පංච මහා ජලාශයන්හි ප්‍රධාන ජලාශය වන වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු තුනක් අද විවෘත විය.
මෙම ජලාශය වාන් දමනුයේ කලාතුරකිනි. මෙම වසරේ ජලාශය වාන් දමන දෙවැනි අවස්ථාව මෙය වන අතර තිස් වසරක ඉතිහාසයේ වසරකට දෙවතාවක් වාන් දැමූ පළමු අවස්ථාව ද මෙයයි.
ජලාශය ද්විත්ව ආරුක්කු වේල්ලක් ලෙස ඉදි කර ඇති අතර වතුර පිටාර මට්ටමට ලං වූ විට ගේටුව ඉබේම ඇරේ.
මෙම බැම්ම ඉංජිනේරුවන්ගේ අද්විතීය නිර්මාණය ලෙස සැලකේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජේ . ආර්.ජනාධිපතිතුමා ඕක හදන්න ගන්නකොට එදා විපක්ෂය කිවුවේ, මොන මෝඩ වැඩක්ද රටේ උසම තැන් වල ජලාශ හදන එක කියලා(නි)
කෙනෙක් උදව්වක් කළහම ඒකෙ අගය දකිනවට වඩා 'ඔයිට වඩා දේවල් අපි ඒ අයට කරලා තියෙනවා' කියන එක හොඳ මිනිස් ගතියක් නොවෙයි. (නි)
අජිත් මහතා කියන දේ මේ කතාවට කිසිම අදාල කමක් නැහැ වගේ පේන්නේ. එතුමා යන්නේ කොහෙද මල්ලේ පොල්.(නදී)
මහේෂ්,අපි අද නැතුව එදා රජවරු මෙහෙම කළා කියලා නිකන් විහිලු සපයන්න ඕනෑ නැහැ නේද,මේ මෑතක අපි කළ දෙයක් නැතුව.ලොකේ ඉස්සරහට යනකොට අපි පිටිපස්සට නේද යන්නේ. (නි)
කොහොම කිව්වත් අපේ රජවරු කරපු ශිල්ප පරපුරෙන් පරපුරට ආවානම් අපි අද දියුනු රටක්. 1505 පසුව යුරෝපයෙන් ඇවිත් අපේ සමාජය සෑම අතින්ම වෙනස් කළා (නි)
එජාපය කරපු වැඩ අමතක වුන අයට ජේ අර් , සහ ගාමිණී සිහිවේවා!(නදී)
සිරා මහත්තයෝ, සුද්දා තව ටික කලක් හිටියා නම් ඔහේවත් අරගෙනයි යන්නේ (නි)
මේ ජලාශය විවෘත කරන්න රැජින ආවා. නමුත් විවෘත කලේ ජනාධිපති ලේකම් මැණික්දිවෙල මහත්තයා. (නි)
නීල් රණා, දවල්ද දන්නෙ නැහැ නේද? (නදී)
මහවැලි ව්‍යාපාරය ආරම්බ කළේ 1971 ආණ්ඩුවේ මැතිනිය විසිනි. එය කඩිනම් මහවැලි ව්‍යාපාරය ලෙස ඉදිරියට ගෙනාවේ 1980 දී ජේ ආර් මහතා විසිනි. නමුත් කව්රු කරත් ලංකාවේ විදුලිය නිෂ්පාදනයෙන් 70% ක් තවමත් නිපදවන්නේ ඉන්ධන වලිනි. මේවා කාගේ වැරදි ද යන්න නොතේරේ.(නදී)
හේරත් මහත්තයෝ, මතක තියාගන්නවා සුද්දා වැද්දා කාලෙ තමයි අපේ රාවනා රජ්ජුරුවෝ දඩු මොනරෙන් උඩින් ගියේ.(නදී)
අංජන,1971 කාලේ දී කළු ගඟේ සහ කැළණි ගඟේ තරුණ මල සිරුරුත් පා උනා, දන්නවද?(අ)
