ඉන්දියාව හා ශ්‍රී ලංකාවේ සිදුකළ නීතිවිරෝධී වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් හත්දෙනා ජූනි 22 දක්වා යළි රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අද (14) නියෝග කළේය.
එන්.රාමචන්ද්‍රන්, ඊ.සී. ශ්‍රීනිවාස්, එම්.ඉම්තියාස් ඛාන්, වයි.එස්.චවින් ක්‍රිෂ්ණා, රාගවෙල් උප්පලන්, එන්. ක්‍රිස්ටෝපර් සහ වී. ගෝපාලන් යන අය එසේ රිමාන්ඩ් කැරිණි.
සැකකරුවකු වන ටී.ආර්.රෝයි සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ඉන්දියාවට යායුතු යැයි සහකාර පොලිස් අධිකාරී සී.එච්.චන්ද්‍රතිලක මහතා අද අධිකරණයට දැනුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිසුන්ට හොරකම් කරන්න දෙයක් තිබුණේ නැද්ද? මේ වගේ දේවල් කරන්නේ. අහිංසක ජිවිත එක්ක සෙල්ලම් කරන්න එපා (ම)