වකුගඩු ජාවාරමක් ගැන ඉන්දියාවේ හින්දු පුවත්පත ඇතුළු එරට පුවත්පත් වලින් ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් හය දෙනකුට එරෙහිව නඩු පවරා ඇතැයි කියන සිද්ධිය ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නවීන් ද සොයිසා අද කොළඹ මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමේදී උණුසුම් තත්ත්වයක් ඇති විය.
ඔහුගෙන් ප්‍රශ්න ඇසූවේ ටීඑන්එල් මාධ්‍යවේදියා පමණි.
එම ප්‍රශ්නවලට කෙළින් පිළිතුරු නුදුන් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේ චෝදනා ඇත්නම් ඉදිරිපත් කරන ලෙසයි. එවිට පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන් සොයා ගත හැකි බවයි.
එම මාධ්‍යවේදියා වෛද්‍යවරයකුගේ නමක් කොළ කැබැල්ලක ලියා එම වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ නමුත් ඔහු ඊට පිළිතුරු දුන්නේ නැත.
ටීඑන්එල් මාධ්‍යවේදියා දිගින් දිගටම ප්‍රශ්න කරද්දී මාධ්‍ය ප්‍රකාශක පැවසුවේ මඩ නොගසන ලෙසයි.
එහෙත් ටීඑන්එල් මාධ්‍යවේදියා පැහැදිලිවම ඇසුවේ අර වෛද්‍යවරයා වෛද්‍ය සංගමයේ සාමාජිකයකු ද යන්නයි. ඊට පිළිතුරක් නොලැබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
“ඔව්“ හරි “නෑ“ හරි දෙකෙන් එකනෙ කියන්න තියෙන්නේ ඩොක්ටර්. මොකද මේතරම් කියවන්නේ? (නි)
මට හිතෙනවා මෙතනදී මේ මාධ්‍යවේදියා තමන්ගේ යුතුකම මහජනයා වෙත ඉටුකිරීමට උපරිම උත්සහයක් දරනවා. මාධ්‍යකරුවාණෙනි, ඔබට මගේ උපහාරය. (නි)
තමන් කළදේවල් වහගන්න පුදුම වෙහෙසක් මේගොල්ලෝ ගන්නේ. (නි)
ලංකාවේ රෝගීනුත් ලංකාවේ අයගෙන් වකුගඩු ගන්නේ සල්ලි වලට. එතකොට ඒවා බද්ධ කරපු එකත් දොස්තරලා කරපු වැරද්දක්ද? (අ)
ලීලානන්ද හැමෝම වගේ ලංකාවේ ඉගනගන්නේ බදුමුදල් වලින්. ඊර්ෂියා නොකරන්න. මාධ්‍යවේදීයා ලිඛිතව පැමිනිල්ලක් එදිරිපත් කරන්න බය අයි? ඔහු තවම ප්‍රාථමික මාධ්‍යවීදියෙක් බව පේනවා . (අ)
බදුමුදල් වලින් ඉගනගෙන පාර්ලිමේන්තු නොගිහින් රට කන මන්ත්‍රීවරු නොවී පිට රට නොගිහින් නුගතුන් පිරි රටටම සේවය කිරීමේ විපාකය මෙහි තිබෙන මත වලින් පෙනේ. (අ)
මහජනතාවගේ බදු මුදල් වලින් ඉගෙනගෙන අන්තිමේදී අම්මා අප්පා වුණත් සල්ලි වලට පාවාදෙන දොස්තරලා මේ රටේ ඉන්නවා. මේ අයගේ පැටිකිරිය හොයලා බැලුවොත් හිතාගන්න පුළුවන් මේ වගේ පහත් තැනකට වැටෙන්න හේතුව (නි)
ඔන්න ඕක තමයි ඔය කියන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හෙළුව .ඕක ගැමුණුගේ බස් සංගමය වගේම තමයි වෙනසක් නැහැ (බ)
දහම් "ලංකාවේ රෝගීනුත් ලංකාවේ අයගෙන් වකුගඩු ගන්නේ සල්ලි වලට. එතකොට ඒවා බද්ධ කරපු එකත් දොස්තරලා කරපු වැරද්දක්ද? " මේකෙන්ම පේනවා දහම් ඔයාගේ දැනුම් තේරුම් ඇති බව.අදහස් නොදෙන තරමට ඔය බුද්ධිමත් (බ)
