IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ලසන්ත ඝාතනයේ සැකකාර හිටපු සෙබළා මුදා හරි

සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි නුවරඑළියේ එච්.ඒ. ජේසුදාසන් හිරගෙදරදී මියගිය බව ත්‍රස්තවිමර්ශන අංශය ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් රංගජීව විමලසේන මහතාට දැනුම් දුන්නේය. මේ අතර නඩුවේ තවත් සැකකරුවකු වු හිටපු හමුදා සෙබළ කන්දෙගෙදර පියවංශ නීතිපති නියමයෙන් නඩුවෙන් මුදා හරින බව මහේස්ත්‍රාත් පැවැසීය. 2009.ජනවාරි .8 වැනි දා වික්‍රමතුංග දෙහිවලදී මරාදැමී යැයි සැකපිට මේ දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලද්දේ ඔවුන් ළඟ සැකකටයුතු ජංගම දුරකතන තිබීම නිසාය. ඝාතනය ගැන දිගටම පරීක්ෂණ පවත්වන බව ත්‍රස්ත විමර්ශන අංශය අධිකරණයට දැන්වීය.  එකම හඳුනුම්පතට ලබාගත් දුරකතන පහක් තිබීමත්, දෙහිවල ප්‍රදේශයේ දුරකතන කුළුණුවලින් එක් දුරකතනයකින් පණිවිඩ හුමාරුවීමත්, ගැන සැකසිතා හිටපු හමුදා සෙබළ පියවංශ අත්අඩංගුවට ගත්තේය.



අදහස් (0)

ලසන්ත ඝාතනයේ සැකකාර හිටපු සෙබළා මුදා හරි

පාක් Friday, 06 September 2013 04:30 PM

මුදා හරින්න දෙයක් නැහැ. ඕක කලේ කව්ද කියලා දන්නවනේ.(නදී)

:       0       0

සමීර Friday, 06 September 2013 04:33 PM

අපේ අදහස් දන්න්න ඇයි ඕච්චර බය.(නදී)

:       0       0

සත්‍ය Friday, 06 September 2013 04:40 PM

මේවා සහගහන අපරාද , අවුරුදු කීයක් මේ දෙන්නව හිරේ තියාගෙන ඉදලද ? ඇයි බැරි මේවගේ පරීක්ෂණ ඉක්මන් කරලා වැරදි නිවැරදි බව හදුනාගෙන , ක්‍රියා කරන්න , මිය ගියාද මරා දැමුවද ? (නදී)

:       0       0

විභූති Friday, 06 September 2013 04:48 PM

සමීර හරි, අපේ අදහස් දාන්න ඔච්චර බය ඇයි. මාධ්‍ය යුතුකම හරියට කරන්න බැරි නම් පාඨකයාගේ යුතුකමවත් කරන්න දෙන්න.(නදී)

:       0       0

රත්නායක Friday, 06 September 2013 04:57 PM

මේක දේශපාලන ඝාතනයක් මේ ආණ්ඩුව පෙරලුනු පසුව සත්‍ය සොයා ගැනීමට හැකිවේ.(නදී)

:       0       0

චාමික Friday, 06 September 2013 05:08 PM

සමීර, මම හිතාගෙන හිටියේ ඕක මන් විතරක් කියන මෝඩ කතවක් කියලා. බලනකොට තවත් අයට ඕකම වෙලා තියෙනවනේ ?(නදී)

:       0       0

සත්‍යා Saturday, 07 September 2013 06:21 AM

මේ යුගයේ දේශපාලන චින්තනය ගොඩ නැගී තිබෙන්නේ ඝාතන සංස්කෘතිය විසින් නිර්මාණය කර ඇති නීතියක් නැති, සාධාරණයක් නැති සමාජ ක්‍රමයක් මතය. (නි)

:       0       0

හරේන් Friday, 06 September 2013 05:11 PM

ඕක කලේ කව්ද කියල හැමෝම දන්නවා. ළඟදීම දඬුවම් හම්බ වෙයි.(නදී)

:       0       0

රත්නායක Friday, 06 September 2013 05:25 PM

කෝ අද බන්දුල පෙරේරාගේ අදහස්? (නි)

:       0       0

සරසි Friday, 06 September 2013 05:39 PM

සැකකරුවන් දෙන්නා නිවැරදි නම් ඒ අයට අවුරුදු ගානක් තියාගෙන හිටියට වන්දියක් දෙන්න අවශ්‍යයි නේද? (නි)

