වකුගඩු ජාවාරමට වෛද්‍යවරුන් හා වෛද්‍යවරුන් නොවන පිරිසක් සම්බන්ධ වී ඇතැයි, වකුගඩු ජාවාරම පිළිබඳ පංච පුද්ගල විමර්ෂණ කමිටුවේ සභාපති දන්ත වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්ද බණ්ඩා මහතා අද (05 ) පැවසීය.
වකුගඩු ජාවාරමට පෞද්ගලික රෝහල් 5 ක සිදුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ දී වකුගඩු ජාවාරම පිළිබඳව පංච පුද්ගලවිමර්ෂණ කමිටු වාර්තාව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට ලබා දුන් අවස්ථාවේ ඔහු කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුධිර කාන්දුකරන යන්ත්‍ර තොගයක් කලක සිට මාලිගාවත්තේ රෝහලක(පැරිස් ආධාර යටතේ ) ප්‍රංශයෙන් දුන්නු අසරණ රෝගීන්ට සියලු පහසුම් ඇතිව එත් අද වන තුරු විවෘත කරලා නැ ඔය කියන කට්ටියයි ආණ්ඩුවේ කඹ ඇදිල්ල නිසා ඒවා දිරාපත් වෙනවා (බ)
දැන් දැනගන්න ලැබෙයිනේ ඇත්ත (නි)
මේ පරීක්ෂණ වලට විරුද්ධවත් පොල් ගහන අය මේ රටේ ඉන්නවද බලමු (නි)
ඇමතිතුමනි, උත්තර දෙන්න...(හේ)
කට්ටිය ඔක්කොම සීරුවෙන් බලාගෙන ඉඳිමු, වැරදිකාරයන් එල්ලනකම්. අමතක කරන්න එපා මේක මේ රටේ තවත් එක කමිටු වාර්තාවක් විතරක් වන බව (නි)
ඇත්ත කියන්න.(හේ)
කොළඹ චැනල් සේවාවෙදි රෝගීන්ගෙන් අධික මුදලක් අය කරන වෛද්‍යවරුන් ගැනත් පරීක්ෂණයක් කරන්න. පිටපළාත්වල වෛද්‍යවරු සතියක් ඇතුළත රෝගීන්ට චාන්ස් එකක් දෙනවා නැවත නොමිලයේ එම වෛද්‍යවරයා හමුවන්න. කොළඹ එහෙම බැහැ. ආයෙත් චැනල් කරන්න ඕනෑ (නි)
ඔය කාගේ කාගේත් කිල්ලෝටවල හුණු ටික ටික තියනවා..! වකුගඩු බද්ධය හැමෝටම කල නොහැකියි. එමනිසා අති බැරෑරුම් වූ චෝදනාවකින් මිදෙන්න වෙනවා අපේ ජීවකයනට,ඔවූන්ගේ මුදලට කෑදර වූ කිහිප දෙනකු නිසා. .ඉන්දියාවේ මේ චෝදනාව සතය වියහැකි වුනත් එහි යටි අරමුණකුත් ඇතිබව හැඟෙනවා ලංකාවේ කීර්තිමත් වෛද්‍ය ක්ෂේත්‍රය හැල්ලුවට ලක් කිරීමට .(හේ)
ඇමතිතුමනි, මේකත් අර වගේ කාලය නාස්තිකරන වැඩක් වෙයිද? (නි)
එයත් දත්, මෙයත් දත්, අපි නොදත්! (නි)
සීසීටීවී දර්ශන නැද්ද? එහෙනම් පංච පුද්ගල කමිටු ඕනෑත් නැහැ. (නි)
අපිට ඇත්ත කියන්න දැන් (නි)
අනේ මගේ කට! (නි)
ඔය වගේ දේවල් ඉන්දියාවේ ඕන තරම් වෙනවා මේක අපේ දොස්තරලාට ලෙඩක් අදින්න එහෙ ජාවාරම් කාරයෝ දාපු උප්පරවැට්ටියක්. (බ)
ඇත්තටම මේක ජාවාරමක්ද, පරීක්ෂණ වලට පෙර කියන්නේ කොහොමද ? මොකද මේකෙදි වකුගඩු ලබා ගැනීම සහ ලබා දීම කැමැත්තෙන් වෙනවා නම් වෛද්‍යවරු කරලා තියෙන්නේ ඔවුන්ට සේවාව සපැයිම සහ එයට ගාස්තුවක් ලබා ගැනීම. අනික විදෙස් මුදල් රටට ලැබීමත් මේකෙන් වෙනවා. (අ)
වාර්තා වලින් දඬුවම් දෙන එක මොකක් වුණත් මිනිසුන්ගේ අවයව හොරකම් කළවුන්ට දෙවියෝ බලා දඬුවම් දෙනු ඇත (නි)
ගරු ඇමතිතුමනි, මේ ගැන සොයාබලනවා වගේ අපේ රටේ ඉන්න 80,000 ක් පමණ වන්නාවූ අහිංසක වකුගඩු රෝගීන් ගැනත් සොයා බැලුවොත් හොඳයි නේද? එකී රෝගීන්ට අවශ්‍ය බෙහෙත් වල හිඟයක් තියනවා කියලා වාර්තා වෙනවා. රුධිර කාන්දුකරන යන්ත්‍ර වලත් හිඟයක් නිසා අසරණ රෝගීන් පුද්ගලික රෝහල් වලට ගිහිල්ලා ගිනි ගණන් දෙනවා කණකර උගස් තියලා, ඉන්න ගේ දොර උගස් තියලා. මේ අසරණ ලෙඩුන්ට මෙහෙම කරන එක නම් ලොකු අපරාධයක්. නිදහස් සුව සේවයක් ගැන කියලා තමයි පාරම් බාන්නේ. (නි)