වී මිලදී ගෙන සහල් බවට පත් කර වෙළඳපොළට නිකුත් කර නොමැති වී මෝල් හිමියන් ගැන අවශ්‍ය පියවර ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කිරිමට කැබ්නට් මණ්ඩල තීරණය කර තිබේ.
වී අලෙවි මණ්ඩලය සතුව ඉතිරි වී පවතින වී තොග සතොස සහ පෞද්ගලික වී මෝල් හිමියන් මගින් සහල් බවට පත් කර වෙළඳපොළට නිකුත් කිරිමට එම කමිටුවට පැවරී තිබේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඉල්ලීම පරිදි ඉන්දුනිසියා රජයෙන් සහල් මෙට්‍රික් ටොන් 10,000 ක් ලබා දීමට නියමිත බවද කැබිනට් මණ්ඩයට දැනුම් දී ඇත.
තවදුරටත් වෙළඳපොළ සහල් මිල ඉහළ මට්ටමක පවතින්නේ නම් ඉන්දුනිසියාව සහ වියට්නාමය ඇතුළු රටවලින් සහල් ආනයනය කිරිමට ද කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වී ඇත.
2014 වසරේ සිට 2015 වසරේ සිට නිසි ක්‍රමවේදයකින් තොරව සහල් අලවි කිරිම නිසා රජයට රුපියල් කෝටි 1515 ක අලාභයක් සිදු වී ඇතැයි විගණකාධිපතිවරයා කළ පරික්ෂණයේ දී අනාවරණය වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන කමිටුවේ උත්සාහය "ගගට කැපූ ඉනි වගේ "වෙයි. මොකද අපි දන්නවා කවුද මහා පරිමාණ මෝල් හිමියෝ කියල, (බ)
කමිටුවේ සභාපති අරලිය සහල් හිමි ඩඩ්ලි. (බ)
මේ ගැන හොයන්න කමිටුවක් පත් කරන්නේ මොකටද , සිරිසේන ජනාධිපතිගෙන් හෝ මලයා ඩඩ්ලි සිරිසේනගෙන් ඇහැව්වනම් දැනගන්න පුළුවන් . මොකද මේ දෙන්න මේක ටක්කෙටම දන්නවා (බ)
මොන කමිටුද, මොවුන්ගෙන් අරන් හාල් ටික මිනිසුන්ට බෙදලා දෙනවා මිසක්. මොකද කමිටු පත්කරන්නේ. ඒ කමිටුවේ සභාපති කවුද. වැඩක් නැහැ, ඉදිරියේදී මිනිස්සු ඕවට පැනලා සහල් ටික සාධාරණ මිලට බෙදාදෙයි. (නි)