ශ්‍රී ලංකාවේ භාවිතයට ගන්නා ආහාර වල කැඩිමියම් ප්‍රතිශතය අධික වීම වකුගඩු රෝගයට බෙහෙවින්ම බලපාන බවද තමා මෙම නිගමනයට පැමිණියේ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් කරන ලද පරික්ෂණ වාර්තා නිරික්ෂණය කිරිමෙන් බවද ලන්ඩනයේ පදිංචි ශ්‍රී ලාංකික විද්‍යාඥයකු වන ආචාර්ය කමල් ගම්මන්පිල මහතා කියයි.
ආහාර වල අඩංගු විෂ ද්‍රව්‍ය පිළිබඳව සොයා බැලීමට උනන්දු නොවීම අභාග්‍යයක් බවත් බොහෝ අය සිතනුයේ ජලයේ ඇති විෂ ද්‍රව්‍ය මගින් වකුගඩු අක්‍රීය වන බවයි. එය එසේ නොවන බවත් 90%ක් ආහාර වලින් ද 10% ජලයේ විෂ ද්‍රව්‍ය මගින් සිදුවන බව ඔහු පවසයි.
වැව් ආශ්‍රිතව ඉවත් කරන රොන් මඩෙහි කැඩ්මියම් ප්‍රතිශතය ඉතා අධික බවත් වගා කරන ලද එළවළු සහ සහල් කාලයක් තිස්සේ අනුභව කිරිම වකුගඩු රෝගයට බලපාන බවත් ඔහු සඳහන් කරයි.
(මෙම වාර්තාවට ශීලා ජයසුන්දරගේ නම පළවූයේ ප්‍රමාද දෝෂයකිනි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොර සමාගම් තහනම් කරන්න බැනේ ලොක්කන්ට අතමිට මොළවලානේ තියෙන්නේ (බ)
තවම එක මතයකට එන්ඩ බැරිවෙලා නේද? ප්‍රධාන හේතුව ඇත්තටම කැඩ්මියම්ද? ආසනික්ද? වැවේ රොන් මඩද? ප්‍රමිතියක් නැති කෘතිම පොහොරද? රොන් මඩ වල නම් එහෙම එකතුවන්න හේතුව මොකක්ද? වැහි වතුරද? කෘතිම රසායනිකද? මුලික හේතුව පැහැදිලි කරන්න. හැමෝම කරන්නේ උගුරට හොරෙන් බෙහෙත් කන එක වගෙයි පෙනෙන්නේ (නි)
කැඩ්මියම් කතාව කියන්නේ ආසනික් කතාව වහගන්නද? (නි)
අනේ මන්දා හරියටම එක හේතුවක් කියන්නේ නැත්තේ ඇයි කියලා (නි)
මේ පිළිබඳව බලධාරින් දැනුවත් කළ යුතුයි (ම)
රවීගේ කතාව හරියටම හරි. මේකට මූලික හේතුව පෙන්වා දෙන්න. අන්න එතනට විසඳුම දෙන්න. (නි)
මම පදිංචි නවසීලන්තෙත් ඔය කැඩ්මියම් අඩංගු වල් නාශක පොහොර වර්ග පාවිච්ච් කරනවා ඒ වුනත් වකු ගඩු ලෙඩ වසංගත තත්වෙන් නැහැ. හේතුව එම ද්‍රව්‍ය ක්‍රමවේදයකට ප්‍රමිතියකට අනුව පාවිච්චි කිරීමයි.(අ)
එතකොට කන්නේ මොනවද? අමෙරිකාවෙන් එන තිරිඟු පිටි හොඳද? (බ)
ඔය කැඩ්මියම් ප්‍රශ්නෙට පිළියමක් ලැබෙන්න නම් ලොක්කෙකුට හරි එයාලගේ දරුමල්ලන්ට හරි ලෙඩේ හැදෙන්න ඕන. එතකොට තමයි ඇස් ඇරෙන්නේ. රටේ සාමාන්‍ය මිනිහෙක් ඕකෙන් මැරුණට එයාලට ඒක මදුරුවෙක් මැරිච්ච ගානයි. එයාලට ඔයිට වැඩ ප්‍රශ්න තියෙනවනේ කතා කරන්න, අර බදු රහිත වාහන නැතිවීම, ඇමති තනතුරු උප ඇමති තනතුරු නොලැබීම, වගේ දේවල්. (බ)