අම්පාරේ බුද්ධංගල ලාහුගල අභයභුමි වල වල් අලි නිතර දකින්නට හැකිව තිබේ. බුද්ධංගල අභය භූමියේ සිටින වල් අලින් රාති‍්‍ර කාලයේ අමිපාර කල්මුනේ මාර්ගයේ වලතාපිටිය මල්වත්ත ප‍්‍රදේශයෙන් පාර පැන කපා අවසන් කරන ලද කුඹුරු වල නිරි වගාව කෑමට පුරුදුව සිටිති. බ්‍රහස්පතින්දා රාත්‍රියේ එලෙස කුඹුරු වල නිරි කෑමට ගිය වල් 25 ක පමණ රංචුවකට නියමිත කාලයේදී බුද්ධංගල අභය භුමියට යෑමට නොහැකි වී ඇත පසුව අද දහවල් අමිපාර කල්මුනේ මාර්ගයේ දී මෙම වන අලි රෑන බුද්ධංගල අභය භූමියට යන්නට ආවේ රැලේ නායකයාගේ අණ නිවැරදිව පිළිපදිමින් පැටවුනටද අධි ආරක්ෂාව සලසමිනි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලස්සනයි. මේවා බලන්න සංචාරකයෝ ලක්ෂ ගණන් වියදම් කරගෙන ලංකාවට එනවා. නමුත් අපේ රටේ ඉන්න සමහරුන්ට ඔලුවෙන් හිතලා ටිකක් කල්පනා කරලා බලලා ලියන්නවත් බැහැ. මේවා රැකගත යුතු දේවල්. (නි)
සත්පුරුෂයෝ සහ මනුෂ්‍යයෝ සතුන්ට මෛත්‍රී කරති. අසත්පුරුෂයෝ වෛර කරති. බන්දුලටත් එම ධර්මතාවය පොදුයි. (නි)
අලි බලලත් බලි බලලත් ඇතිවෙන්නේ නැහැ කියනවනේ. කොයිතරම් ලස්සන සුන්දර දර්ශනයක්ද? අපේ වනාන්තරවල සැබෑ අයිතිකාරයෝ තමයි මේ. මේ සතෙකුට උගුලක් අටවන්න, තුවක්කුවක් එල්ල කරන්න හිතන අයත් අපේ රටේ ඉන්න එක මොනතරම් අවාසනාවක්ද? (නි)
බන්දුල මොකද සත්තු දැක්කම මේ තරහින් වෙව්ලන්නේ. (නි)
බන්දුලට අලින්ව පේන්න බැරි හේතුව හිතාගන්න පුළුවන්නේ. ඒ සංකේතයත් එයාට අරහන්. (නි)
කැලුම් ,මගේ පියවි ඇසට දැක තිබෙන අලි මෙහිදී දකින්න නොලැබුනත්, පින්තූරයකින් හෝ නියම අලි දකින්න ලැබීම කොච්චර නම් මනස්කාන්තද? තව තව නියම අලි වැඩිවේවා!!! අලි රැළක් !!! සුබ අනාගතයක් !!!!!!! (අ)
අලි අහිංසක සත්තු. කුලප්පු වෙන්නේ තමන්ට ඇතිවන හැඟීම් මිනිසුන් විසින් පාලනය කරනවිටයි (නි)
ඒ ජා ප අලියොත් ඔතන ඇති , මහින්දට බයේ පාර මාරුවෙනවා වගෙයි (අ)
මේ අපේ උරුමය, අපේ සම්පත, අපේ ආඩම්බරය,. රූපා කිව්වා වගේ මේ සම්පත තෙරුවන් සරණින්, සියලු දෙවි රැකවරණින් අපේ අනාගත පරපුර සඳහාත් ඉතිරි වේවා! බන්දුල පෙරේරා වගේ පිස්සන් තවත් රටේ ඇති. ඒ වගේ අයගෙන් බේරෙන්න අවශ්‍ය ශක්තිය, බුද්ධිය, එකමුතුකම, නිවැරදි නායකත්වය වැඩිදියුණු වේවා. (නි)
