IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලංවිම ජපානය එක්ක ගිවිසුමක් ගහන්න යයි

(අංජුල මහික වීරරත්න)

ලංකා  විදුලි බල මණ්ඩලය සහ ජපන් විදුලිබල තොරතුරු මධ්‍යස්ථානය අතර තාක්ෂණික සහයෝගීතාව සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ලංකා විදුලිබල මණ්ඩලයේ 2018 වර්ෂයේ සිට ජපන් විදුලිබල තොරතුරු මධ්‍යස්ථානය සමග සහයෝගයෙන් කටයුතු කරනු ලබන අතර 2019 වර්ෂයේ දී තාක්ෂණික සහයෝගිතා වැඩසටහනක්ද ක්‍රියාත්මක කරනු ලැබ තිබේ.

එලෙස කටයුතු කිරීම මගින් ඇති කරගනු ලැබ ඇති සහයෝගීතාව මත පදනම්ව බහු විධ දැනුම හුවමාරු වැඩසටහන් වල නිරත වීමට හැකිවන පරිදි 2023 වර්ෂයේ සිට තාක්ෂණික සහයෝගිතා වැඩසටහනක් කියාත්මක කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීමට දෙපාර්ශ්වය විසින් එකඟ වී ඇත.

ඒ සඳහා වන යෝජිත තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ කෙටුම්පත් අවබෝධතා ගිවිසුම නීතිපතිවරයාගේ සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ නිරීක්ෂණ අනුව සකස් කරනු ලැබ තිබේ.

 



අදහස් (3)

ලංවිම ජපානය එක්ක ගිවිසුමක් ගහන්න යයි

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 29 August 2023 02:28 PM

ලංවිම කියන්නේ,දූෂිත දේශපාලනඥයන් සහ ඔවුන්ගේ හෙංචයියන් අරක්ගත් රටේ සල්ලි ගිලින සුදු අලියෙක්. ඒ බව මේ රටේ ජනතාව හොඳින්ම කරුණු කාරණා සහිතව දන්නවා.ඒ නිසා මේ ආයතනය දූෂිත දේශපාලනඥයන් අතින් මුදවා ගෙන,සිදුවූ අකටයුතු කම් සොයාගෙන එය රටට වැඩදායී අන්දමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතුමයි.එසේ නැතිව මොනවා කළත් එය රටට වැඩදායී අන්දමින් ක්‍රියාත්මක කිරීමට නොහැකිය.

:       1       12

ThilakTuesday, 29 August 2023 03:59 PM

අදානිට දෙන්න උදවු කරන ඔබට ස්තුතියි, අදානිට දුන්නට පස්සේ අඩන්න එපා,අදානි එන්නේ අපට ආදරේට නෙමෙයි, එක හින්ද තියෙන හකුර රැකගත්තොත් හොඳයි,කිසිම විචාරයක් නැතිව දේශපාලකයෝ වගේ තමන්ගේ කාර්ය කරගන්න කියනකථා

:       0       0

Rohana Tuesday, 29 August 2023 05:00 PM

ලංවිම විතරක් නොවෙයි බොහෝ රාජ්‍ය ආයතන දූෂිතයි.මේ සදහා කලයුතු එකම දෙය දූෂනයෙන් තොර ජනතාවාදී ආණ්ඩුවක් පත්කර ගැනීමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 358 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site