වකුගඩු රෝග නිවාරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය සංවිධානය කළ වකුගඩු රෝග නිවාරණ ජාතික සැලැස්මක් නිර්මාණය කිරීමේ ජාතික වැඩමුළුවේ සමාරම්භක උත්සවය අද (16) ගෝල්ෆේස් හෝටලයේදී පැවැත්වෙන අතරතුර වසවිස විරෝධී ජාතික ව්‍යාපාරය ඒ ඉදිරිපස නිහඬ විරෝධයක නිරත විය.
වකුගඩු රෝග නිවාරණයට කෘෂි සමාගම් හවුල් කර නොගත යුතු යැයි ඔවුහු කියා සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්න සමඟ මම එකඟයි (නි)
ජයරත්න කියන්නේ ඩොලර් කාක්කෙක් නේ චන්න. එ්කනේ නරියට කුකුල්ලු බාර දෙන්න කියනවා වගේ කතාවක් කරන්නේ. ආණ්ඩුවට මේක නවත්වන්න උවමනාවක් නැහැ. එයාලට ඕන මිනිස්සු ලෙඩ්ඩු කරන්න. එතකොට ඖෂධ සමාගම් වලට වාසියි. අනික උද්ඝෝෂණ කරන්න ශරීර ශක්තියක් නැතුව යනවා. (බ)
චන්න මම ඔබසමග එකගයි. මේ අය කරන උද්ගොෂණයට නිරෝගිව ජීවත්වීමට කැමති රටේ සියලුම දෙනාගේ සහයෝගය ලැබේවා කියා ප්‍රර්ථනා කරමි.එමෙන්ම " කාබනික " ආහාර රටේ ජනප්‍රිය කිරීමට මේ අයටම ශක්තිය දිරිය ලැබේවා. (බ)
ජයරත්න ,මේ කියන්නේ හොරාගේ අම්මාගෙන් පේන අහන්න කියලා, (බ)
චන්න, එසේනම් වහාම කළ යුතු වන්නේ ඒ මහාචාර්ය වරයගෙ මතය වැරදී කියල විද්‍යාත්ම සාධක මගින් සනාථ කිරීමයි. මන්ද කෘෂි රසායන වකුගඩු රෝගයට හේතුවෙනවා කියල කියන්නෙත් උගත් මහාචාර්ය වරුමයි. අපට ඒ සදහා ඔවුන්ගේ සහාය ලබා ගතහැකි වේවි. (බ)
වකුගඩු රෝග නිවාරණයට කෘෂි සමාගම් හවුල් කරගත යුතුමයි. ඒ වස විසෙන් තොර පොහොර නිෂ්පාදනයට සෘජුවම දායක කර ගත යුතු පාර්ශවය ඔවුන් නිසාය.(ම)
ජයරත්න, ඔබගේ අදහස ඉතාමත් කාලෝචිතයි. නමුත් මුදලට බලයට ඕනෑම දෙයක් කරන මහාචාර්යවරු ලෝකයේ කොතනත් ඉන්නවා. (නි)
මේ ජයරත්න. කෘෂි සමාගම් හවුල්වෙලා මොකද කරන්නේ කියල දන්නවද. ඔය සමුළුවට කෘෂි සමාගමක මහාචාර්යවරයෙක් දේශන තියන්න යන්නේ කෘෂි රසයනිකයන්වලින් වකුගඩු රෝග හැදෙන්නේ නෑ කියල. මෙච්චර පරීක්ෂණවලින් ඔප්පු කරලා තියෙද්දිත්. ඔය හොර මගඩියන්ව අල්ලලා මරණ දඩුවම දෙන්න ඕන මේ මහපොළවට වස කලවම් කරලා මිනිස්සු මැරුවට. අපි දන්නේ නෑ අහිංසක සත්තු ගැන තවම. මිනිස්සුම විතරක් මේ වෙනකොට මැරිලා තියෙනවා 25000කට වඩා. (බ)
මේ විරෝධය සාධාරණයි (නි)