ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහල්වල් කිහිපයක වකුගඩු බද්ධ කිරීමේ ජාවාරකම් ක්‍රියාමක වන්නේයැයි ඉන්දියාවේ ‘ද හින්දු‘ පුවත්පතේ පළවූ වාර්තාවෙන් පසු ඒ ගැන සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පත් කළ කමිටු වාර්තාවේ කරුණු හෙළි කරන ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනරත්න මහතාට ලිපියක් යවා තිබේ.

මෙම වාර්තාවේ ඇති කරුණු තවමත් රටට හෙළිදරව් නොකිරීම නිසා වැරදි තොරතුරු සමාජ ගත වෙමින් පවතින බවත්,  වාර්තාවේ ඇති කරුණු මොනවාද යන්න වහා හෙළි කරන ලෙස ඉල්ලා සිටින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා විසින් යොමු කැරුණු එම ලිපියේ සඳහන්ය.

එමෙන්ම මෙම වාර්තාවේ පිටපතක් තම සංගමය වෙත ලබාදෙන ලෙස ද එහි ලේකම් නලින්ද හේරත් මහතා ඉල්ලීමක් කර තිබේ.