
(අංජුල මහික වීරරත්න)
ජනවාරි මාසයේ සිට මේ දක්වා ශ්‍රී ලාංකිකයන්ට දකුණු කොරියා රැකියා දහසකට ආසන්න ප්‍රමාණයක් හිමිවී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.
පිරිමි 923 ක් සහ කාන්තාවන් 76 දෙනකු සඳහා දකුණු කොරියාවේ නිශ්පාදන, ධීවර, සේවා අංශ මෙන්ම ඉදිකිරීම් යන ක්ෂේත්‍ර සදහා මෙලෙස රැකියා අවස්ථාවන් හිමි වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරයි.
එසේම දකුණු කොරියාවේ නිශ්පාදන අංශයේ රැකියා හිමි කරගත් 926 වැනි කණ්ඩායමට අයත් 90 දෙනෙකු සදහා ඊයේ (12) දින අවසන් දැනුවත් කිරිමේ වැඩසටහන හා ගුවන් ප්‍රවේශ පත්‍ර දීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේදී සිදුකෙරිණි.
එම රැකියාලාභීහු පිරිස UL 470 ගුවන් යානයෙන් ඊයේ (12) කොරියාව බලා පිටත් වූහ.
ගුවන් ප්‍රවේශ පත්‍ර දීම සඳහා එක්වූ කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා කීවේ ලෝකයේ රැකියා ඉල්ලුම රදා පවතින්නේ ලංකාවේ තරුණ තරුණියන්ගේ කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ දක්ශතාවය මත බවයි.
මීළඟ පරම්පරාවේ දහස් ගණනකගේ රැකියාවන් තීරණය වන්නේ අද තරුණ පිරිස රැකියාවේ නියැලෙන ආකාරයෙන් බව ඔහු ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අයව කිසිම රටකට වද්දා ගත යුතු ජාතියක් නොවෙයි.. ඒ රටවලින් කාලා බොක්ක පිරුණාම, ප්‍රෞඩ ඉතිහාසෙයි, පුහු දේශප්රේමෙයි, ආගමේ ලොකුකමයි මහලොකු සංස්කෘතියයි ඉහට ගහලා උඩු බුරනවා. මේ නූගත් මොඩයින්ගේ සල්ලි සූරාගෙන කන්න තක්කඩි පූජක රැළකුත් ඒ රටවලට පටවා තියනවා. ඉතින් මොවුන්ගේ මෝඩ ශ්‍රද්ධාව වැඩිකමට දුක්මහන්සි වෙලා හම්බකරන තුට්ටු දෙකත් අර තක්කඩියන්ට පූජා කරලා මොවුන් හිඟන්නෝ වගේ ජීවත් වෙනවා... ශ්‍රද්ධාව වැඩිකමට ප්‍රඥාව අහිමි වුණු කෙනෙක්...
කොරියන් යන්න තියෙනවා නම්... හොදයි. දියුණු වෙච්චි අය ඉන්නවා. කිසි සැලසුමක් නැති අය ඉන්නවා. මැද පෙරදිග ඉන්න අයට කිසිම අවස්ථාවක් නෑ.