ජලාශ ඉදිකිරීම, ගොවි ජනපද පිහිටුවීම වැනි දේ දැක්කහම පැහැදිලියි ඩී එස් ගේ කාලයේ ඉඳන්ම යු එන් පී එක කලේ වැරදි පාරේ රට අරන්ගිය එක බව. ඒ නිසයි විශාල වැඩකොටසක් කරලතියෙද්දීත් ඔවුන්ට ගෞරවයක් නොලැබෙන්නේ. අපේ රට යායුතු තාක්ෂණ මාවතේ මිස ගොවි මාවතේ නොවෙයි. වික්ටෝරිය ජලාශය ඉදිකරද්දී ඒ පතුලේ තිබු ගස් මුල් වැනිදේ පවා ඉවත්කලා අනාගතයේදී ජලාශය බොහෝ පිහිනුම්, කිමිදුම්, ඔරුපැදීම වැනි ක්‍රීඩා හා සංචාරක කටයුතුවලට භාවිතා කරන්න. එහෙත් මේ රටේ ළිං මැඩියන්ට ඒ සංකල්ප නිකන්ම දවල් හීන පමණක් නිසා, වසර 30 ක්ම ඒ වෙනුවට සිදු වුනේ ත්‍රස්තවාදයට බයේ ජලාශය වසා තබන්න.(අ)
වතුරවල වටිනාකම දැන්වත් තේරුම්ගන්න (නි)
නීල් රනා, වික්ටෝරිය ජලාශයේ පිහිනන්න? පිස්සුද? ඔය ජලාශ ඔක්කොම ගොඩක් ගැඹුරුයි. ඒවා වෙන වැඩ වලට ගන්න බැහැ. (නි)
සුරංග ලක්මාල් මහත්ත්යාගෙ මොලේ තමයි මොලේ. සුද්දා ලංකාවට නාව නම් කියයි අද ඉන්න අය ගෙම්බො වගේ ඉන්නෙ සුද්දා ආවෙ නැති නිසා කියලා. සුද්දා ආපු නිසා කියනවා, වැරදිලාවත් සුද්දා ආවේ නැත්තම් මීට වඩා ගෙම්බො ඉන්න තිබුණා කියලා. ඈ මහත්තයො ඔබතුමා කබරගොයාවත් තලගොයා කරගෙන කනවා වගේ නේද? (නි)
මම නම් දකින්නේ මෙම ව්‍යාපෘතියේ තිබෙන වටිනාම කොටස පොල්ගොල්ල වේල්ල සහ උමගෙයි. එය එදා සිට අද දක්වාම සේම මොහොතකම ක්‍රියාත්මකයි. එහි ප්‍රතිලාබ අපි හැමාදාම තුන් වේලෙහිම ලැබුවත් මර්කෙට් නොවන නිසා කිසිවෙක් දන්නේ නෙත (අ)
කරන්ට් බිල නම් එහෙමමයි. වැහැලා ජලාශ ඉතුරුවත් අපි දුවන්නේ ඩීසල් වලින් තමයි (නි)
එංගලන්තෙන් අපට දීපු තෑග්ගක්. සුද්දා අපට නරක වගේම හොද දේවලුත් කරලා තියෙනවා. අගය කල යුතු දෙයක්.(නදී)
ලුම්බිණි ඔය ඔහොම දැන් කිව්වට මමං නම හැමදාම ඔයගෙනුත් දැක්කේ එකම තමා ,,, ඔයා හැම දාම කලේ ලංකාවේ කුරු හරි හොදවැඩක් කලොත් එක අගය කරන එක වෙනුවට මොකක් හරි මෝඩ කතාවක් කියල එක උපහාසෙට පත් කරපු එක.. දැන් හිතා ගන්න බැරි මෙතැනදී විතරක් ඔයා ඔහොම කියල... කොහොම උනත් ඔය ඔය කියපු එක මුලින්ම ඔයාම කලානම් තම හරි. (අ)
වික්ටෝරියා ජලාශය අසල කොහිල වළවල් නැතිනිසා...?ගෑනුලමයි පීනන්න එන්නෙත් නැතිනිසා සරත් මල්ලිට පාළු ඇති .....? (අ)