බන්දුල පෙරේරා ,ඔබගේ ලේ සාම්පල් එක පරික්ෂා කර දැනගන්න, ඔබ නියම සිංහල ලේද කියලා (නි)
සත්තු කුලප්පු වෙන්නේ තමන්ට ඇතිවන හැඟීම් මිනිසුන් විසින් පාලනය කරනවිටයි (නි)
ඔන්න වාහාන මිලත් වැඩි වෙනවාලු. අලින්ට තමයි පාරේ යන්න වෙන්නේ.(හේ)
මේ වගේ සද්දන්තයන් මේ විදියට දකින්න ඇස් පින් කරලා තිබෙන්නම ඕනෑ.ලෝකයේ කිසිම රටක මෙවන් ලස්සන අලි නැහැ (නි)
බන්දුලලා වගේ හිතන මිනිස්සු නැත්නම් අපිට ලස්සන රටක් හදන්න පුලුවන් වෙයි (නි)
සුන්දරත්වය ගැන කතා කරද්දී මිනිසුන් හැටියට අපි අපේම විනය ගැනත් කතා කළයුතුයි නේද? (නි)
සරත්, ජීවිතය සුන්දර කරගන්න ඕනෑ තමන් විසින්මය්. අන් අයට දොස්කීමෙන් හෝ අනුන් කර දෙනතුරු බලා සිටීමෙන් වැඩක් නැහැ (නි)
ඔය බන්දුල පෙරේරාව කෙන්යාවට යවන්න ඕනෑ (නි)
අලිමංකඩ හරහට යන තැන්වල ගුවන් පාලම් දානවා නම් මේක වෙන්නේ නැහැ. එහෙම තමා හුඟක් රටවල කරන්නේ. අපේ රටේ එහෙම ඒවා කරන්නේ නැහැ. හරි විදියට පාරවල් හදලා වනාන්තර අල්ලාගෙන ඉන්න මිනිසුන්ගෙන් නිදහස් කරලා, අලුතින් වවනවා නම් කොච්චර හොඳද? එතකොටයි මේක විසඳෙන්නේ (නි)
බන්දුල සන්ධානෙද මන්දා අලින්ට වෛර කරන්නේ... (නි)
මෙම සම්පත රැකගනිමු (නි)
බන්දුල පෙරේරා, මේ සත්තු ඔබ ගැතිකම්කරන සහ වෛරකරන දේශපාලන පක්ෂයේ සාමාජිකයන් නොවේ. එබැවින් කකුල් දෙකේ සතුන්ගෙන් තරම් විනාශයක් මේ සතුන්ගෙන් මේ රටට ජාතියට සිදුවන්නේ නැහැ. (නි)
ස්තුතියි ලංකාදීප! (නි)
මිනීමරන මිනිස්සුත් ඉන්නවා බන්දුල පෙරේරා (නි)
මේ සතුන්ට ඉන්න තැනක් නැති නිසානේ මෙහෙම වෙලා තියෙන්නේ. තියෙන හැම වනාන්තරයම නැතිකරමින් යනකොට කොහොමද සතෙක් ජීවත්වෙන්නේ? (නි)
බන්දුල, ඔයා බැරිවෙලාවත් පෙරහැරවල් බලන්න නම් යන්න එපා. අලි කුලප්පු වෙලා ජංජාලයක් වේවි. (නි)
දැන් බන්දුල කියන්නේ සංඛ්‍යාව වැඩියි කියලා හිතෙන හැම කොට්ඨාශයක්ම නැති කරන්නද? එහෙනම් අපේ කැබිනට් මණ්ඩලය ගැන මොකද කියන්නේ බන්දුල. නිකන් මෝඩ කතා කියන්න එපා. (නි)
