(මනෝජ් හර්ෂික)
‘ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය අතර කිසිම අර්බුදයක් නැහැ. එකම ප්‍රශ්නය තමයි ඔවුන් අපි කියන දේ කරන්නේ නැති එක‘ යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අද (2) පැවැසීය.
කොළඹ 14, බණ්ඩාරණායක මාවතේ පිහිටි එ.ජා.ප. කාර්යාලයේ පැවති අඩු ආදායම්ලාභී පිරිස් වෙත පරිගණක ලබාදීමේ අවස්ථාවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීය.
"මේ රටේ අහිංසක ජනතාවට යම් පොරොන්දුවක් දුන්නා නම් අපි ඒ දේ මොන ආකාරයෙන් හෝ ඉෂ්ට කළ යුතුයි. ඒකට අපි බැදී සිටිනවා. මේ ගැටලුව සම්බන්ධයෙන් ජනතාව ලිඛිතව පොරොන්දු වූ දෙයක් තිබෙනවා. අන්න ඒ දේ ඉටු කළ යුතුයි.
අහිංසක ජනතාව පීඩාවට පත්කරන්න නම් ඉඩ තියන්නේ නැහැ. මේ පිරිස් සුඛෝපභෝගී මාලිගාවල ඉන්න පිරිසක් නොවෙයි. කුමාර වෙල්ගම හා අර්ජුන රණතුංග යන මහත්වරුන්ට ස්තූති කරනවා. මේ පිරිස කෙරෙහි මානුෂීය ආකාරයෙන් සිතලා ඔවුන්ට ලිඛිතව පොරොන්දුවක් දීම පිළිබඳව" යැයි ද අමාත්‍යවරයා එහිදී පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා කියන දේ හරිද ඒගොල්ලෝ කියන දේ වැරදිද අපට නම් අදාළ නැත. මහජන මුදලින් ජීවිකාව ගෙන යන සියලුම නිලදාරීන් මෙන්ම ඔයාලද කල යුත්තේ නිවැරදි දෙය බව අමුතුවෙන් කිව යුතුද?
මෙයා කොතනද එතන අර්බුද තමා. මෙයා කියන දේවල් විශ්වාස කරන්නේ කොහොමද ? එකවතාවක් තමන් වැරදි නිසා ඉල්ලා අස්වුණා.
මේගොල්ලෝ රටගැන හිතන ජාතියක් නොවෙයි නියම බදගොස්තර වාදීන්.
දැන් දැන් හැමදෙනාම දේශපාලකයෝ කියන දේවල් කරන්නේ සැහෙන දුරට කල්පනා කරලා බලලා . මොකද ඒ අයට කොමිස් ලැබෙන්නේ නැහැනේ. අන්තිමට ජොබ් එකත් නැහැ , කාලයක් තිස්සේ දිනාගත්තු නමත් නැහැ, ව්ශ්රාම වැටුපත් නැහැ, සමහර උදවියට ණයට අරගෙන හදා ගත්තු ගෙයත් නැහැ. කොමිස් ගත්තු දේශපාලුවෝ ඔය කියපු ඔක්කොමත් එක්ක පරම්පරා ගණනාවකට හම්බ කරලා සැප විඳිනවා.
ඇත්ත නේන්නම් අර්බුදය තියෙන්නේ සංස්ථා දෙකක් අතරනේ.
ඇත්ත නේන්නම් අර්බුධය තියෙන්නේ සාක්කු දෙකක් අතර නේද?