ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මග පෙන්වීම අනුව ආරක්ෂක අමාත්‍යංශයේ ඉල්ලීම පරිදි වකුගඩු අරමුදල වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව දිනක වැටුප පිරිනමයි.
නාවික හමුදාවෙන් පමණක් රුපියල් නව කෝටි අසූ ලක්ෂයක් පමණ එකතුවූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලවි මහතා පවසයි.
ජාතික යුතුකමක් සේ සලකා නාවික හමුදාව මෙම පරිත්‍යාගය කළ බව ඔහු කියයි.
නාවික හමුදාවේ සියලු දෙනාට ඒ බව කලින් දැන්වූ බවද ඔහු සඳහන් කරයි. කිසිවකුටත් නොදන්වා පඩිපතින් කිසිම මුදලක් නොකපන බවද ඔහු අවධාරණය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය රෝගයට ගොදුරුව දුක්විඳින කෙනකු ගැන අනුකම්පාවක් ඇත්නම් කිසිවිටක ඔවුන්ට ගරහන්නේ නැත. රුධිරය පෙරනයට ලක්වන අයකු විඳින දුක ඊට සම්බන්ධ උපකරණ වලට අදාල උපකරණ අලුත්වැඩියා කිරීමට යාමේදී දැක ඇත. අනෙක මෙම සියලු වකුගඩු රොගීන් ඔය තත්වයට ගොදුරු වූයේ ඔවුන්ගේ වරදින් නොවේ (නි)
අයියෝ! ඔය යහපාලන මැති ඇමතිවරුන්ගේ පඩියෙන් කපාගන්නකො කොටසක්. ඇයි එහෙම පරිත්‍යාගයක්වත් එයාලට කරන්න බැරි? (නි)
ඕක රජයෙන් කරන්න පුළුවන් නේද, ඇමතියන්ගේ මන්ත්‍රීන්ගේ වරප්‍රසාද වලින් අඩුකරලා. (නි)
දියවන්නාවේ ඉන්න ඇමති සෙට් එකේ මාසෙක පඩිය අඩුකරගන්න්කෝ බලන්න කොච්චර ගානක් හොයන්න පුළුවන්ද කියලා තේරෙයි. (ර)
නාවිකයෙකු වීම ගැන සතුටුයි අපි වෙන්න ඇති මෙවැනි විශාල මුදලක් රටට පිරිනැමුවේ. (ර)
හොඳ වෙලාවට නාවික හමුදාවෙන් පඩි අඩු කර ගත්තේ, පාර්ලිමේන්තුවේ දුප්පතුන්ගෙන් නැතුව. අම්මෝ මේ යහපලනේ රඟ දැන් තමයි තේරෙන්නේ. (අ)
මෙය නාවිකයින්ගේ කැමැත්ත මත සිදුවුණ දෙයක් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ (නි)
දෙසපාලකයන්ගේ වරප්‍රසාද වැඩි කරගෙන දුප්පත් රජයේ සේවකයාගේ බඩට ගහනවා(රේ).
දේශපාලුවෝ හොරකම් කරපු සල්ලි ගන්නකො (බ)
තරංග ඔබ වැනි මිනිසුන් මේ රටේ තව කීපදෙනෙක් හිටියනම් අපේ. රට ඇත්තෙන්ම දියුණු කරන්න. ලේසියි අදහස් දමා තිබෙන අය මෙය කියවා. කෝප වෙලා මෙම ආයතනය ඒ අයගේ කැමැත්තෙන් මේ ලොකු මුදල දන්දෙන්නේ ඔබසැමට උපදින හැම ආත්මයකම නිරෝගී සුවය. පතනවා අපිත් හැදෙමු මේ විදියට (රේ)
මන්ත්‍රී වාහන පර්මිට් අහෝසි කළා නම් ලක්ෂ 45000ක් . මේවා කරන්න ඕනෑ නැහැ එහෙනම් (නි)
වැඩේ නම් හොඳයි. ඒත් ඉතින් මන්ත්‍රී ප්‍රතිපාදන වලින් ඔය වැඩේ කරන්න බැරිද? (නි)
මේක හැම කෙනෙකුගේම කැමැත්ත අහලද ගත්තේ? මේ අය ජීවිතේ පරදුවට තියලා සටන් කළේ. ඒ වුණාට පඩි මදි. ජීවත්වෙන්නේ ගොඩක් අමාරුවෙන්. (නි)
මේ දුප්පත් මිනිසුන්ගේ බඩට ගහන්නේ නැතුව මන්ත්‍රී පර්මිට් අහෝසි කරන්නකෝ. ඒ හැමෝටම වාහන තිබෙනවනේ. (නි)
දෙසපාලකයන්ගේ වරප්‍රසාද වැඩි කරගෙන දුප්පත් රජයේ සේවකයාගේ බඩට ගහනවා. (ර)
පඩිය මදි ගෙදර වියදම් පියවගන්න. තවත් පඩිය කැපුවහම කොහොමද ජීවත් වෙන්නේ? මේකට කොහොමද විරුද්ධ වෙන්නේ? කාටද පුළුවන් ලොක්කන්ට උඩින් යන්න. ඕන දේ කට හා කියනවා මිසක්. (ර)
අපේ දේශපාලු උන්නැහේලගේ වකුගඩු නරක් වුණා නම් බලන්න තිබුනා රඟේ (නි)
මේ මාසේ පොඩි එකාට ක්ලාස් යන්න එපා කියනවා. (ර)
අහිංසක මිනිස්සු දුකින් බේරාගන්න දුන්නට කමක් නැහැ. එ්ත් ලොකුම අවුල තියෙන්නේ ඕවායෙන් අපේ අතිගරු දේශාලකයින් කොච්චර ගසාකයිද කියන එකයි (නි)