
(යොහාන් භාසුර)
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ පළමු පියවර ලෙස විදුලිය බෙදාහැරීමට අදාලව වෙන් කර ඇති කළාපවල වෙන්වූ ගිණුම් සහ කටයුතු පවත්වාගෙන යාම සඳහා අවශ්‍යතා සම්පුර්ණ කිරීමට තීරණය කර තිබේ.
ඒ සඳහා නව නීති කෙටුම්පත් පාර්ලීමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ප්‍රතිව්‍යුහගත සැලසුම් පිළිබඳව අවදානය යොමු කළ යුතු බවත් ප්‍රතිව්‍යුගත කිරීමට අත්‍යවශ්‍ය මානව සම්පත් කළමනාකරණයට, වත්කම් කළමනාකරණයට සහ මුල්‍ය කළමනාකරණයට අවශ්‍ය විගණනයන් කඩිනම් කිරීමට තීරණය කළ බවත් විදුලිබල අමාත්‍යංශය පවසයි.
ඒ සඳහා තාක්ෂණය වැඩි වශයෙන් යොදාගැනීමට සහ කාර්යක්ෂමතාවය වැඩි කිරීමටත් පිරිවැය අඩු කිරීමට ඉවහල් වන යෝජනා පිළිබඳව අවධානය යොමු කළ බව කියන විදුලිබල මණ්ඩලය පොදුවේ ප්‍රතිව්‍යුහගත කිරීමක් අත්‍යවශ්‍ය බව ඉහළ පාලන අධිකාරිය විදුලිබල අමාත්‍යවරයාට පෙන්වා දුන් බව ද එම අමාත්‍යංශය සඳහන් කළේය.
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව විදුලිබල මණ්ඩලයේ ඉහළ පාලන අධිකාරිය දැනුවත් කිරීම සහ යෝජනා ගැනීමේ හමුවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටු සාමාජිකයන්, විදුලිබල මණ්ඩලයේ සභාපති, සාමාන්‍යධිකාරීවරයා, අතිරේක සාමාන්‍යධිකාරීවරු සහ ප්‍රධාන මූල්‍ය කළමනාකරු ඇතුළු ඉහළ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රථමයෙන් ප්‍රතිව්‍යුහගත කලයුතු තැන ගැන පොදුජනයාට මනා අවබෝධයක් ඇත
රට සහ රටේ කර්මාන්ත විනාශ කිරීමට දායක වූ ප්‍රධානම ආයතනය... 1000කට අධික පින්පඩි ඉංජිනේරුවන් නිසා...
මේක ඉත හොඳයි... පාඩු ලබන ආයතන ජනතාවට බරක්...!