IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වකුගඩු රැක ගන්න කැඩ්මියම් ඈත් කරන්න

ශ්‍රී ලංකාවේ භාවිතයට  ගන්නා ආහාර වල කැඩිමියම්  ප්‍රතිශතය අධික වීම වකුගඩු රෝගයට  බෙහෙවින්ම බලපාන බවද තමා  මෙම නිගමනයට  පැමිණියේ  ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත්  ජාතීන්ගේ සංවිධානය මඟින් කරන ලද පරික්ෂණ වාර්තා  නිරික්ෂණය කිරිමෙන්  බවද ලන්ඩනයේ  පදිංචි  ශ්‍රී ලාංකික විද්‍යාඥයකු වන ආචාර්ය  කමල් ගම්මන්පිල මහතා  කියයි.

ආහාර වල අඩංගු විෂ ද්‍රව්‍ය  පිළිබඳව සොයා බැලීමට  උනන්දු නොවීම අභාග්‍යයක් බවත්  බොහෝ අය සිතනුයේ ජලයේ ඇති විෂ ද්‍රව්‍ය මගින් වකුගඩු අක්‍රීය වන බවයි. එය එසේ නොවන බවත් 90%ක් ආහාර වලින් ද 10% ජලයේ විෂ ද්‍රව්‍ය මගින් සිදුවන බව ඔහු පවසයි.

වැව්  ආශ්‍රිතව ඉවත්  කරන රොන් මඩෙහි  කැඩ්මියම් ප්‍රතිශතය  ඉතා  අධික බවත්  වගා  කරන ලද එළවළු සහ සහල් කාලයක් තිස්සේ අනුභව කිරිම  වකුගඩු රෝගයට  බලපාන බවත් ඔහු සඳහන් කරයි.

(මෙම වාර්තාවට ශීලා ජයසුන්දරගේ නම පළවූයේ ප්‍රමාද දෝෂයකිනි)



අදහස් (0)

වකුගඩු රැක ගන්න කැඩ්මියම් ඈත් කරන්න

ගමගේ Thursday, 17 December 2015 09:47 AM

පොහොර සමාගම් තහනම් කරන්න බැනේ ලොක්කන්ට අතමිට මොළවලානේ තියෙන්නේ (බ)

:       0       0

රවී Thursday, 17 December 2015 11:32 PM

තවම එක මතයකට එන්ඩ බැරිවෙලා නේද? ප්‍රධාන හේතුව ඇත්තටම කැඩ්මියම්ද? ආසනික්ද? වැවේ රොන් මඩද? ප්‍රමිතියක් නැති කෘතිම පොහොරද? රොන් මඩ වල නම් එහෙම එකතුවන්න හේතුව මොකක්ද? වැහි වතුරද? කෘතිම රසායනිකද? මුලික හේතුව පැහැදිලි කරන්න. හැමෝම කරන්නේ උගුරට හොරෙන් බෙහෙත් කන එක වගෙයි පෙනෙන්නේ (නි)

:       0       0

රංග Friday, 18 December 2015 12:35 AM

කැඩ්මියම් කතාව කියන්නේ ආසනික් කතාව වහගන්නද? (නි)

:       0       0

ඉලංගරත්න Friday, 18 December 2015 01:58 AM

අනේ මන්දා හරියටම එක හේතුවක් කියන්නේ නැත්තේ ඇයි කියලා (නි)

:       0       0

මල්ලිකාරච්චි Thursday, 17 December 2015 11:22 AM

මේ පිළිබඳව බලධාරින් දැනුවත් කළ යුතුයි (ම)

:       0       0

දසත් Friday, 18 December 2015 03:11 AM

රවීගේ කතාව හරියටම හරි. මේකට මූලික හේතුව පෙන්වා දෙන්න. අන්න එතනට විසඳුම දෙන්න. (නි)

:       0       0

පෙරේරා Thursday, 17 December 2015 12:09 PM

මම පදිංචි නවසීලන්තෙත් ඔය කැඩ්මියම් අඩංගු වල් නාශක පොහොර වර්ග පාවිච්ච් කරනවා ඒ වුනත් වකු ගඩු ලෙඩ වසංගත තත්වෙන් නැහැ. හේතුව එම ද්‍රව්‍ය ක්‍රමවේදයකට ප්‍රමිතියකට අනුව පාවිච්චි කිරීමයි.(අ)

:       0       0

දහම් Thursday, 17 December 2015 01:06 PM

එතකොට කන්නේ මොනවද? අමෙරිකාවෙන් එන තිරිඟු පිටි හොඳද? (බ)

:       0       0

ලලිත් Thursday, 17 December 2015 01:19 PM

ඔය කැඩ්මියම් ප්‍රශ්නෙට පිළියමක් ලැබෙන්න නම් ලොක්කෙකුට හරි එයාලගේ දරුමල්ලන්ට හරි ලෙඩේ හැදෙන්න ඕන. එතකොට තමයි ඇස් ඇරෙන්නේ. රටේ සාමාන්‍ය මිනිහෙක් ඕකෙන් මැරුණට එයාලට ඒක මදුරුවෙක් මැරිච්ච ගානයි. එයාලට ඔයිට වැඩ ප්‍රශ්න තියෙනවනේ කතා කරන්න, අර බදු රහිත වාහන නැතිවීම, ඇමති තනතුරු උප ඇමති තනතුරු නොලැබීම, වගේ දේවල්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site