සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් එවකට යුද හමුදාපතිවරයා ව සිටි වත්මන් ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් රහස් පොලිසිය ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.
පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගත් බව ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.
2008 ජනවාරි අට වැනිදා කොළඹ අධිආරක්ෂිත කලාපයක් තුළදී ලසන්ත වික්‍රමතුංග මහතා මරා දමා තිබිණි. ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැති අතර ඝාතනයේ සාක්කිකරුවකුට තර්ජනය කළැයි අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් ඇප මත සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විජේපාල මහතාගේ කතාවට මමත් එකඟයි. (නි)
සිල්වා පැඩි ෆීල්ඩ්ට කොන්ද කෙලින් තියන් සි අයි ඩි එකට ගිහින් ප්‍රකාශයක් දෙන්න පුළුවන් වුනෙ මේ ආන්ඩුවට කඩේ යන නිසා. (බ)
අපි බලමුකෝ මොකක්ද වෙන්නෙ කියලා (නි)
දේසපාලන ඝාතන සේරම බැරවෙන්නේ අවිනිශ්චිත ගිණුමටයි (නි)
ඔන්න දැන් තමයි පොලිසිය හරි පාරට වැටුනේ. හැබැයි අල්ලාගෙන ඇප දීලා අතහරින්න එපා ඔවුන්ව (නි)
දැන් යන පාර හරි. (නි)
වාහන අවභාවිතයට විමල් වීරවංශලා අනුබල දුන්නා වගේ ඔය ඝාතනයට අනුබල දුන්නේ කවුද කියලා පහුගිය කාලේ පාර්ලිමේන්තුවේදී වැඩිම කාලයක් පැරදුන අඩුම කාලයක් දිනපු පක්ෂ නායකයෙක්ම කිවුවනේ. (නි)
බුද්ධි අංශ නිලධාරින් මේකට සම්බන්ධ නම් ඒ කාලෙ හිටපු හමුදාපතිට වගකීමෙන් බැහැරවිය නොහැකියි (නි)
අනේ මන්දා මොනවා වෙයිද කියලා
අපි බලමු මොකද වෙන්නෙ කියලා (නි)
මොනවගේ ප්‍රකාශයක් දුන්නාද දන්නෙ නැහැ. බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ. (නි)
විජේපාල මයා,සෙනෙවි මයා. ඔබලාගේ අදහස හරි. මේ සිංහලයාගේ රටය සිතමින් ,මහින්ද රාජපක්ෂ ජනපති තුමාගේ ගුණ කියමින්, යුද්දය දිනවීමට නොහැකි වීම ගැන චන්ද්‍රිකා ජනපතිනියට සහ,ඇගේ කාලයේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ,වර්තමාන අගමැතිතුමාට දොස් තබමින් කතා කළ ඒ වීරෝදාර සෙනෙවියාට ගිය කලක්. ශ්‍රී ලංකා දේශපාලනය මේ තරම් පිරිහිලාද. (බ)
අපි ඉවසීමෙන් උපේක්ෂාවෙන් බලා සිටිමු (බ)
ඇතුළට යයි වගේ ළඟදීම (බ)
මෙතුමා තමයි ,ලෝකේ අඩුම කාලයක් තුල මිනිස්සු වැඩිපුරම ආදරය කරන කෙනා වෙලා ඉඳල ,මිනිස්සුන්ට අප්පිරියම චරිතයක් වුන කෙනා.මහින්ද ,රනිල් දෙන්නම මෙයාට පරාදයි එහෙම බැලුවොත් .(බ)
