
(අංජුල මහික වීරරත්න)
වී අලෙවි මණ්ඩල පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
1971 අංක 14 දරන වී අලෙවි මණ්ඩල පනත මඟින් වී සහ සහල් මිල දී ගැනීම, අලෙවි කිරීම, සැපයීම, කෙටීම, පෑහීම සහ සකස් කිරීම ව්‍යාපාරයක් වශයෙන් පවත්වා ගෙන යාම සඳහා මණ්ඩලයක් පිහිටු වීමට අවශ්‍ය විධිවිධාන සහ ඊට අදාළ සේවාවන් සැපයීම සම්බන්ධයෙන් වන අනුෂාංගික කරුණු සඳහා නෛතික විධිවිධාන සලස්වා ඇත.
එම පනත පැනවූ 1971 සිට මේ දක්වා වසර 54ක් ගත වී ඇති නමුත් ඒ සඳහා කිසිඳු සංශෝධනයක් සිදු කර නොමැති යාවත්කාලීන නොවූ පනතක් වශයෙන් ක්‍රියාත්මක වෙමින් පවතී.
එම පනතේ සඳහන් විධිවිධාන වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දීර්ඝ කාලයක් ගත වන බැවින් දැනට ගැටලුවක් වශයෙන් හඳුනාගනු ලැබ ඇති අවිධිමත් ලෙස වී සහ සහල් තොග රැස් කිරීම හා ගබඩා කිරීම නියාමනය කිරීම පිණිස බලපත්‍ර ක්‍රම වේදයක් හඳුන්වා දීම සඳහා පනතේ අදාළ විධි විධාන කඩිනමින් සංශෝධනය කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව, 1971 අංක 14 දරන වී අලෙවි මණ්ඩල පනතසංශෝධනය කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වී අලෙවි මණ්ඩල පනත සංශෝධනය කරන්නේනම් නොමිලයේ පොහොර. කෘෂි රසායන, ඉන්දන,බිත්තර වී සහ වෙනත් සහන නොමිලයේ ලබාදීමට අවශ්‍ය නොවන බවට තහවුරු විය යුතුවේ. කිසිවකු රජයේ සහන ලබගන්නේනම් එම ගොවීන්ගේ වී ( ප්‍රමිතියට සකසන ලද වේලන ලද වී ) රජය නියම කරනාවූ මිල අනුව රජයට ලබාදීමට කටයුතු කලයුතුවේ
1971 සිට හරියාකාරව යමක් කරන්නෙ හැකියාවක් තිබුනද කියල බලන්න ඕන 1971 කැරල්ල ඊළගට උතුරේ යුද්ධය සමග දකුණේ 88-89 අරගලය හා ඉන්පසු වරින්වර ඇතිකල වැඩවර්ජන නිසා මොනවත් කරන්න කාලයක් තිබුනෙ නැහැ