(අංජුල මහික වීරරත්න)

බ්‍රසීලය සහ ලංකාව අතර තාක්ෂණික සහයෝගීතාව සහ ද්විපාර්ශ්වික වෙළෙඳාම තහවුරු කළ හැකි යැයි බලාපොරොත්තු වන බව බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා මහතා එක්ස් පනිවිඩයක් නිකුත් කරමින් පවසයි.

බ්‍රසීල ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තැබූ එක්ස් පණිවිඩයට ප්‍රතිචාර දක්වමින් ලූලා ද සිල්වා මහතා මේ බව සඳහන් කරයි. බ්‍රසීල ජනාධිපතිවරයා මෙසේද පවසයි.

මගේ ආදරණීය @anuradisanayake, මේ වසරේ පෙබරවාරි මාසයේදී ඉන්දියාවේදී ඔබ හමුවීම සතුටක්. වැරදි තොරතුරු සහ අන්තවාදයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ හැකි බව බ්‍රසීල ජනතාව පෙන්වා දුන්නා. එය විශිෂ්ට ජයග්‍රහණයක් යනුවෙන් බ්‍රසීල ජනාධිපතිවරයා කියයි.