(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පූනෑව ඒ 9 මාර්ගයේ ගල්කන්දේගම ප්‍රදේශයේදී පොලිසිය විසින්  නවතා තිබු ලොරි රථයක් මතට පොහොර ප්‍රවාහනය කළ විශාල ලොරියක් පෙරළි යාමේන් දෙදෙනකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පූනෑව පොලිසිය කියයි. 

මෙසේ මරණයට පත්ව ඇත්තේ නොරෝච්චෝල ඉලන්තඩිය පදිංචි දෙදරු පියකු වු 46 හැවිරිදි වර්ණකුලසුරීය ඇන්ටන් විරාජ් ප්‍රනාන්දු නැමති අයකු හා එම ප්‍රදේශයේම පදිංචි එක්දරු පියකු වු 35 හැවිරිදි රුමේෂ් ප්‍රියංකර නැමති දෙදෙනෙකී.

ඉලන්තඩිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ඔහුගේ සේවකයකන් පිරිසක් යාපනය ප්‍රදේශයේ මුහුදු කුඩැල්ලන් ඇල්ලීමේ ව්‍යාපාරය සදහා ගමන් කරමින් සිටියදී පූනෑව පොලිසිය ආසන්නයේදී ඔවුන් ගමන් කරමින් තිබු ලොරි රථය පූනෑව පොලිසියේ රථවාහන අංශයේ නිළධාරීන්  නවතා තිබියදී පිටුපසින් ආ පොහොර ප්‍රවාහනය කළ ලොරි රථයක් රියදුරු පාලනයෙන් ගිලිහි ගොස් නවතා තිබු ලොරි රථය මතර පෙරළි මෙම මාරක අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.

අනතුර සිදුවන අවස්ථාවේදි නවතා තිබු ලොරි රථයේ අට දෙනකු සිට ඇති බවත් කන්ටේනර් පෙට්ටි සහිත ලොරිය කුඩා ලොරි රථය මතට පෙරළීමේන් එම ස්ථානයේදීම දෙදෙනෙකු මරණයට පත්ව ඇති බව පොලිසිය කියයි.

කෙසේ නමුත් කුඩා ලොරි රථයේ පැමිනි ව්‍යාපාරිකයාගේ දිවි බේරි ඇත්තේ ඔහු පොලිස් නිළධාරීන්ට තම වාහනයේ ලියකිවිලි පෙන්විමට යාම හේතුවෙන් බව පවසයි.

ලොරි රථයේ රියදුරාට නින්ද යාම මෙම අනතුරට හේතුව බව පොලිසිය සැකකරයි.