හොදට මතක තියා ගන්න මෙය කළේ ජේ .ආර්. ගේ කාලේ බව. හැබැයි චීන්නු නෙමෙයි හැදුවේ සුද්දෝ. (නි)
මිනිසුනේ බලපල්ලා අපේ රටේ තියන සුන්දරත්වය වචන වලින් කියන්න බැහැ එක හොදටම තේරෙන්නේ පිටරටකට අවාම මිනිස් ජිවිත වල එක කොටසක් සොබාදර්මය? ඉතින් සොබදර්මය විනාස කරන සමහර දේශපාලන මිනිස්සුනට විරුද්දව මොනාහරි කිව්වහම සමහර දේශපාලන මිනිස්සුන්ට මුට්ටි අල්ලන මිනිස්සුන්ට හිතේ අමාරුව වැඩිකමටද මන්ද මටලු ඔලුවේ අමාරු? (අ)
සුද්දා තව ටිකකාලයක් හිටියා නම් හොදයි. අපේ කට්ටිය එයාලව පැන්නුවානේ (නි)
මහවැලියේ මුල්ම වේල්ල විවෘත කළේ සිරිමාවෝ අගමැතිනිය කියලාවත් මේ අදහස් දාන කට්ටිය දන්නෙ නැහැ වගේ (නි)
දැන්වත් කරන්ට් බිල අඩු කරන්න (නි)
හාමුදුරුවෝ ගිනිතියා ගත්ත එකත් ඉවරයි. ඔන්න ඊට පස්සේ මහසෙන් හරහා ධීවරයෝ මුහුදුබත් වුනා. ඒකත් ඉවරයි. ගුරුතුමිය දණ ගහපු එකත් ඉවරවීගෙන යනවා. දැන් ඉතින් මොකක්ද ඊළගට? (නි)
ඕක හදන්න පටන්ගන්න කාලෙත් වේල්ලේ ඉදිකිරීම් සිදුවෙද්දීත් මමත් එය අධ්‍යනය කළා. ලංකාවේ ජලාශ බොහෝ ගණනක් හැදුවේ ජේ ආර් ජයවර්ධන. වික්ටෝරියා රැජිනගේ කාලේ අපෙන් ගත්තු ඒවාට හරියන්න මෙහෙමවත් ජලාශයක් නොදුන්නනම් එංගලන්තෙට ලැජ්ජාවක්.(නදී)
පිහිනන්න කියනකොටත් බයවෙන සාගරයෙන් වටවූ දිවයින් වාසීන්ට මොන මැඩියෝ කියන්නද මම නොදන්නා නමුත් මීට වඩා ගැඹුරු ජලාශ හා මුහුදු පිහිනීම ඔරුපැදීම හා සංචාරක කටයුතු සඳහා ලෝකයේ වෙනත් රටවල භාවිතා වෙනවා පමණක් නොව මාත් එවැනි ස්ථාන කීපයක පිහිනා සහ ඔරුපැද තිබෙනවා. (නි)
සුද්ද අපේ රට කෑවා වගේම මෙවැනි හොද ක්‍රියාත් කර තිබෙනවා (නි)
ඇයි මිට කලින් ඔයාලා වේල්ල උතුරනවා දැකලා නැද්ද? (නි)
අපේ රජවරු වැව් හැදුවේ සුද්දට කියලද? (නි)
දවස් දෙකේ වැස්සට පිටාර දාන්න කඩිනම් ජලාශ හැදුවට වැඩක් නැහැනේ. අපේ මුතුන් මිත්තන්ට පින් සිද්ධ වෙන්න හදපුවා තාමත් සදාකාලිකයි. (නි)
රූපවතී අක්කා එහෙම මේක දැක්කා නම් සතුට වැඩිකමට ජලාශයට පනියි! (නි)
සුද්දාගෙන් ලැබුන / නොලැබුන දේ කෙසේවෙතත් , සුද්දා ලංකාවට නොපැමිනියා නම් මොන වගේ ලිං මැඩියෝ ඉදීද කියලා හිතෙනවා, අද ඉන්න ගෙම්බෝ දැක්කම. (නි)
ඒ දවස්වල කියපු විදිහට මම නම් හිතුවේ ඒ ජලාශ 5 හැදුවම ලංකාවේ ප්‍රශ්න ඔක්කොම ඉවරවෙයි කියලා (නි)