බන්දුල කියන කතාව හරි. අලින්ගේ ලස්සනක් නැහැ. ඒක දන්නේ අහිංසක ගොවියෝ විතරයි . අලියෙක් ගහලා ගොවියෙක් මැරුණම ඒ දරු පවුල ගැන බලන්න කවුරුත් නැහැ. ඔය අලින්ගේ ලස්සන ගැන කියලා විස්තර දාන කවුරුත් ඒ මිනිසුන්ගේ දුක බලන්නෙත් නැහැ. කරන්න ඕනෑ දේ තමා මේ අලි කැලේටම කොටුකරලා අලි වැටක් ගහන එක. (නි)
බන්දුලලා වගේ අමනස්ස ගති ඇති අය ඉන්නතුරු අපේ රට ගොඩ එන්නෙත් නැහැ, ගොඩගන්නත් බැහැ. (නි)
හිතක් පපුවක් තියෙන මිනිස්සුත් මිනීමරන එකේ අලියෙක් ගහලා මිනිහෙක් මරුමුවට පත්වෙන එක අහන්න දෙයක්ද? මොකද උන් තිරිසන්නු. අලින්ට ඉන්න තියෙන වනාන්තර දවසින් දවස එළිවෙනවා. (නි)
ලස්සනයි,සංවරයි වාගේම හරිම සුන්දරයි. (නි)
කොළඹ පැතිවල ඉන්න අය මොනවද දන්නේ අලි ගැන? (නි)
මුදල් සියල්ල තීරණය කරන සමාජයක පරිසරය සත සීපාවා ගැන දක්වන ආකල්ප හා කියාකාරකම්වල තවත් එක පැතිකඩක් තමා සියලු සුන්දර දේ අපෙන් ගිලිහීම . (හේ)
අනේ මෙවැනි නෙත් පිනවන අහිංසක සතුන්නේ අපේ මනු තිරිසන්නු මරාදමන්නේ! ඒ පවෙන් නම් ලේසියෙන් ගොඩයන්න ලැබෙන්නේ නැහැ (නි)
හරිම ලස්සනයි සුන්දරයි.(හේ)
සුන්දර දර්ශනයක්.(හේ)
හොඳ වෙලාවට කහ ඉරකුයි, රියදුරු බලපත්‍ර නැති බලවත් පුතෙකුයි නොහිටියේ. හිටියා නම් පාර මාරුවීම බොරු. (නි)
මේ දසුන මගේ පියවි ඇසට දැක තිබෙන සුන්දර මතකයක්. විදේශයක සිටියත් ඒ දසුන් මෙහිදී දකින්න නොලැබුනත්, මෙසේ පින්තූරයකින් හෝ දකින්න ලැබීම කොච්චර නම් මනස්කාන්තද? තව තවත් අලි වැඩිවේවා!!! (නි)
ඒ පැත්තේ අලින් සමඟ ගෙවන ජන ජීවිතයත් ඡායාරූපය වගේ ඇත්තටම සුන්දර නම්.... (නි)
උන්ගේ ලෝකය මිනිසුන් ආක්‍රමණය කල නිසයි උන් අනාත වෙලා ඉන්නේ. සතුන්ට ජීවත් වෙන්න තිබෙන කැලයට ගිය අපියි වැරදි කරුවෝ ඒ අහිංසක සතුන් නොවේ. පිට රටවලනම් මිනිසුන් ජීවත්වන ප්‍රදේශ සහ වනාන්තර කියල දෙකක් තියනවා. එවිට මිනිසුන්ට කරදර කරන්න සත්තු එන්නෙත් නැහැ සතුන්ට කරදර කරන්න මිනිස්සු යන්නෙත් නැහැ. අපි මේක තේරුම් ගන්නේ කවදද? ඉඩම් නැහැ කියල සතුන්ගේ ඉඩම් අල්ලගන්න අපට තිබෙන අයිතිය කුමක්ද?