ලැජ්ජයි මහත්තයෝ. වැරදි කළා කියල කියවෙන අය ඔය විදියට හංගන්න ගියොත් පොලිසිය වගේ වේවි ඔබ තුමාලත්. හැම වෘත්තියේම ඉන්න සුළු පිරිසක් තක්කඩිකම් වැරදි කරනවා. එත් එහෙම නොකරන අවංක මිනිස්සු කරන්න ඕනේ එයාලව බොරුවට රකින්නේ නැතුව, ඒවා හෙළි කරලා වෘත්තියේ ඉන්න අනික් මිනිස්සුන්ගේ ගෞරවය ආරක්ෂා කරන එක. (අ)
කොහොමද කියන්නේ..,..? ෙඅර රජ්ජුරුවෝ කුඩු කෑ විත්තිය වගේ..! කටේ පිට්ටු වගේ ඉඳලා ජාම බේරාගන්නයි තමයි වෙන්නේ. කනගාටුයි ..! මුදලට කෑදර කිහිපදෙනෙක් නිසා සම්භාවනීය වෛද්‍ය වෘත්තියටත් රජයේ වෛද්‍ය සංගමයේ නිලධාරීන් වූ අපහසුතාව ගැන.(හේ)
මෙ මහත්තය මරියකඩේ කෙනෙක්ද , මට නම් කතා කරනොකට හිතෙන්නෙම එහෙම කෙනෙක් කියල , වෛරය කෝපය තරහ එයාගේ ඇස්දෙකේ උතුරනවා , මම කරන්නේ ඉක්මනට චන්නෙල් එක මාරු කරලා වෙන එකක් දානවා (අ)
මේ ප්‍රශ්නය අහන්න එතන කොන්ද පණ ඇති මාධ්‍යවේදියෙක් හරි හිටියා කියලා අසරණ රෝගීන් වශයෙන් අපිට අපිට ලොකු ආඩම්බරයක් තිබෙනවා. වකුගඩු ජාවාරමට සම්බන්ධ වෛද්‍යවරුන් 6 දෙනෙකුගේ නම් විදෙස් මාධ්‍ය වාර්තා කරලා තිබෙනවා. ලංකාවේ සමහර මාධ්‍ය ඒවා වාර්තා කරන්නේ අර ඇල්වතුරත් නිවලා බොනවා වගේ. ඒත් මේ මාධ්‍යවේදියා කවුරු වුණත් බය නැතුව වෛද්‍යවරයෙක්ගේ නමක් කියලා අහනවා මේ කියන පුද්ගලයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයෙක්ද කියලා. (නි)
වකුගඩු රෝගය ගැන කතාකරනවිට සාමාජිකයන්ගේ නම් ඇසිය යුතු නම් ඒ අයද කියා ඇසීම මාධ්‍යවේදියාගේ වගකීමකි. (නි)
මමත් මෙයාගේ කතා ටී.වී එකේ දකිනවා, මේ ළඟදී මාලබේ සිද්ධියට කතා කරපු විදිහ වැරදියි. බස් සංගමේ සභාපති ගැමුණු ගේ ළමයට දොස්තර කෙනෙක් වෙන්න බැරිද? මෙයාගේ දෙමාපියෝ කවුද කියල අපි දන්නවද? (අ)
මේගොල්ලෝ කතා කරන විදිහ දැක්කහම අහිංසක ලෙඩුන්ට කොහොම කතා කරනවා ඇද්ද? ලංකාවේ දොස්තරලා වෙන්න පුළුවන් කවුද කියලා තීරණය කරන්න මේගොල්ලන්ට තිබෙන බලය මොකක්ද? (නි)
අපිට ලැජ්ජයි මේ වෙන දේවල් ගැන (නි)
මෙවැනි ප්‍රශ්න මෙලෙස රස්තියාදු ආකාරයෙන් කතා කළ යුතු නැත. දෙපිරිසම එකයි. (හේ)
ලැජ්ජයි. ලැජ්ජයි. (නි)
ඔය ජාවාරමට රජයේ වෛද්‍ය සංගමයේ නිලධාරීන් සම්බන්ධ බවට නොයෙක් ආරංචි තිබෙනවා. ඇයි කෙළින් ඒ සම්බන්ධයෙන් එයාලට අදහසක් කියන්න බැරි? (නි)
අයිටී කරන අපිටත් ඉස්සරහට ලොකු ප්‍රශ්නයක් ඇතිවෙනවා (නි)
පුෂ්පා, එතකොට ඇඹිලිපිටියේ සිද්ධියේදී , සේයාගේ සිද්ධියේදී , පොලිසියෙන් මාධ්‍යවේදීන් කෙළින්ම නම් තනතුරු කියලා ප්‍රශ්න අහපු එකත් වැරදිද? දොස්තර නිසා මෙයාගෙන් අහන එක වැරදියි කියලද ඔයා කියන්නේ? (නි)
මාධ්‍ය වලට තිබෙන්නේ මේ ගැන වෛද්‍ය මහා මණ්ඩලයෙන් කරුණු විමසන්නයි. (නි)
ඔය චණ්ඩි කතා තව ටික දවසයි. බලාගෙන ඉන්න දොස්තර මහත්තයෝ, ඉන්දියාවෙන් ඇවිල්ලා ඔය දොස්තරලාට උත්තර දුන්නහම දවල් තරු පෙනේවි. (නි)
බලනකොට මෙයත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වගේමනෙ. (නි)