IMG-LOGO

ලහිරු සමරසිංහගෙන් White and Black

2016-06-14-ent-59සුදු වෑන් සිදුවීම් සම්බන්ධ අසා පුරුදු අප නැවතත් ඒ පිළීබඳ කතන්දර කනින් කොණින් අසමින් සිටියි. මෙම චිත්‍රපටයේ කතා තේමාවට එම විෂයය පාදකය. ලහිරු සමරසිංහ ගේ අධ්‍යක්ෂණයක් වන එය 2010 බොන්සුවාර් චිත්‍රපට උළෙලේ ජූරි සම්මානයෙන් පිදුම් ලැබීය. නමුත් එම විෂයය දෙස බලා ඇති කෝණය අනුව ඔබට මෙය නව අත්දැකීමක් වනු ඇත.

මේ ඒ සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂක ලහිරු සමරසිංහ අප සමග පැවසූ දේයි.

ඒ 2009 අවුරුද්ද. අතුරුදහන් වූවන්ගේ ලැයිස්තු බලා සිටිද්දී දිගු වුනා. කොළඹ දෙමළ සමාජයේ මිතුරන් තමන් කොයි මොහොතක හෝ අතුරුදන් වන බව දැන ජීවත් වන්නට විය. මේ චිත්‍රපටය නිර්මාණය වුනේ ඒ කාලයේදියි. ඒ යුගය මේ වෙනකොටත් අවසන්. ඒ වුනත් ඒ මිතුරන් තවමත් අතුරුදන්.

චිත්‍රපටය ආරම්භයේ සිට පෙන්වන්නේ හාවෙක්. අහිංසක සුදු හාවෙක්. ඒ හාවා තමන්ගේ ආහාර ගන්න අතරෙම ඉව කරමින් ඉන්න දසුනක් ඔබට පෙනෙයි. එයින් පසුව පෙන්වන්නේ පුවත්පතක් කියවන දෙමළ තරුණයෙක්. ඔහු දමිල යැයි අප කියන්නේ ඔහුගේ පෙණුමත් ඔහු කියවමින් සිටිනදමිල පුවත්පතත් නිසායි. තම නිවස තුළ පැමිණ සිටි හා අමුත්තාඔහුට පෙනෙන්නේ පුවත්පත අතරිනුයි. හාවා ඔහු දෙස නොසැලී බලා සිටිනවා. එයින් කැළඹීමට පත්වන ඔහුට සිදුවන්නේ කුමක්ද? හාවාගෙන් සංඛේතවත් කරන්නේ කුමක්ද? මේ සියල්ල දැනැනීම වෙනුවෙන් ඔබ White And Black නැරඹිය යුතුය.

 

රංගනය - දර්ශන විද්‍යා අරවින්ද

රචනය සහ අධ්‍යක්ෂණය - ලහිරු සමරසිංහ

කැමරාකරණය - මහින්ද අබේසිංහ

සංස්කරණය - සංඛ මල්වත්ත

සංගීතය - තරිඳු ප්‍රේමරත්න

 

රචින්ත ජයවර්ධන

 



අදහස් (0)

ලහිරු සමරසිංහගෙන් White and Black

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 495 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 675 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 275 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site