බලන්න. මොනතරම් අනුකම්පාවක් ආදර හැඟීමක් ඔවුන් කෙරෙහි ඇතිවෙනවාද කියලා.මට මතක් වුණා අපි කුඩා කාලයේ අධ්‍යාපන ගමන් යනකොට පෙළගැසී ගිය ආකාරය ! (නි)
මේ සත්තු දිනපතා මැරෙනවා මිනිස්සු අතින්..වාහන වලට හැප්පිලා මැරෙනවා රංචු පිටින්.. මහා මාර්ග හදන කොට රටේ පරිසරය ගැන හොයල නැහැ. එහෙම අවසර ගන්න ක්‍රම මෙහෙත් තිබ්බ නම් .. (හේ)
නිලන්ත, එතකොට මිනිස්සු මිනී මරන්නේ නැද්ද?(දිල්)
මේ දසුන මගේ පියවි ඇසට දැක තිබෙන සුන්දර අලි මෙහිදී දකින්න නොලැබුනත්, මෙසේ පින්තූරයකින් හෝ දකින්න ලැබීම කොච්චර නම් මනස්කාන්තද? තව තවත් අලි වැඩිවේවා!!! අලි රැළක්!!! සුබ අනාගතයක් !!!!!!! (අ)
පයට විලංගු නැති නිදහසේ ඉන්න මේ අලි දැක්කම හිතට සතුටු යි . සතුන්ගේ වාසස්ථාන නැති කරන්නේ මිනිසුන් මයි .(අ)
සත්තුන්ට මිනිසුන්ට වැඩිය මොලයක් තියෙනවා (අ)
මනසට පුදුම සුවයක් මේවගේ දර්ශනයක් දකින්න ලැබීම. හොඳ ආදර්ශයක් අපි සැමට (නදී)
අලි මදිවට හරක්. බන්දුලටම හරියන්නන නිලන්තත් ඇවිත් . දෙන්න ගැලපෙන්නේ එකට ඇඳලා හාන්න.කොළ මඬින්න, (ස්වභාව සෞන්දර්යයේ ලස්සන වටිනාකම නොතේරෙන නිසයි එහෙම කිව්වේ.) (අ)
රනිල්ගෙය් පණිවිඩය ලැබිල පක්ෂය හැර ගිය පරණ අලි ටික එනවා. ජයවේවා අපේ නියම පරණ අලි ටිකට (නදී)
අනේ හරිම ලස්සනයි . (නදී)
මුන්ගේ ඇති සුන්දර ගතියක් නැහැ. කුලප්පු වුනාම මිනි මරනවා. හැකි තරම් අලි අඩු කරන්නයි අවශ්‍ය. කෙන්යාවේ වගේ අවුරුදු ගානකට සැරයක් 200 ක් විතර මස්ත බාල්දු කරලා දාන්න ඕනා. (නදී)
මේ සතුන්ට අනුකම්පා කරන්න , වැරදිකරුවෝ මිනිස්සුමයි. අනාවබෝධයෙන් මහා වනය ආශ්‍රිතව ජනාවාස , ජනපද ව්‍යාපාර ඇති කරලා ,අන්වසරයෙන් හිතු හිතු තැන්වල වනාන්තරය එලි කොට හේන් ගොවතැන් කරලා අලි ඇතුන් පාරම්පරිකව නිදහසේ සිටි උන්ගේ නිජබිම් නැති කරලා දැන් අලියා ගහන්වෝ කියලා මරහඬ තලනවා. හැමදේකටම දේසපාලකයන්ව ගාව ගන්නව කියලා දොස් කියන්න එපා. මෙම වනජීවී සත්ව කොට්ඨාස පිළිබඳ අවබෝධයක් ඇති එකම ඇමති කෙනෙක් වත් ඔය 112ක් විතර ඉන්න ඇමති මණ්ඩලයේ ඉන්නවද ? ඉන්නවා නම් ඉදිරිපත් වෙලා මේවට විසදුම් දෙන්න . නුසුදුස්සෝ දේසපාලන හෙන්චයියල වුණාම සිද්ද වෙන්නේ ඕව තමයි.(අ)
මමත් මේ වගේ දැකල තියනවා. ඇත්තටම ලගට දැක්කම බය හිතෙනවා. එ්ත් හරිම ලස්සන දසුනක්. (නදී)
කොහෙද අප්පේ මේ හිමින් සීරුවේ යන්නේ ? එහා ගමට බාල එකියක් කැන්දන් යනවාදෝ... කෝ කද මලු? පුදුම ආදරයක්. භක්තියක් මට ඇතිවෙන්නේ. (නදී)
අලි කොහොමත් එහා පැත්තට පනිනවා. (අ)
