ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සිදු වූ වකුගඩු ජාවාරම් වලට ප්‍රධානව සම්බන්ධ යැයි සැකකෙරෙන සැකකරුවන් හත් දෙනකු මිරිහාන පොලිස් රැඳවුම් කඳවුරේ සිටියදී අතුරුදහන් වීමෙන් පසු සැකකරුවන් 5 දෙනකු මන්නාරම පේසාලේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මන්නාරම් පොලිස් විශේෂ කාර්යංශයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව පේසාලෙයි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ සෝදිසියකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අනෙක් සැකකරුවන් දෙදෙනා මුහුදු මගින් ඉන්දියාවට පැන ගිය බවටත් ඔවුන් එදින රාත්‍රියේ ධීවර බෝට්ටුවක ආධාරයෙන් ඉන්දියාවට පැන යාමට සැලසුම් කොට තිබූ බවටත් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත.
සැකකරුවන්ට පැන යාමට උදව් කළ බවට සැක කෙරෙන තලෙයිමන්නාරම්හි පදිංචි මෙරට ධීවරයෙකුද අත්අඩංගුවට ගත් බව පෙසාලෙයි පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අපරාධ කාරයින්ට ඔහොම පැනල යන්න ඉඩ දීමෙන් පොලිසියේ දුර්වල කමක් පෙන්නුම් කරන්නේ. මොහුන් සියලු දෙන්නාම නැවත හසු කරගෙන සිදුවුන අඩුපාඩුව හදා ගන්න! (අ)