පුලතිසිපුර සහල්මෝල් හිමියකු වන ප්‍රාදේශීය විද්‍යුත් මාධ්‍යවේදියා යුරෝපයේ තානාපති කාර්යාලයකට පත්වීමක් ලැබ පසුගියදා ගියේය.
එහි දින 10ක් ගත කළ ඔහු ගමරට ආවේය. ඒ නිවාඩු පිටය. ඔහුගේ දියණියගේ විවාහ මංගල්‍යයේ වැඩ කිරීම සඳහාය. බරපතල අසනීපකාරයන්ට පවා නිවාඩු ලබාගැනීම ලේසි නොවේ. එහෙත් මොහුට නිවාඩු ලැබුණේය.
විදේශ අමාත්‍යංශය එම නිවාඩු වහා අනුමත කළේය. ඔහුට සම්බා සැලකිල්ලක් ලැබුණු බව දැන් විදේශ අමාත්‍යංශයෙන් ඇසෙන කථාවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න මහා ලොකු යහපාලනය! (නි)
එදා හම්බන්තොට, අද පොළොන්නරුව. පැතූ වෙනස කොයිබද? (නි)
පිටබැද්දර ජයාට කට උත්තර නැහැ වගේ. ඕකද බලාපොරොත්තු වුණ වෙනස? (නි)
දන්නෙ නැද්ද ඉස්සර ඇම්පී පක්ෂයෙන් කොළඹ හිටිය පාතාල ගොයියකුටත් තානාපති කමක් දුන්නා (අ)
කොහොමද ගමරාළගේ වැඩ ? (බ)
ග්‍රාමසේවකල රට පාලනය කරන කොට ඔහොම තමයි. එංගලන්තයේනම් උපාධියක් නැතුව පාර්ලිමේන්තුවට යන්නත් අමාරුයි (බ)
කෝ මේ ඩුබායි තිලක්? (නි)
දුන්නා නම් දැන් ඉතින් විඳවන්නකෝ. (නි)
පිටබැද්දර ජයා, කරන්නේ නැහැ කියපුදේම කරනකොට හොඳයි කියන්නද, නැත්නම් කට වහගෙන නොදැක්කා වගේ ඉන්නද?
අනේ තිලක් ඩුබායි, ඉන්න තැනකින් එළියට ඇවිල්ලා මේ අසරණ වී මෝල් හිමියයි, එයාව බලෙන් යුරෝපෙට ඇරපු කෙනයි වෙනුවෙන් කතාකරන්නකෝ. නැත්නම් අපි හිතන්නේ ඔයාටත් අතපසුවීමක් වෙලා කියලා. (නි)
ඔය දවස් 10ක් ගිහින් එන්න ඇත්තේ මගුලට යුරෝපෙන් බඩු ගන්න ආණ්ඩුවේ වියදමෙන් ටිකට් කන්න වෙන්න ඇති. නැත්නම් ඕක මගුල ඉවර වෙලා යන්න බැරි දෙයක්ද? ඕකත් අර ක්‍රිකට් කොල්ලන්ව නළු නිළියන්ව මුල්‍ය වංචා කියලා ගෙනියන තැනට යන්න වැඩක් නෙවෙයිද. (බ)
දෙයියෝ සාක්කි කතාවක්. විද්‍යුත් මාධ්‍යවේදියෙක්. මෝල් හිමියෙක්. තානාපති කාර්යාලයක සේවයට. පුලතිසිපුර. කාටද මඩු වලිගෙන් තලන්න ඕනෑ (නි)
හම්බන්තොටින් ගියත් වැරදි , පොළොන්නරුවෙන් ගියත් වැරදියි. ඉස්සර කට්ටිය හොඳ නැති නිසා මේ කට්ටිය පත් කළා, මේ කට්ටිය කියලත් කිසිම වෙනසක් නැහැ (බ)
කියලා වැඩක් නැහැ. රටට වෙන දේ අපිට හිතාගන්න පුළුවන් (නි)
අර රතුපස්වල වෙඩි තියන්න අන්දුන් කෙනා තානාපති කාර්යාලේ ඉදන් ගෙදර ඇවිත් නේද ? කෝ හැමදේම නීතිපති දෙපාර්තමේන්තුවේ හමස් කටේද ? (බ)
තානාපති මොනවා කරයිද මන්ද? (බ)
අපේ හිටපු මර්වින් සිල්වා තුමාට බාරදෙන්න. එයාම මඩු වලිගෙන් තලාගත්තා කියාවි. වැදි බණ (බ)
පුදුම සැලකිලි තමයි.(හේ)
ඒ මහතා මම හොඳින් දන්නා කෙනෙක් (නි)
පිටබැද්දර ජයා, ඩුබායි තිලක් ඇතුළු කඩේ යන දෙතුන්දෙනා කියාවි "මේවා ගැන යහපාලනය නිසි පියවර ඉදිරියේදී ගනීවි, එතෙක් ඉවසලා ඉන්න" කියලා. (නි)
කෝ මේ තිලක්-ඩුබායි. බුදිද? (කෞ)
