IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලොව ලාබාල මහාචාර්යවරයා ඉන්දියාවේ

(විමුක්ති එස් රුද්‍රිගු)

ලොව ළාබාලතම මහාචාර්යවරයාවීමට ඉන්දියානු සම්භවයක් සහිත 12 හැවිරිදි සිසුවකු වන සුබෝනෝ බාරිට හැකියාව ලැබී ඇත.

ඔහුගේ බුද්ධි මට්ටම හේතුවෙන් මුම්බායි විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ ආරාධිත මහාචාර්යවරයකු ලෙස දේශන පැවැත්වීමට මේ වනවිටත් ඔහුට ආරාධනා ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඇමෙරිකාවේ උසස් අධ්‍යාපන ආයතන සඳහා සිසුන් බඳවා ගන්නා තරඟ විභාගයක් වන සැට් විභාගයේදී ලකුණු 1500 ක් වයස 11 දී ලබා ගනිමින් ලෝක වාර්තාවක් තැබීමටද සුබෝනෝ බාරිට හැකියාව ලැබුණු අතර එහිදී ඔහු ලෝකයේ අවධානය දිනා ගැනීමට සමත් වූවේය.

සුබෝනෝ බාරි ඇමෙරිකාවේ ද්විතීක පාසලකින් ඩිප්ලෝමාවක් ලබාගත් ළාබාලතම සිසුවාවීමටද නියමිතය.

ඔහු අනිද්දා(26) පැවැත්වෙන උත්සවයකදී සිය ඩිප්ලෝමාව ලබා ගැනීමට නියමිතව ඇත.

ගණිතය හා භෞතික විද්‍යාවට ඇති දක්ෂතාවය හේතුවෙන් බාරිට නිව්යෝක් විශ්ව විද්‍යාලයේ සම්පූර්ණ ශිෂ්‍යත්වයක් ලබා ගැනීමටද හැකියාව ලැබුණේය.බාරි මේ වනවිට ග්‍රන්ථ දෙකක් රචනා කර ඇති අතර ඉන්දියාවේ ද්වීතීක පාසල්වල ඉගෙනීම් කටයුතුද සිදුකර ඇත.මෙතෙක් ඔහු ළාබාලතම මහාචාර්යවරයා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ අතර මුම්බායි විශ්වවිද්‍යාලයේ ආරාධිත දේශනය කිරීමත් සමඟ බාරි සැබැවින්ම මහාචාර්යවරයෙකු වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 



අදහස් (3)

ලොව ලාබාල මහාචාර්යවරයා ඉන්දියාවේ

ගමේ එකාලා Monday, 24 June 2024 03:22 PM

අපේ රටේත් හොඳ වැඩකාරයෝ ඉන්නවා. හොරට ලියලා විභාග පාස් වෙච්චි උදවීය. අභ්‍යාවකාශ තරණය පිළිබඳව ආචාර්ය උපාධියක් තියෙන හඳට රොකට් යවපු කෙනෙක්... ඔක්කොම මැදමූලනේ...?

:       1       34

sachithMonday, 24 June 2024 05:49 PM

අනේද කියන්නේ? යවපු රොකට් එක හොයාගන්නත් නැ. වැඩිම ලකුණු ගත්ත නීති විශාරදය කතා කරපු නඩුවකුත් නෑ...

:       0       23

PereraTuesday, 25 June 2024 12:24 AM

සචිත්, හොර පෙරකදෝරුවා රනිල්ට පස්සේ ජනපති වෙන හැටි බලන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 530 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site