ලොව විශාලතම විවාහ මංගලෝත්වය අයත් ගිනස් වාර්තාවට හිමිකම් කිමට අලූත විවාපත් වූ ශ්‍රී ලාංකික යුවළක් පසුගියදා සමත් වූහ.
මනාලයා වූ නලින් හා මනාලිය වූ නිසන්සලා අතිනත ගත්තේ දෙවැනි මනාලියන් 126 දෙනෙකු දෙවන මනාලයින් 25 දෙනෙකු මල් කුමාරියන් 23 දෙනෙකු හා මල් කුමාරයින් 20 දෙනෙකු මැදය.
මෙම වාර්තාවට පෙර හිමිකම් කීවේ තායිලන්ත යුවළක් වන අතර ඔවුන් දෙපළගේ විවාහ උත්සවයට දෙවැනි මනාලියන් 96 දෙනෙකු සහභාගී කරගෙන තිබී ඇතැයි සදහන්ය.
මෙම අවස්ථාවට ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියද සහභාගී වී සිටියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝක වාර්තා තියන්න වෙන දෙයක් කළා නම් හොදයි. මීට වඩා අසරණ මිනිස්සුන්ට ගෙදරක් හදලා දුන්නා නම් හොදයි නේද. (නි)
හැම කෙනාම මේ මගුලට වියදම් කරපු සල්ලි වලින් දුප්පත් මිනිස්සුන්ට කන්න අරන් දුන්නා නම් හොදයි කියලා කියනවා. කාගෙවත් දෙයකට එහෙම නොකියා තම තමන් පුළු පුළුවන් විදිහට දුප්පත් අයට උදව් කළා නම් නරකද? අනුන්ට කියන්න කලින් තමන් කරන එක වඩා හොදයි. ළමා දිනයට හැම කෙනාම පව් දුප්පත් ළමයි, අපි මෙයාලා වෙනුවෙන් මොනවාහරි කරන්න ඕනෑ කියනවා. ඒත් දුප්පත් ළමුන්ට උදව් කරන්න ඉල්ලුවම එකෙක්වත් නැහැ. (නි)
මම වෙන වෙබ් අඩ වීයකින් දැක්කා ෆොටෝ . මන මලයා ගේ මුණ බේරී වෙලා වගේ . හිනා වක් ඇත්තම නෑ.(නදී)
නව යුවලට සහ නව ගිනස් වාර්තාවට මගේ උනුසුම් සුභ පැතුම්. කිසි දෙයක හොඳක් දකින්න කැමති නැති මෙතන අදහස් දාල තියෙන අය ඉන්නකම් ලංකාවට හොඳක් වෙන්නේ නැහැ. මිනිස්සුනේ එයාලා තමන්ට සතුටු විදිහට තමන්ගේ ප්‍රීතිමත් අවස්ථාව සමරලා තියෙන්නේ. තමන් අනුන්ට සලකලා, කෑම අරන් දීලා, ගෙවල් හදලා දීලා සතුටු වෙනවා නම් එසේ කර සතුටු වෙන්න, එහෙම කරලා ලෝක වාර්ථා තියන්න. අනුන් කරන දේ වලට වැදි බන දෙසන්නේ නැතිව. (නදී)
අර එක්කෙනෙක් කියලා තියෙන්නේ. ලෝක වාර්තාවට මිලියනයක් දෙනව කියල. ඒක ඇත්තද කියල දන්න කෙනෙක් කියන්න. නෑ නිකමට සාමාන්‍ය දැනුමක් ලබා ගන්නයි අහන්නෙ. (අ)
මුලින්ම සුබ පැතුම් ! දුක, ..... ඔය දෙන්නා මෙච්චර වියදම් කරලා, මහන්සි වෙලා, බැනුම් ගොඩක් අහගත්ත එක ගැනයි. නමුත් බැනපු අය ලියල තිබ්බ දේවල් වල කිසි වරදක් නැහැ. ආයෙත් පුළුවන් හැම වෙලාවේම , වැඩි සද්දයක් නැතුව අසරණ, අයට පිහිට වෙන්න අදිෂ්ටාන කරගන්න පුලුවන්නම් , ඔයාලට , ඔයාලාගේ මුළු පව්ලටම ලොකු පිනක් , සුබ අනාගතයක් ! (දී)
ඊළගට කවුද මේ වාර්තාව කඩන්න කැමති. මට සල්ලි නෑ ඒත් කව්රුහරි සල්ලි දෙනවා නම් මාත් කැමති මේ වගේ ආයිත් බඳින්ඩ.(නදී)
දෙවැනි මනමාලයෙක්, මනමාලියෙක් මංගල්‍යයකට එක්කර ගැනීමේ තේරුම දන්නවාද? (නි)
මෙවැනි ආකාරයට මංගල උත්සවය ගන්නට මේ යුවලට හිතුනේ මොකද කියල මම හරියට කල්පනා කලා. ඔලුවත් රිදෙනවා.එත් හිතා ගන්න බැහැ. ඔබගේ අනාගතයට සුභ පැතුම්!
