ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ 2012 වසරේ වාර්ෂික ක‍්‍රීඩක ගිවිසුමේ පළමු ශ්‍රේණියට ඇතුළත්ව සිටින වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග, ටෙස්ට් ක‍්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීම නිසා ඔහුට එම ශ්‍රේණියේ ගෙවීමෙන් 40% ක් පමණක් හිමිවන බවත් නැවත ටෙස්ට් පිටියට පැමිණෙන්නේ නම් සම්පූර්ණ ගෙවීම කිසිඳු බාධාවක් නොමැතිව හිමිවන බවත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසයි. ‘‘මාලිංග මේ දක්වා මෙම ගිවිසුම පිළිගැනීම හෝ ප‍්‍රතික්ෂේප කිරීම පිළිබඳව දැනුවත් කර නෑ. ගිවිසුමේ නීති රීති වලට අනුව ටෙස්ට් පිටියෙන් ඉවත් වූ ක‍්‍රීඩකයකුට ලබාදිය හැක්කේ මේ ප‍්‍රමාණය පමණයි’’ යැයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා ‘ලංකාදීප’යට පැවසීය.