හොර නෝට්ටු මුද්‍රණය කර බෙදා හළ බව කියන තරුණයින් තිදෙනකු අත් අඩංගුවට ගත් බව උහන පොලිසිය කියයි.

රුපියල් හතලිස් හයදහස් පන්සියයක ව්‍යාජ මුදල් නෝට්ටු ඔවුන් ළඟ තිබී ඇති බවත් ඒවා මුද්‍රණයට යොදාගත් ලැප්ටොප් පරිගණකයක් හා මුද්‍රණ යන්ත්‍රයක්ද සොයාගත් බවත් පොලිසිය කියයි. සැකකරුවන්ගෙන් දෙදෙනකු (23) උසස් අධ්‍යාපනය ලබන්නන් වන අතර අනෙක් සැකකරු (24) ගොවියකු බවත් පොලිසිය පවසයි..