ෆීල්ඩ් මාෂල්තුමනි ඔබ නිහතමානී නියම මහත්තයෙක්..ඔබට කොන්ද කෙලින් තියන් සි අයි ඩි එකට ගිහින් ප්‍රකාශයක් දෙන්න පුළුවන් වුනෙත් ඔබ නිවැරදි නිසා...(බ)
ලසන්ත වික්රමතුංගගේ දියණිය සීඅයිඩීය ට ඉතා පැහැදිලි ප්‍රකාශයක් කර තිබෙනවා මිග් යානා ගනු දෙනුවට අදාළව ලීඩර් පුවත්පතට සිය පියා ලියු ලිපිය ඔහුගේ ඝාතනයට හේතුවන්ට ඇති බවට තමන්ගේ විශ්වාසය බව. ඔහු ඝාතනය කරන්න දින කිහිපයකට පෙර ඔහු විසින් තමන් හා එවැනි දෙයක් තමන් හා කියා සිටි බවයි ඇය සීඅයිඩියට දුන්න ඇගේ කට උත්තරයේ සඳහන් කරලා තියෙන්නේ. (බ)
බුද්ධි නිලධාරියෙක් ලියුම් කැල්ලක් ඉනේ ගහගෙන දිවි නසා ගත්තේ . එයා නෙමේද ඉතින් මිනීමරුවා. ඇත්ත හෙලිවුනොත් ඉතින් මේක ලංකාව නෙවෙයි. (බ)
අපේ වත්මන් අගමැතිතුමා මේ සම්බන්ධව ඔහු විපක්ෂයේ ඉන්න කාලේ ප්‍රකාශයක් කළා එවකට හිටි හමුදාපතිතුමාව ගාවලා. ඒ නිසා ඔවුන් දෙන්නම කට උත්තර දිය යුතුයි නේද. (බ)
තනිකරම වෛරයෙන් පිරුන කෙනෙක්. කිව්වේ මොනවද කියලා හිතාගන්න පුළුවන්. (නි)
යුද්ධ කාලේ හිටපු ඒ මහා ලොකු සෙනවිතුමා දැන් දේශපාලුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න, රට පාවාදෙන්න අවශ්‍ය සැලසුම් වලට අවශ්‍ය අඩිතාලම දමන කොන්ත්‍රාත්තුවක්ද මේ කරගෙන යන්නේ? (නි)
ජයවේවා! මෙතුමා සුදු කොඩි කතාවේ දෙවන කොටස එළිදක්වාවිද දන්නෙ නැහැ (නි)
විජේපාල උන්නැහේ ෆීල්ඩ් මාර්ෂල් තුමා ගැන වෛරයෙන් ක්‍රෝධයෙන් කතා කරන බව අපට හැඟෙනවා.ලසන්ත ඝාතනය කෙරුනේ කවුරුන්ගේ වුවමනාවටද යන්න දැන් . රහසක් නොවෙයි.(බ)
මේකෙන් නම් ප්‍රතිඵලයක් තියෙයි වගේ. අපි බලමුකෝ (නි)
මෙතුමා මොනවා කිවුවත් ඒ හැමදෙයක්ම කියන්නේ ද්වේශයෙන් වෛරයෙන් පළිගැනීමේ චේතනාවෙන් කියලා පොඩි ළමයෙක් වුණත් දන්නවා. එදා යුද්ධය කාලේදී අපි ගොඩක් ආදරය කරපු ගරු කරපු සරත් ෆොන්සේකා මහත්තයා නොවෙයි අද ඉන්නේ. (නි)
තමා දරන මතය තහවුරු කරගැනීම පිණිස ඕනෑම ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට හැකි අය තෝරාගැනීමට සමහරු හරි දක්ෂයි (නි)
ඔය වැඩේට ලොක්කෝ දෙන්නෙක් සම්බන්ධයි කියලා තමයි අපිට හිතන්නේ (නි)
බලමුකෝ එහෙනම් එහෙමත් කරලා (නි)
දැන් තමා නියම මාවතට වැටුනේ (නි)
ඇත්ත කියයිද? (නි)
ඇත්තම කියයිද? අපි බලමු (නි)
මෙම ඝාතනය රටේ දැන් මහත් ආන්දෝලනයක් ඇතිකර හමාරයි (නි)
ලසන්ත මැරීමට අණදුන් කෙනාව අල්ලන්න. (නි)
ඔබගේ නිහතමානී ගුණයට ගරු කරනවා ෆීල්ඩ් මාෂල්තුමනි... (නි)
පාටක් පක්ෂයක් ගැන නොසිතා මේ වගේ අයට හමුදාපතිකම දුන්නේ රට බේරගන්න. නමුත් පසුව මෙසේ වෙයි කියා කිසිවෙක් නොසිතන්න ඇති (නි)