නීති විරෝධී ලෙස වකුගඩු විකුණා ශ්‍රී ලංකාවේදී හසුවූ ඉන්දියා ජාතිකයන් ළඟ තිබූ රබර් මුද්‍රාවල ඇත්ත නැත්ත සොයාගැනීමට කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය ඉන්ටපෝල් අන්තර්ජාතික පොලිසියේ සහාය පතන බව සහකාර පොලිස් අධිකාරී සී.එච්.චන්ද්‍රතිලක මහතා අලුත්කඩේ වැඩබලන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට අද (16) කරුණු දැක්වීය.
මෙම රබර් මුද්‍රා ඉන්දියා ජාතික නීතිඥයන් හා වෛද්‍යවරුන්ගේ බව පෙනෙතියි ද ඔහු අධිකරණයට දැන්වීය. වකුගඩු විකිණූ බව කියන සැකකරුවන් නිසි ආහාර හෝ උණුවතුර පවා නොමැතිව මිරිහාන රැඳවුම් කඳවුරේ සිටින බවත් ඔහු අධිකරණයට දැනුම් දුන්නේය.
එම කරුණු ස්ථිර මහේස්ත්‍රාත්වරයාට යොමු කරන ලෙස වැඩබලන මහේස්ත්‍රාත්වරිය කියා සිටියාය.
ඒ අනුව සැකකාර එන්.රාමචන්ද්‍රන්, ඊ.සී.ශ්‍රී නිවාස්, එම්.ඉම්තියාස් ඛාන්, වයි.එස්.චවින් ක්‍රිෂ්ණා, රාගලේ උප්පලන්, එන්. ක්‍රිස්ටෝපර් සහ ගෝපාලන් වී.රාජා අගෝස්තු 30 දක්වා රිමාන්ඩ් කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිවුවලුනේ. වර්ජන වලින් රෝගීන් පෙළන ප්‍රබල වෘත්තීය සංගම් වලත් නියම මුහුණ පෙනේවි ඉදිරියට. (නි)
ඉන්දියන් කාරයො උන්ගෙ වකුගඩු ඉන්දියන් කාරයන්ටම විකිණුවට අපට මොකෝ ? ඔය අපේ දෙශපාලනඥයන් ඕන තරම් විකුණන්නෙ (බ)
විමර්ශනය කිරීම සඳහා ජාත්‍යන්තර පොලිස් සහය පතන්න ඕනෑ ඉන්දියාවනේ. අපි මොකටද ඒවාට වියදම් කරන්නේ? (නි)