ඉන්දියානුවන් ශ්‍රී ලංකාවට පැමිණ කළ බව කියන වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් විමර්ශන සඳහා ජාත්‍යන්තර පොලීසියේ සහාය ලබා ගැනීමට ඉන්දීය පොලිසිය සූදානමින් සිටින බව ‘ද ඉන්දියන් එක්ස්ප‍්‍රස්’ පුවත්පත කියයි.
මෙම ජාවාරම ජාත්‍යන්තරව සිදුව ඇති බැවින් ඒ සඳහා ජාත්‍යන්තර පොලීසියේ සහාය ලබා ගැනීමට අවශ්‍ය බව සිද්ධිය පිළිබඳ විමර්ශන පවත්වන ඉන්දියාවේ ආනන්ද් දිස්ත‍්‍රික් පොලිසියේ විශේෂ පරීක්ෂණ කණ්ඩායම පෙන්වා දි තිබේ.
ඉන්දීය මධ්‍යම රජය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර පොලීසියේ සහාය ලබා ගැනීමට අවශය කටයුතු සිදුකිරීමට එම විශේෂ පොලිස් පරීක්ෂණ කණ්ඩායම අපේක්ෂා කරන බවද ඉන්දියන් එක්ස්ප‍්‍රස් වාර්තාවේ සඳහන් වේ.
පන්චෝලියේ පිරිසක් ජාවාරම්කරුවන් මාර්ගයෙන් ශ්‍රී ලංකාවට පැමිණ මුදලට වකුගඩු අලෙවි කර ඇති බවට ඉන්දීය පොලීසිය විසින් තොරතුරු අනාවරණය කර ගත් අතර සැකකරුවෝ තිදෙනෙක් ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් දෙවියනේ මේ මිනිස්සු අලවි කරන්නේ තමාගේම වකුගඩුව. ජාවාරම්කරුවන් කරන්නේ අලවි කරන්නාට ගැනුම් කරුවෙක් සොයා දීම පමණයි. ගැනුම් කරුවා නැතිනම් ලෙඩා ඉන්නේ ලංකාවේ ලැබෙන්නේ ඔරිජිනල් බඩුවක්. බිස්නස් එක කෙරුනොත් විකුණන කෙනත් ගොඩ ලබන්නත් ගොඩ. මේ මිනිස්සු කාගෙවත් වකුගඩුවක් මෙහෙ ගෙනත් විකුනනේ නැහැනේ. (බ)