස්සකමට උදාහරණ. හාමුදුරුවනේ, ඔබට සහ ශ්‍රී ලංකික සහෝදරවරු දෙන්නට දිගයු වේවා.! (ර)
බොහොම පිං ඇති ක්‍රියාවක්. රටේ සියලු දෙනාම එකාමෙන් රටේ සමගියෙන් ජීවත් වෙන්න ඕන. (ර)
ඔබ සැමට පිං.! ගමටත් ආඩම්බරයක්. (ර)
ඔබතුමන්ලාට පින්! (නි)
මොනතරම් උතුම් දෙයක්ද? (නි)
අපේ හාමුදුරුවන්ට නිවන් අවබෝධ කරගන්න මේ පිනත් අනුමෝදන් වෙත්වා! පින් හාමුදුරුවනේ ඔබ වහන්සේට. (නි)
උතුම් ක්‍රියාවක් අපේ හාමුදුරුවනේ (නි)
ඔබට පිං හාමදුරුවනේ.! (ර)
මෙන්න ජාතික සංහිදියාව සහ මිනිස් කම (දිල්)
ඔවුන් වෙනුවෙන් ත්‍යාගයක් වැනි දෙයක් දීම කළයුතුයි නේද? (නි)
සිංගල මිනිහා කොහොමත් හොඳයි. සාදුට පිං. බුදු සාදු වැරදි කරන්නේ නැහැ කියා අපි දන්නවා (නදී)
ඔබ සැමට ජාතියේ ප්‍රණාමය. (නදී)
ජාති , ආගම් බේදයක් නෑ ජීවිත වලට. රටේ සියලු දෙනාම එකා මෙන් සමගියෙන් ජීවත් වෙන්න හිතට ගන්න.(නදී)
නියම වීරයෝ, දිගායු වේවා !(නදී)
නියම සිංහල බෞද්ධ කම. සාදු සාදු! (නදී)
බොහොම පින්. දීර්ඝායු වේවා! (නි)
මේක තමයි, අපේ ලංකාවේ සිංහල මිනිස්සුන්ගේ තියන එකමුතු කම. තම ජීවිත පරදුවට තබා මේ ජීවිත බේරා ගත් සැබෑම වීරයන්. (නදී)
බොහොම පින් මේ හාමුදුරුවන්ට සහ ඒ සහෝදරයින් දෙදෙනාට (දිල්)
ස්තුතියි (නදී)
ඇත්තටම මේ අයගේ හැඩරුව දැක්කහමත් කියන්න පුළුවන් පින්වන්තයි කියලා.මේ ගැන කියන්න වචන නැහැ. හැමෝම මනුස්සයෝ කියලා හිතලා කළ මේ හොඳ වැඩේට අපේ ආචාරය! (නි)
අපි කවුරුත් මැරෙනවා. ජාතිබේද නැතුව මේ විදියට කරන උදාර වැඩ ගැන ඇත්තටම සතුටුයි (නි)
මනුස්ස ජීවිත බේරා ගැනීමේන් කරලා තියන්නේ මහා පුන්‍ය කර්මයක්. බොහොමත්ම පින්.! (ර)