ලොව ලොකුම රුවල් නැව සූවස් ඇළ ඔස්සේ මධ්‍යධරණී සාගරයෙන් ඉන්දියන් සාගරයට පිවිස ශ්‍රී ලංකාවට සේන්දුවී සිටී.
අඩි 305 ක් දිග මේ රුවල් නැවේ රුවල් 3 කි. එම නැවේ හිමිකරු කෝටිපති සිනමා හා මාධ්‍ය ව්‍යාපාරික බැරී බිලර්ය. මෝස්තර ශිල්පිණියක වන ඉයන් වොන් ෆර්ස්ටන්බර්ග් ඔහුගේ බිරිඳය. අරුණ නම් ග්‍රීක දෙවඟනකගේ නමින් (ඉයොස්) රුවල් නැව නම්කර ඇත. වේගය පැයට කිලෝමීටර් 30 ක් හෙවත් නොට් 16 කි.
කපිතාන්වරුන් හා සේවිකාවනටද නැවේ සේවකයන් 9 දෙනකුටද අමුත්තන් 16 දෙනකුටද කාර්ය මණ්ඩලයේ 21 දෙනකුටද සූපවේදීන් දෙදෙනකුට, ඉංජිනේරුවන් තිදෙනකුට නැවේ ඉඩ පහසුකම් ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටට ආපු එක ගැන ගොඩක් සතුටුයි.(හේ)
හරිම සතුටුයි. මෙය ලංකාවට ආඩම්බරයක් (නි)
මේක ලෝකේ තුන්වෙනියට ලොකුම එක. මීට වඩා ලොකු දෙකක් තියනවා. (ර)
මම දන්නේ නැති නිසා අහන්නේ. රුවල් නැවේ එන්ජින් තියනවද? විදුලිය ගන්න නොවේ. මුහුදේ යන්න. කියන්න දන්නා කෙනෙක්.(බ)
මම දන්නේ නැතිනිසා අහන්නේ. රුවල් නැවේ එන්ජිමක් තියනවද මුහුදේ යන්න. විදුලිය ගන්නනම් එකක් හෝ කිහිපයක් ඇති. දන්නා කෙනෙක් කියන්න.(හේ)
මේක අපිට ලොකු ආඩම්බරයක් (නි)
තම පුතුන්ටත් මේ ජාතියේ එකක් අරන් දෙන්න අපේ ඇමතිතුමාලටත් අදහස් පහළවෙන්න පුළුවන් (නි)
බොහෝ රුවල් නැව් වල එන්ජින් තියනවා. හදිසි අවස්ථාවකදී යන්න. (හේ)
හදිසි අවශ්‍යතාවයකදී පාවිච්චි කරන්න සමහර විට එන්ජිමක් ඇති.මමත් හරියට දන්නේ නැහැ....ඇති කියලා මමත් හිතනවා.(බ)
වර්තමානයේ හුඟක් රුවල් නැව් වල ඩීසල් engine තියෙනවා. එත් රුවල් වලින් ගමන් කරන්න පුළුවනි ඒවා නැතිව.(බ)
වරායකට ඇතුල්වීමට පිටවීමට ඇන්ජිමක් අත්‍යවශ්‍යයි සුළඟින් පාලනය කරවන්න බෑ ඒ ක්‍රියාකාරකම්. (ර)
අපෝ ඉස්සර මාලේ ඉඳලා ලංකාවට උම්බලකඩ ගෙනාවේ ඔය වගේ රුවල් නැවු වලින් තමයි (නි)
නිහාල් ඔකේ මොකක්ද ආඩම්බර වෙන්න තියෙන්නේ?(අ)
විවිධ තාක්ෂණයන්ගෙන් සමන්විත අති නවීණ රුවල් නැව් වල එන්ජින් එකක් නොවෙයි දෙකක්ම (standby engine) තියෙනවා. විදුලි ජනක යන්ත්‍රත් දෙකක් තියෙනවා (standby generator). රුවල් මෙන්ම එන්ජිම යන තාක්ෂනයන් දෙකම උපයෝගී කරගනිමින් අධික වේගයක් ලබාගැනීමත්, එයින් උපරිම වේගයකින් හෙබි, ප්‍රීතිමත් මුහුදු ගමන් වල ඔවුන් යෙදෙනවා. මෙම යාත්‍රා "යොත්" කියලයි හැඳින් වෙන්නේ. මේවායේ තිබෙන අති නවීන පහසුකම් හිතා ගන්නටත් බැරිතරම් සුඛෝපභෝගීයි. (අ)
රුවල් නවක වුනත් විදුලි බලය ගන්න වෙනම එන්ජිමක් සහ විදුලි ජනක යන්ත්‍ර තියනවා. මම මොල්දිව්ස් ඉන්නකොට නැව් ඇති වෙන්න බලාගත්තා. හොඳ අත්දැකීමක් මුහුදේ පැය ගණනක් බෝට්ටුවේ යනකොට.(හේ)
අපේ රට මතක් වෙලා ආව එකත් පුදුමයි.(හේ)
මම මෙහෙම රුවන් නැවක් දැක්කමයි.(හේ)
