IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ලස්සන වෙන්න යන්න සම්බාහනේ මෙන්න

මැතිසබේ ඉන්න මැති ඇමැතිතුමන්ලට ආයුර්වේද සම්බාහනේ දෙන්න ආයතනයක් ක්‍රියාත්මකයි. මේක දැන් හුඟකාලෙක ඉඳන් පැවතුණත් වඩාත් ජනප්‍රිය වුණෙත් මෑතකාලෙ ඉඳලලු...

පසුගිය දවසක මැතිසබේ පසුපෙළ ඉන්න විපක්‍ෂයෙ මන්ත්‍රී සයිස් මහත්තුරැ දෙතුන් දෙනෙක් මේ සම්බාහන ආයතනෙන් වැඩිපුරම සම්බාහනේ ගන්න යන්නෙ කව්ද කියල පොඩි සොයා බැලීමක් කළාලු. ඒ සොයා බැලීම ගැන ගිය සතියෙ පාර්ලිමේන්තුව තිබුණ අන්තිම දවසෙ මැතිසබා ලොබියෙදි පොඩි කතාබහක් ඇතිවුණා...

"ඔයා දන්නවද වැඩිපුරම ඔය සම්බාහනේට යන්නෙ කව්ද කියල..." එක මන්ත්‍රී සයිස් මහත්තයෙක් ඇහුව.. "නැහැ. ඔයා දන්නව නම් කියන්නකො අපටත් දැනගන්න?. "අනෙකා කිව්ව.

"අරය අරය.. අර දකුණු පළාතෙ අහවල් ඇමැතිතුමා තමයි වැඩිපුරම සම්බාහනේ ගන්නෙ. ඊළඟට කොළඹ අර හැඩ වැඩ උප ඇමැතිතුමත් නිතරම යනව.. ඔය මං කිව්ව ඇමැතිතුමා නම් ලස්සන වෙන්න පුල් ට්‍රයිලු.. ඒ නිසා එක කාලෙක කවුන්සිලේ රුස්වුණ මාසෙ හැම දවසකම සම්බාහනේ ගත්තලු."

කරැණු සොයාගත්ත මන්ත්‍රිතුමා තමන්ගෙ සමීක්ෂණ ප්‍රතිඵල කිව්ව. "ඉතින් ඒකෙ වරදක් තියෙනවය...." මන්ත්‍රි සගය නැවතත් කිව්වා. "ඔව් ඔව් කිසි වරදක් නැහැ." සමීක්ෂක තුමා නැවත කීවා.



අදහස් (0)

ලස්සන වෙන්න යන්න සම්බාහනේ මෙන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 595 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site