මේ මහතා පුලතිසිපුර විද්‍යාපීඨයේ හිටපු ජේ්‍යෂ්ඨ කතිකාචාර්යවරයෙක්,මේ මෝල් හිමියෙක් නොවෙයි.ඔහු ඒ යුරෝපා රටේ තානාපතිත් නොවෙයි.ඔහු ලන්කාවට ආපසු ආවේ දින 10 කින් නොවෙයි,මාස දෙකකට පස්සේ ජනවාරි 15 දා තිබුණ ඔහුගේ දුවගේ විවාහ උත්සවයට.ඒ නිවාඩුවත් ඔහු පසුගිය අවුරද්දට ඉතිරිකරගත් නිවාඩු වලින් අරන් තිබුණේ.ඔහු අවුරුදු 10 කට කලින් මාධ්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගියා පොළොන්නරුවේ සියලු මාධ්‍ය මිතුරන්ගේ උදව්වට.ලංකාවේ රාජ්‍ය සේවයේ බරපතල අසනීප වලට පමණක් නොව සාමාන්‍ය අසනීප වලටත් නිවාඩු දෙනවා.මේ වී මෝල් කතාව දැක්කම කණගාටුවක් ඇතිවුනා.පාඨක අදහස් දැක්කහම බොහෝ පාඨකයෝ නොමග ගිහින් ජනපතිතුමාට අපහාස කරලා තියෙනවා. (කේ)
දැන් ප්‍රශ්නේ තියෙන්නේ පොළොන්නරුවෙන් ගිය එකද ? පහුගිය කාලේ හැටියට මේ මොනවද අප්පා ? අපේ මිනිසුත් මැරිලා ඉපදිලා වගේනේ . හැමදේම එක පාරට නිවැරදි කරන්න අමාරුයි හැබැයි මේවා සිදු නොවිය යුතුයි (බ)
සම්බා සැලකිලි නෙවෙයි මේ බාස්මති සැලකිලිනේ. අනේ අපිත් පොළොන්නරුවේ වුනානම් කියන්නේ මේ වැඩ දැක්කාමයි.(ම)
අනේ අම්මෝ මටනම් යුරෝපේ නොගියට හොඳට කාල අන්දලා ඉන්න මේ සුන්දර ගම්මානේ මගේ අප්පච්චියි අම්මයි යමක් කමක් ඉතුරු කරලා තියෙනවා මම ඉතිනේවත් වැඩි දියුණු කරගෙන දෙමවුපියෝ දෙන්නත් බලාගෙන බොහොම සතුටින් ඉන්නවා (අ)
අසරණ මහජනතාවගේ සල්ලිවලින් සැප ගන්නවා. රට ඉන්න අපි දුක් විඳිනවා උන්ට හම්බකරන්න (බ)
හෙට අනිද්දා වෙනකොට ඔය තිලක්ලට ජයාලට හැංගෙන්න තැන් හොයන්න වෙයි (නි)
මෙන්න යහපාලනය මෙයා පොළොන්නරුවේ කෙනෙක් (බ)
අපේ සංස්කෘතියට ගැලපෙන්නේ නැහැ . මඩු වලිගෙන් තලන්න මම පසුබට වෙන්නේ නැහැ .(ම)
තානාපති කාර්යාල වල දැන් නම් ඉන්නේ මැටි මෝල්ලු, මැටි මෝලියන්. උන් ඒවායේ ඉඳන් කරන්නේ උන්ගේ පුද්ගලික වැඩ. ලංකාවේ තියන එපාම කරපු සේවය. (බ)
මොකක්ද කියන්නේ කියලා තේරෙන්නේ නෑනේ.(හේ)
ජර්මනිය ඇමෙරිකාව වැනි රටවල තානාපති සේවයකට ඇතුළුවීමට අඩුම තරමේ එම ක්ෂේත්‍රය ගැන උපාධියක්වත් අවශ්‍යයි. ලංකාවේ වීමෝල් හිමියෙකු වීමත්, ඉංග්‍රීසි ටිකක් කතාකිරීමත්, පරිගණක භාවිතය ගැන දැනීමක් තිබීමත් ප්‍රමාණවත්ය. (නි)
රටට පොදුවේ වැඩ කරනවා වෙනුවට තම හිතවතුන්ට සළකනවා නම් ඊළඟ ඡන්දෙදි අපි දානවා ඡන්දෙ දෙන හැටි. අපිට කිසිවක් ඉක්මනින් අමතක නොවේ. (නි)
ලක්දිව ශ්‍රේෂ්ඨම රජු ඔබ ලෙස ඔබ ඉතිහාසගත වනු ඇත (ම)
වී මෝල් තානාපති එහේ ගිහින් මොනවා කරයිද දන්නෙ නැහැ (නි)
උදය, තිලක්ටත් ඩුබායි නැතුව යුරෝපයේ තානාපති කාර්යාලයක හැංගෙන්න වරම් ලැබුනා කියාවි. ජයාත් එහෙමම පිටබැද්දරින් යුරෝපෙට යාවි. ඒ ටිකටනේ ඔය කෑගහන්නේ. නැත්නම් අතේ පැළවෙන බොරු කියද්දී සහ කරද්දී ඒවාට නිදහසට කාරණා කියාවිද. (නි)
මේකද යහපාලනය? (නි)