මේ අව්රුද්දට අලි 147 මිය ගොස් තිබෙනවා මිනිසුන්ගේ ක්‍රියාකාරකම් වලින් විතරක්.අලි රකින්ට කතා වලින් නෙමෙයි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන එකයි වැදගත්.අලි රකින්ට වනය රකින්ට ඕන.වනය රකින්ට දේශපාලුවෝ නසන්ට ඕන. වැදගත් අලිද? දේශපාලුවෝ ද ?ඔබේ වටිනා ඡන්දය යෙදුවේ මින් කුමක් සඳහාද? මොහොතක් හිතන්න. (අ)
ඇත්තටම මෙහෙම දකින්න ලැබෙන එකත් සතුටුයි. යන විදිහට හරි ආදරේ හිතෙනවා (නදී)
මරන්න කියන අයට තේරේවි කරඬුව වඩම්මන්නත් අර කෙන්යාවේ කන් ලොකු කැත අලියෙක් ආනයනය කරන්න වුන දවසට. (අ)
බන්දුල පෙරේරගෙ තාත්ත කවුද දන්නේ නැ සත්තුත් එක්ක තරහ ඇත්තේ ඒකයි (අ)
හෙමින්සීරුවේ අලි මාරුවෙන ලස්සන බලන්නකෝ (නි)
අපේ අය මහපාරේ යනවට වඩා, අලි මහපාරේ සංවරව යනවා කියල නම් ඕනෑම මෝඩයෙකුට උනත් තේරෙනවා. අපේ රටේ මහා අයගේ සිට පොඩිකෙනා දක්වා මහපාරේ යන්නේ නිකම් කුලප්පු වෙලා වගේනේ. නිකමට හිතල බලන්නකෝ, මහා ඇත්තෙක් පාරේ යද්දී පදුපසින් යන පිරිවර පාරේ යන්නේ කොහොමද කියලා. අලින් එක්ක සන්දන්දනය කරද්දී ලැජ්ජාවේ බැහැ. (නදී)
මේ අපේ රටේ සුන්දරත්වය . මේවා අපි රකින්න ඕන. අපේ රට පුංචි වුණත් සුන්දර දේවල් ගොඩක් තියෙනවා.රටට ආදරය කන්නේ නැති අය තමා මේවා නැති කරන්නේ.
රනිල්ගෙන් පණිවුඩයක් ආවා වෙන්න එති නැති නන් මහින්ද ජනධිපතිමට විරුද්දව උද්ඝෝසන කරන්න වෙන්න එති (අ)
බන්දුල පෙරේරා,ඔයා මනුස්සයෙක්ද අමනුස්සයෙක්ද..?(අ)
බලවත් පුත්තු විතරක් නෙමේ දැන් කොළඹ කහ ඉරේ පර පනින කොටත් ඇඟට කපාගන යනවා . එක කරන්නේ හෙන කාලයක් බස් කෝච්චිවල ගිහින් ලඟකදී වාහනයක යන්න පටන් ගත්තු මිනිස්සු .ඇත්තටම පොලිසිය ඉන්න තැනක විතරයි භයක් හැකක් නැතුව පර පනින්න පුළුවන් .මාර්ග නීති උල්ලංගනය කරන රියදුරන්ට දැඩි දඬුවම් දෙන්න ඕන . එහෙම අය දැන් කියාවි එක එක කතා .මෙතන අලින්ට තියෙන විනය කොළඹ වාහන එලවන රියදුරන්ට පොඩ්ඩක්වත් නැහැ .ඇත්තටම මද්‍යවෙදින් මේක ගැන ලිපියක් ලියන්න උනන්දු වෙන්නේ නැත්තේ ඇයි (අ)
ඇත්තටම බන්දුල පෙරේරාව අරින්න ඕන සිරියාවේ මාධ්‍ය වැඩවලට .මොකද බන්දුල කියන්නේ ? මොකද ඔය වගේ බය නැති අය තම ඒ වගේ වැඩ වලට සුදුසු (අ)
අනේ වන සිව්පාවූ ටික තෙරුවන් සරණින් සියලු දෙවියන් රකිත්වා ...! (අ)
බන්දුල, මම නම් කැමති නැහැ ඔයා එහෙම ඒ සතුන්ට කතා කරනවට. අපි ඒ වනසතුන් ටික හැකිතරම් ආරක්ෂා කරගන්න ඕනෑ. ඒ අපේ සම්පතක්. (නි)
අලියට එන්න කියමු අපේ රට හදන්න කියමු (නදී)
බන්දුල, මිනිසාට හිතන්න මොළයක් තිබෙනවා. මියයනතුරාම සතුන්ගෙන් පහර කනවානම් ඒක බුද්ධිමය ප්‍රශ්නයක්... (නි)
බන්දුල පෙරේරා, කට වහගෙන හිටියොත් නේද හොඳ? (නි)