රජරට ඇතුළු වකුගඩු රෝග පැතිර ගොස් ඇති ප්‍රදේශවල වැසි ජලය හා ගලායන ජලය පිරිසිදු කොට පානීය ජලය ලබාදීමේ පුළුල් ව්‍යාපෘතියකට රජය ඉක්මණින් එළැඹිය යුතුයැයි රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය වකුගඩු රෝග පිළිබඳ පර්යේෂක වෛද්‍ය චන්න ජයසුමන මහතා පැවසුවේය.
බැර ලෝහ අඩංගු බවට සොයාගෙන ඇත්තේ භූගත ජලයේ වන අතර වැසි දිය, ගංගා , ඇලදොළ මත ගලා යන ජලය පිරිසිදු කොට පානීය ජලය සකසා ගත හැකි බව ජයසුමන මහතා පෙන්වා දෙයි. මේ සදහා රජයේ මැදිහත් වීම අත්‍යවශ්‍ය බවද හෙතෙම පෙන්වා දෙයි.
රජරට නිවාසවලට ජල පෙරණ, බෝතල් ලබාදීම මේ ප්‍රශ්නයට සැබෑ විසදුම නොවන බවත් ඉක්මණින් සැබෑ විසදුමකට යාමේ අවශ්‍යතාව පවතින බවත් ජයසුමන මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පදවිය ගොවියෝ අද වෙනකොට ඔබතුමාට බනිනවා දේශිය වි ගත්තේ නැහැ කියල දේශිය වි විකුණාගන්න බැරිව ඔවුන් දුක්වෙනවා ඔබතුමාලා මැදිහත් වුණ නිසා ඔවුන් දේශිය වි වගා කළා.වකුගඩු රෝගයට ප්‍රධානව බලපාන්නේ ජලයේ තිබෙන ෆ්ලෝරයිඩ් කියල ඊයේ ටීවි එකේ කිවා පේරාදෙනිය මහාචාර්යවරයෙක්. ඔබතුමා මොකද කියන්නේ ඒ ගැන?(ම)
උපුල් ,,,, ඇත්ත .... "දේශීය වෛද්‍ය උත්පලා පෙරේරා මහත්මිය සායනය හරහා රෝගීන් දෙදහසකට පමණ ප්‍රතිකාර කරන්නට පටන් ගත්තාය. මාස හයක් පමණ ගතවෙද්දී එනම් 2015 පෙබරවාරි පමණ වෙද්දී මෙතැනින් ප්‍රතිකාර ගත් රෝගීන් විශාල සංඛ්‍යාවක් රෝගී තත්ත්වය 50% සිට 80% දක්‌වා අඩුකරගෙන යළිත් ජීවත්වීමේ බලාපොරොත්තු ඇතිකරගෙන තවදුරටත් ප්‍රතිකාර ගත්හ. නමුත් හිටිහැටියේම වෛද්‍ය උත්පලා පෙරේරා මහත්මිය මැදවච්චිය සායනයෙන් උස්‌සා කොළඹට තල්ලු කරනු ලැබීය." "වකුගඩු රෝගය නිවාරණය කිරීම සඳහා ආරම්භ කළ දේශීය වී වගා ව්‍යාපාරය දියාරු කර දැමීමට අදෘශ්‍යමාන හස්‌තයක් පසුබිමේ සිට සෙලවෙන්නට ඇතිබව තතු දත් අය කියති." "බටහිර වෙදකමේ යෙදී සිටින වෛද්‍යවරු කට අරින්නේ නැත. රෝගීන් සිටීමත් රෝගීන් වැඩිවීමත් ඔවුන්ගේ යහපතටම හේතුවේ." (අ)