අම්පාර නගරයේ සිට කිලෝ මීටර් 32 ක් දුරින් පිහිටි තොට්ටම ගම්මානයේ වී ගබඩාවට අද (09) අලුයම වරින් වර පහර දුන් වන අලියකු එම ගබඩාවේ එක් ස්ථානයක් කඩා දමා වී බෝජනයට උත්සහ දරා ඇත .
වී ගබඩාව මුර කරමින් සිටි මුරකරුවන් දෙදෙනා සහ ගම් වැසියන් කීප දෙනෙකු ඉතා අසීරුවෙන් මෙම අලියා එළවා දමා ගබඩාවේ වී තොගය බේරා ගත් බව ප්‍රදේශවාසිහු කියති.
ඔවුන්ගේ උත්සහය නොවන්නට ගබඩාවේ වී අට්ටි ගබඩාවෙන් පිටතට කඩා වැටී විශාල හානියක් සිදුවන්නට ඉඩ තිබූ බව දැක ගන්නට ලැබුණි. වී තොගය ගබාවෙන් පිටතට කඩා වැටුණේ නම් විශාල වී තොගයක් වන අලියා විසින් කා දමනු ඇති බව ඔවුහු පවසති.
මේ දිනවල තොට්ටම ගම්මානයේ දිවා කාලයේ පවා වන අලින් සැරි සරන අතර යාබද මරියකන්ද ප‍්‍රදේශයේ නිවසකට ද දින තුනකට පෙර පහර දී වි ගෝනි තුනක් කා දමා ඇත .
මේවන විට තොට්ටම වී ගබඩාවේ වී කිලෝ ලක්ෂ 17 ක් තිබෙන අතර එහි සමස්ත ධාරිතාවය ලක්ෂ 33 කි. අලින්ගෙන් වී ආරක්ෂා කිරීමට වැඩපිළිවෙලක් අවැසි බව ගැමියෝ කියති.

![1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/111.jpg)
![3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/312.jpg)
![4[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/412.jpg)
![5[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/512.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න අපේ අගමැති තුමාට කොච්චර දුර දක්නා නුවනක් තියනවද කියල . මත්තලට අලියෙක් තියා මොකෙක්වත් එන්නේ නෑනේ. ඒ නිසා වී ආරක්ෂිතයි (අ)
වී අලෙවි මණ්ඩලයේ රාජකාරිය එතරම් සතුටු දායක නැත. (අ)
පව් අසරණ ගම් වැසියෝ ..හරි හමන් නිවසක් වත් ඔවුන්ට නැති බව මේ ඇටසැකිලි නිවසින් කියාපායි..රටක ප්‍රධාන පුරවැසියාගේ විශේෂ අවධානය විය යුත්තේ ඒ රටේ පුරවැසියන්ගේ ප්‍රධාන අත්‍යවශ්‍ය පහසුකම් ටික මහජනයාට සම්පුර්ණ කිරීමයි, ඒ දෙය නොවන තැන අපිට ඉන්දියාවත් සමග හදට යාමේ අවශ්‍ය තාවක් කිසිසේත්ම නැත .මේවා තමයි ප්‍රධානම දුර්වලකම් ..?ස්වභාව ධර්මයට පෙනේවා මේ මිනිසුන්ගේ දුක ..?(ම)
මොකොද අලින්ට බඩගිනි වෙන්නේ නැද්ද ? මේ වී තොග අලි කන්න ඉස්සර වෙන තැනක ගබඩා කරන්න බැරිද ? (ම)
මම මුලින් හිතුවේ මත්තල කියලා. (නි)
මම හිතන විදිහට අලි වැට නිසයි මත්තල ගබඩාකළ වී ටික වුණත් බේරිලා තියෙන්නේ. (නි)
මීමැසි පාලනය අලි මිනිස් ගැටුමට විසදුමක් ලෙස අප්‍රිකානු රට වල සාර්ථකව යොදා ගනී (අ)
වී ගබඩා කරන්න තැන් නැහැ කියලා නේද කිවුවෙ? මෙතන ලක්ෂ 33ක් දාන්න හැකියිනේ. දැනට තියෙන්නෙත් 17යි. ඒ නිසා තව 16ක් ගබඩා කරන්න පුලුවන්. (නි)
හොඳ වෙලාවට විනාශයක් නොවුණේ (නි)