:       0       0

නිශා Saturday, 07 September 2013 08:31 AM

මේක අමුතු වෙන්න කාරණයක් නොවේ. මක් නිසාද යත් මේ දනේශ්වර පන්තියේ තවත් ප්‍රතිබිම්බයක් බැවිනි. මෙය ඒ අයගේ සුළු ක්‍රියාවක් පමණි. මෙය ඉදිරියට වැඩි වෙනු මිස අඩු නොවණු ඇත. ඔඹලාගේ අද ක්‍රියාකලාපය අප ඉවසුවත් හෙටත් එසේම ඉවසයි කියා නොසිතන්නෙමු. අද ධනපති පන්තිය කෙරෙහි කලකිරී හෙට ධනපති පන්තිය පාගා ඊට එරෙහිව නැගී සිටින්නෙමු.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 06 September 2013 06:15 PM

මේ මිනිස්සු දෙන්නා මේ සිදුවීමට සම්බන්ධයක් නැති අහිංසකයෝද? (නි)

:       0       0

අචිනි Saturday, 07 September 2013 10:07 AM

"කුමට මෙරට අදිකරණය නීතිය සහ විනිසුරන් " ගීතයකින් උපට ගත් කොටසකි.(නදී)

:       0       0

නිල්මිණි Friday, 06 September 2013 06:23 PM

එතකොට එයාලා වෙඩි තැබුවේ කාගේ වුවමනාවටද? (නි)

:       0       0

සිල්වා Friday, 06 September 2013 06:36 PM

ලංකාවේ ඉදිරි ගමන අපැහැදිලි (දී)

:       0       0

ලෙස්ලි ලෝව් Friday, 06 September 2013 07:09 PM

මේවා කවදාහරි දවසක හෙළි වෙනවා .අද පිල්ලේ මහත්මියට බනින අයම එදාට කියාවි පිල්ලේ මහත්මියත් විපක්සයත් කියපු දේ හරි කියල .මෙය කියවන සියලුම සොයුරියනි ඔබේ ස්වාමියට මේ ඉරණම අත්වුනොත් ඔබට ඇතිවන හැගීම කුමක්ද ? (දී)

:       0       0

කටා මාමා Saturday, 07 September 2013 10:55 AM

අභූත චෝදනා මත මානව හිමිකම් අහිමි කර වසර කිහිපයක් රදවා තැබීම වෙනුවෙන් පිඩාවට පත් හිටපු හමුදා සෙබළ කන්දෙ ගෙදර පියවංශ වෙත සුදුසු වන්දියක් ලබාදිය යුතුයි.(නදී)

:       0       0

පිටිගල Friday, 06 September 2013 07:37 PM

රත්නායක කවදද මේ ආණ්ඩුව පෙරලෙන්නේ? කවුද පෙරලන්නේ? (දී)

:       0       0

කපිල Saturday, 07 September 2013 09:21 PM

ඔය ඝාතනය කලේ කවුද කියන එක ගොඩක් අය දන්නවා. එයාට තමයි හමුදාවේ ඉහලම නිලය ඉස්සෙල්ලම හම්බ උනේ. කාලයක් මිනිහා රජ වෙන්නත් කල්පනා කලා. සමහරු නම් කියනවා මිනිහා කන්න දීපු අත හපා කාපු කෙනෙක් කියලා. කලවැද්දා කියන හුරතල් නාමයෙනුත් මිනිහව හඳුන්වනවා. මෙතන අදහස් දාපු සමහර අය නම් මේ ගැන දන්නේ නැහැ වගේ.(නදී)

:       0       0

නඳුනි Friday, 06 September 2013 07:59 PM

මේ ක්‍රමය වෙනස් කරන්න නම්, කිසිම මැරයෙකුට ඡන්දෙ දෙන්න එපා (අ)

:       0       0

පියල් Friday, 06 September 2013 08:12 PM

නීතියේ පිහිට තමයි

:       0       0

රෝහණ Saturday, 07 September 2013 12:34 PM

ඔය වැඩේ කෙරෙව්වේ කවුද කියලා මුළු ලංකාවම දන්නවා. දැනට කාලය හොඳ නිසා යහතින් ඉන්නවා. බලමු මොකද වෙන්නේ කියලා කවදා හරි. මොකද මේක බෞද්ධ රටක්.(නදී)

:       0       0

දිනුක් කරුණාරත්න Saturday, 07 September 2013 01:16 PM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වැඩිය මහන්සි වෙන්න ඕනේ නැහැ මොකද පුහුල් හොරා කරෙන් දැනෙන නිසා.(නදී)

:       0       0

ප්‍රනාන්දු Saturday, 07 September 2013 11:38 PM

දේශපාලකයන්ට බනින්න එපා. රටේ ජනතාව තමයි කතිරය ගහන්නේ. (නි)

:       0       0

රත්නායක Friday, 06 September 2013 08:56 PM

පිටිගල මහත්තයට මට දිනය කවද්ද ? කියන්න නම් මට දිවැස් නෑ එත් එහෙම වෙනකල් මේවගේ දේවල් වල සුලමුල හොයන එකනම් බොරු (දී)