ඉස්සර රුවල් නැව් වල හබල් ගහන කණ්ඩායමක් හිටියා. අලුත් නැව් වල එන්ජින් තියෙනවා (අ)
මෙහෙම නැවක් ආවම එකේ රුවලයි, එන්ජිමයි, අයිතිකාරයයි ගැන කතා නොකර දැඩි රෙගු අධික්ෂනයකට ලක් කළ යුතුයි. තහනම් දෙයක් මේ මුවාවෙන් රටට ගෙනාවද, ලංකාවේ ලොකු හොරෙක්ගෙ ඩොලර් මිටි රට පටවන්න ආවද කියා. මෙවැනි නැව් වල අයිතිකාරයෝන්ගේ නම් ලොකුවට තිබුනට ඔවුන් පාවිච්චි නොකරන වෙලාවලට මේවා කුලියට ගත හැකි බව අමතක කරන්න එපා.(හේ)
රුවල් නැව්ක් අාවාම සතුටුවෙන ආඩම්බරවෙන කට්ටිය තමය ඡන්දෙ දෙන්නේ මේ රටේ. (අ)
මෙහි වේගය පැයට කිලෝමීටර් 30 ක් හෙවත් නොට් 16 කි. මෙහෙම වේගයකට මොකටද එන්ජින්. රුවල හොදටම ඇති.(හේ)
රුවල් නැව් වල එන්ජින් තියෙනවා. රුවල් වලිනුත් යනවා, ඒ වගේම එන්ජින් වලිනුත් යනවා. නැවේ අනිත් වැඩ වලට විදුලිය ගන්න වෙනමම ජෙනරේටර් එහෙමත් තියෙනවා. (ර)
එන්ජින් තියෙනවා මහත්තයෝ ... පොඩිම ඒවලත් එන්ජින් තියෙනවා ... මේක ලෝකේ ලොකුම එක නම් එන්ජින් 10 ක් තිබුනත් පුදුම වෙන්න දෙයක් නෑ..එන්ජින් නැති කාලේ ලෝකේ වටේ යන්න හදපු රුවල් නැවු වල තමයි එන්ජින් නැතුව තිබුනේ ...දැන් කාලේ ලෝකේ වටේ යන්න හදන රුවල් නැවු ඔක්කොමවල එන්ජින් තියෙනවා ....බයවෙන්න එපා... රැකියා පුරප්පාඩුවක් තිබුනොත් ඉල්ලන්න .(හේ)
ඕක ලොකුම එක වුණාය කියලා අපිට ඇති වාසිය මොකද? අපේ රෙකෝර්ඩ් කඩන්න ඔය රුවල් නැව් වලට බැහැ (නි)
ඇත්තෙන්ම මෙය රටට ආඩම්බරයක් (නි)
රුවල් ඉරි ගිය නව්කාවේ.! නියමුවණනි... නොගිලී දල රල පෙළ අතරේ... මා හා යා නොහැකිය ගොඩ බිමකට .(හේ)
රුවල් නැවක් අාවාම සතුටුවෙන ආඩම්බරවෙන කට්ටියට කොහොම ජොලියක්ද ඒක හම්බන්තොටට ආවා නම් (නදී)
ප්‍රනාන්දු හරිම පිළිතුර දීලා තිබෙනවා. නියමයි . ඔබට ජය! (නි)
ඕකත් අර දැන් කාලේ වාහන වාගේ හයිබ්‍රිඩි එතත් ද දන්නේ නෑ නේ ද ? හුළං සහ ඉන්ධන දෙකෙන් ම දුවන විදිහේ ...(බ)
මට නම් මේක එන්ජිමෙන් දිව්වත් හබල් ගගහා පැද්දක් ඇති වැඩක් නැහැ.නමුත් මේ වගේ යාත්‍රාවක් පළමු වතාවට ලංකාවට ආ එක ගැන සතුටුයි. (නි)
මට නිවන් යන්න අවශ්‍ය නැත. මට අවශ්‍ය ඇමරිකාවේ හොලිවුඩ් නළුවෙක් වෙලා ඉපදීමටයි. එතකොට මේ වගේ නැවක් අයිතිකරගන්න පුළුවන්. (නි)
මෙම රුවල් නැව අති නවීන පහසුකම් වලින් යුත්තයි. රේඩාර් පද්ධතියේ ඉදලා සෑම දෙයක්ම තියෙනවා. විදුලිය උත්පාදනයට ජෙනරෙටර් 2ක් හෝ 3ක් අැති අතර ගමන ආරම්භ කිරී මේදී අවශ්‍ය බලය එන්ජිමට ලබාදීම සදහා වායු ජනන යන්ත්‍රද දෙකකට වෑඩි ප්‍රමාණයක් තිබීමට පුලුවන්. එමෙන්ම බල ශක්තිය සදහා යොදාගන්නා තෙල්ද ඩිලාවල් නැමති යන්ත්‍රවලින් නැවතත් පිරිපහදුකර යොදා ගනී. යාන්ත්‍රික බලයයි , ස්වාවික හුලං බලයයි උපයෝගි කරගෙන උපරිම නාවික බලයක් ලබාගනී. (නදී)
අනුර, ඔයා සතුටු වුණාට මට නම් බයයි. එයාලා ලංකාවේ ආශ්චර්යය ගැන දන්නේ නැතුව ඇති. (නි)