(ශිරාන් රණසිංහ)
විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ජෙනරේටර් පනහක් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවා තෝරාගත් සමාගමට එරෙහිව වැඩිමිල ටෙන්ඩරය ඉදිරිපත් කළ සමාගම අධිකරණයට සහ අල්ලස් හෝ දූෂණ කොමිසමට යෑම නිසා එම ජෙනරේටර් මිලදී ගැනීම නැවතී ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා ලංකාදීපයට පැවැසීය.
රුපියල් මිලියන 3500 ට ටෙන්ඩරය ඉදිරිපත් කළ සමාගමට ටෙන්ඩරය නොදී රුපියල් මිලියන 2200 කට ටෙන්ඩරය ඉදිරිපත් කළ සමාගමට ටෙන්ඩරය ප්‍රදානය කිරීමෙන් පසුව මිල වැඩියෙන් සඳහන් කළ සමාගම ඊට එරෙහිව මෙම පියවර ගත් බවද ලේකම්වරයා කීය.
හදිසි විදුලි බිඳවැටීම්වලදී භාවිත කිරීම සඳහා විදුලිබල මණ්ඩලයට මෙම කුඩා ජෙනරේටර් අවශ්‍ය වන බවද තාක්ෂණික කමිටුවේ සහ ටෙන්ඩර් මණ්ඩලයෙන් අනුමැතියට යටත්ව මෙම ටෙන්ඩර් කැඳවීම ටෙන්ඩර් පටිපාටියට අනුව සිදුකළත් අදාළ මිලදී ගැනීම් මේ නිසා නතරවී ඇති බවද බටගොඩ මහතා තවදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
225න් " එකෙක් " ස්ථිර වශයෙන්ම වැඩිමිල ටෙන්ඩරය ඉදිරිපත් කළ සමාගම පිටුපසින් ඇති බව කිව හැක.
රටේ තියෙන දූෂිතම ආයතන අතර අංක එකෙට තියන තැනක්. දැන් ඔක්කොම හරියාවි ජනන සැලසුම් ක්‍රියාත්මක වෙන්නේ නැහැ , සාම්පූර් මෝඩ විදියට නැවැත්තුව ජනතාවට කියන්න තියෙන්නේ "ඉටි පන්දම් ලේස්ති කරගන්න කියල "
මේ රටේ විතරයි මේ අස්වාභාවික විහිළු. වැඩි මිලට දෙන්න ඕනනම් ටෙන්ඩර් මොකටද? අධිකරණයට ගියේ මණ්ඩලේ ඇතුළෙන්ම වෙන්නත් පුළුවන්.
කොයි කොයි ගොඩෙත් කුණු ගොඩවල් තියනවනේ.
අනිවර්යේනම් මේක පිටිපස්සේත් කවුරුහරි ඇති................
පුදුම අවනඩුවක්නේ මේක! ඒ වගේම ලාභ බඩුවේ හිලක් කිව්වා වගේ මිලගණන් සැසදීමේදී එතනත් ගැටළුවක්.