ලිහිසි හා හයිඩ්‍රොලික් ඉන්ධන දැවිතෙල් සමග කලවම්කැර විකිණීමේ ස්ථානයක් කැලණිය නාරන්මිණියෙන් වටලා රුපියල් ලක්ෂ 70ක පමණ ලිහිසි තෙල් සමග දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
කැලණිය නොවිසඳුණු අපරාධ අංශය මේ වැටලීම සිදු කළේය. ලිහිසිතෙල් බැරල් 33ක් ද හියඩ්‍රොලික් තෙල් බැරල් හතරක් ද දැවිතෙල් බැරල් 24ක් ද, හිස් බැරල් 97ක් ද තිබූ බව පොලීසිය කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැටලීමට මුල්වූ පොලිසියේ කට්ටිය දැන්ම ඉඳලාම තමන්ගේ බඩු මුට්ටු පැක් කරගෙන් ස්ථාන මාරුවකට සුදානම් උනොත් හොඳයි. මොකද මේ වගේ දේවල් මීට කලින් අල්ලපු සියලුම පොලිස් නිලධාරීනටත් සිද්ධ උනේ "" සේවා අවශ්‍යතා මත ස්ථාන මාරුවීම් "" වලට ලක්වෙන්නයි.(නදී)
සල්ලි හොයන්න නොකරන දෙයක් නැහැ මේ මිනිස්සු ! (අ)
මේවා මෙච්චර කාලයක් ඇහැ වහලා කරගෙන ගිය එකනේ පුදුමේ. (නදී)
නමුත් මේවායේ මහ මොළකරුවන් නිදැල්ලේ (නි)
ආශ්චර්යයට යන මඟ ලිහිසි කරන්න වෙන්න ඇති මගෙ හිතේ? (නි)