:       0       0

කුශාන්ත Friday, 06 September 2013 09:05 PM

අපි නම් මොකවත් කියන්නේ නැහැ වැඩක් නැහැ (දී)

:       0       0

කනිෂ්ක Friday, 06 September 2013 09:05 PM

මේවා නීතියටම භාර දෙමු (දී)

:       0       0

ෂෙරිෆ් Friday, 06 September 2013 09:15 PM

මේ දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලද්දේ ඔවුන් ළඟ සැකකටයුතු ජංගම දුරකතන තිබීම නිසාය. එතකොට ලසන්ත වික්‍රමතුංග ඝාතනය කල අය කෝ? (දී)

:       0       0

අප්පු Friday, 06 September 2013 09:51 PM

වාර්තා කරුවන්ට බය වැඩිහරියක් දෙශපලක්යෝ එතකොට් කව්ද මේ අයට ගහන්නේ මරන්නේ ? (අ)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 06 September 2013 10:01 PM

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළ අය අපිට නම් හිතාගන්න පුළුවන් (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 06 September 2013 10:09 PM

රටේ මෝඩයන්ගේ ඇස් පාදන්න ගිහින් මොනතරම් ජනමාධ්‍යවේදීන් පිරිසක් දේශප්‍රේමී අයගෙන් මැරුම් කාලා තියෙනවද?කී දෙනෙක් අත පය කඩාගෙන සදාකාලිකව අබ්බගාත වෙලා තියෙනවද?මාධය අර්යතන කීයක් ගිනි වැදිලා තියෙනවද? (නි)

:       0       0

pitigala Sunday, 08 September 2013 09:00 AM

මම කියන්නේ යලිත් මේවා වෙන එක නවත්තන්න කියලා (දී)

:       0       0

රෝහණ Sunday, 08 September 2013 09:29 AM

කපිල ඔයා ව්‍යංගයෙන් කිව්වාට ඔයා අදහස් කරන්නේ කාවද කියල බත් කන අයට තේරෙනවා.

:       0       0

වරුණ Friday, 06 September 2013 03:24 PM

මට නම් මේවට මුකුත් කියන්න බැහැ.(නදී)

:       0       0

දසුනි Friday, 06 September 2013 10:56 PM

ඇත්ත ඕනෑම කෙනෙකුට තේරෙනවා. (නි)

:       0       0

දසුනි Friday, 06 September 2013 11:12 PM

ආශ්චර්යය කියන වචනේ නීතිය සම්බන්ධවත් තේරුමක් තියනවා වගේ අපි නොදැන හිටියට. (නි)

:       0       0

ලුම්බිණි Friday, 06 September 2013 03:40 PM

ඝාතනය ගැන දිගටම පරීක්ෂණ පවත්වන බව ඔය කියන්නේ ඇත්තටමද? (නදී)

:       0       0

ලංකාපුත්‍ර Friday, 06 September 2013 03:42 PM

අපි හිතුව හරි එහෙනම්. මේවා මෙහෙම වේවි කියල අපි කලින්ම හිතුවා. මේ යන විදියට මේවා මෙහෙම නොවෙනවා නම් තමා පුදුමේ. පිල්ලේ මහත්මියගේ ප්‍රකාශ වල සත්‍ය හා නිවැරදි බව මේ සිද්ධීන්ගෙන් මනාව තහවුරු වෙනවා.(නදී)

:       0       0

ලංකාපුත්‍ර Friday, 06 September 2013 03:42 PM

අපි හිතුවා හරි එහෙනම්.මේවා මෙහෙම වේවි කියලා අපි කලින්ම හිතුවා.මේ යන විදියට මේවා මෙහෙම නොවෙනවා නම් තමා පුදුමේ. පිල්ලේ මහත්මියගේ ප්‍රකාශ වල සත්‍ය අසත්‍ය බව මේ සිද්ධීන්ගෙන් මනාව තහවුරු වෙනවා. (නි)

:       0       0

පිටිගල Friday, 06 September 2013 03:50 PM

එයා තමන්ටම වෙඩි තියා ගත්තාවද්ද? (නි)

:       0       0

මිගිද Saturday, 07 September 2013 12:18 AM

මාධ්‍යවේදි ලසන්තගේ ඝාතකයෝ එළිදරව් වෙන්න තව කොපමණ කල් යාවිද? (නි)

:       0       0

දසුනි Saturday, 07 September 2013 12:31 AM

විභුති කියන දේම තමා මමත් කියන්නේ.අපේ අදහස්වලට ඉඩ දෙන්න.රටක් ගොඩ ගන්න පුළුවන් වෙන්නේ, ප්‍රසංශා, සුභපැතුම් වලින් විතරක් නෙමෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site