වකුගඩු නිවාරණ ජාතික වැඩමුළුවක් ලෝක සෞඛ්‍ය සංවිධානය අනුග‍්‍රහයෙන් පැවැත්වීමට කටයුතු කරන බව වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකායේ අධ්‍යක්ෂක අසේල් ඉද්දමල්ගොඩ මහතා පැවැසීය.
ශ්‍රී ලංකාවෙන් වකුගඩු රෝගය අවම කිරිම අරමුණු කරගෙන පැවැත්වෙන එම වැඩමුළුව අපේ‍්‍රල් මාසය අවසානයේ දී පැවැත්වෙන බවත් දින තුනක් පුරා පැවැත්වෙන එම වැඩමුළුවට වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ නිලධාරීන් ද ඇතුළුව විද්වතුන් රැසක් සහභාගී වීමට නියමිතය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ, වකුගඩු රෝගය සම්බන්ධ කලාපීය උපදේශක රේණු ගාජ් ඇතුළුව, සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධන කිරීමේ සංස්ථාවේ අද (13) පැවැති හමුවකදී ඔහු පැවසිය.
වැඩමුළු හා පර්යේෂණ පවත්වනවාට අමතරව වකුගඩු රෝගීන් සම්බන්ධයෙන් ද අවධානය යොමු කර කටයුතු කළ යුතු බව මෙම සාකච්ඡාවේදී අදහස් දැක් වූ ජනාධිපති වකුගඩු රෝග විශේෂඥ සංගමයේ සභාපති, වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය එල්.එම් නසාර් මහතා පැවැසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෙඩේට හේතුව සොයාගෙන අවසාන නම් ඒකට පිළියම් කරන්න ඕනෑ. නැත්නම් ලෙඩේට හේතුව හොයන්න පර්යේෂණ කරන්න ඕනෑ. (නි)