සුදු සහ රතු කැකුළු මෙන්ම දේශිය නාඩු සහල්වල මිල පහළ හෙළිමටත් එළඹෙන යල කන්නයේ සියලූ වී අස්වනු රුපියල් පනහක සහතික මිලට මිලදී ගන්නා ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත නියෝග කර ඇති අතර ඒ වෙනුවෙන් ගබඩා හිස් කිරීමට වී අලෙවි මණ්ඩලයට සිදුව ඇත.

රජය ඉකුත් මහ කන්නයේ මිලදී ගත් වී වලින් ගබඩා පිරී ඇති නිසා වී කඩිනමින් සහල් කිරීමට ඔවුන් තීරණය කර ඇති අතර ඒ පියවර සමඟ විශාල සහල් තොගයක් වෙළදපළට පැමිණීමට නියමිතය.