ඔවුන්ගේ හැකියාවට අපි සුභ පතමු. නව යුවලට මගේ උණුසුම් සුභ පැතුම්! කිසි දෙයක හොඳක් දකින්න කැමති නැති මිනිස්සු (නි)
මේක ලොකුම මගුල කියන්නේ කොහොමද? මම ගියා යාලුවෙකුගේ වෙඩිමකට ඉන්දියාවේ, මම පැය හයක් පෝලිමේ හිටියා මනාලියට කිස් එකක් දෙන්න. හෝල් එක ඛත්තාරාමේ පිට්ටනියට වඩා ලොකුයි. සෙනග 5000 කට වැඩියි. (නදී)
අළුත් නිර්මාණයක්. ශ්‍රී ලාංකිකයෝ වශයෙන් ආඩම්බර වෙන්න ඕනෑ (නි)
මේ දෙන්න ඩිවෝස් වුණොත් ඒකත් ගිනස් එකට යයි නේද?මොකද වැඩිම පිරිසක් එක්ක ගත් මංගල උත්සවයනේ (නි)
ඔය සල්ලි වලින් අසරණ මිනිස්සුන්ට කන්න වේලක් දුන්නනම් කොච්චර වටිනවද (දිල්)
හැම දෙකටම සීමාවක් තියෙන්න ඕන. මිනිසුන්ගේ පිස්සු ආසාවන් වලට සීමාවක් නැහැ. (ස)
තරුමලී නගා (විනු උදානි සිරිවර්ධන) මනමාලි තරම්ම හෝ ඊටත් වැඩියෙන් අවධානයට ලක්වුනා. (නදී)
ඔබ දෙපලට සුබ පැතුම්! (නි)
ගොඩක් අය ගොඩක් දේවල් කියලා තියෙනවා.මට හිතෙන්නෙත් මේ වැඩේ විශේෂ ලස්සනක් නැහැ කියලා. අපි දකින සාමාන්‍ය වෙඩින් ඇත්තටම මීට වඩා ලස්සනයි කියලා හිතෙනවා.එයාලගේ ලස්සන දවස සෙනග ගොඩක් මැද්දේ අපහසුවෙන් ගෙවනවා වගේ මට හිතෙන්නේ.මොනවා වුණත් ඒ දවස ඉවරයි.එයාලගේ අනාගතේට සුබ පතනවා! (නි)
මනමාලයට ගෑනු දැකල එපා වෙලාද කොහෙද පලවෙනි දවසෙම ?(දිල්)
මෙයාලට පිස්සු..... (ස) ,
විකාර දේවල්. අසරණ එක මනුස්සයෙකුට පිහිට උනා නම් ඊට වැඩ කොච්චර සතුටක්ද? (ස)
ඒ යුවල පින් දහමුත් කරනවා ඇති. අනිත් එක ඔය මගුල ගත්තේ ආණ්ඩුවේ දුන්න ආධාර වලින් නෙමෙයි. එයාලගේ සල්ලි. පටු විදිහට හිතන්න එපා, නැති මිනිහ තියන කෙනාට ඔය කතාව කියනවම තමා. අපේ මිනිස්සු ළිං ඇතුලේ ඉන්න මැඩියෝ වගේ. ඉපදිලා දුකම විදලා අනුන්ට ඉරිසියා කරලා මැරිලා යනවා. අලුත් දෙයක් හිතන්න පුරුදු වෙලා නැහැ. (ස)
මඟුලක් නෙවේ මහා වදයක් වෙන්න ඇති, දවසෙම පොටෝ ගන්නව ඇර වෙන කිසිම දෙයක් කරන්න වෙලාවක් තියෙන්න නඇතුව ඇති. (ස)
දුප්පතුන්ට උදව් කළොත් පිනක් ලැබෙයි. නමුත් මේ දෙන්නා එහෙම දෙන්නෙක් නොවෙන නිසයි මෙහෙම මුදල් වැයකරලා මගුල ගත්තේ. ඔය වැයකළ මුදලින් දුප්පතුන්ට උදව් කළාට ගිනස් වාර්තා තියන්නත් බැහැනේ. දෙවන මනාලයින් 25 කට දෙවැනි මනාලියන් 126 දෙනෙකු ගත්තේ ඇයි දන්නෙ නැහැ (නි)
හොදයි සුබ පැතුම් . තමන්ට පුලුවන් නම් මෙහෙම මගුල් කැවට කමක් නැ. (දී)
මෙහෙම පිස්සෝ ඉන්නවා කියල අපි දන්නවා. (ස)
අනේ ඔය සල්ලි මට තිබ්බා නම් මමත් හොඳින් වෙඩින් එක අරගෙන තව ආසවෙන් වෙඩින් එකක් කර ගන්න බැරුව ඉන්න කීප දෙනෙකුටත් කරලා දෙනවා.සල්ලි තිබ්ට වැඩක් නැ.ඒ වල වටිනාකම දැනගන ඕනේ වැඩ කරන,හොඳ ජීවිතයක් ගෙනියන ලැබෙන්න කියලා සුභ පතනවා. කොහොම උනත් උත්සහාහය අගය කරනවා. (ස)
ලක්ෂ්මන් මහතාට මම එකග වෙනවා වගේම ඔවුන්ටත් සුභ පතනවා (නි)
දෙවැනි මනමාලියන්ගේ ඔසරිය නම් ලස්සනයි .ඒත් ඇයි මනමාලයයි මනමාලියි හිනාවෙන්නේ නැත්තේ ?වියදම් මතක් වෙලාද ? ඒක එහෙම නම් අපි ඊලඟ ඡන්දෙදි තීරණයක් ගමු.
මම දුවගෙන ගියා පොටෝ එක බලන්න ..?(නදී)
එක ගිනස් වාර්ථාවකට රජයෙන් මිලියනයක් ගෙවනවා. එයාලට ඉරිසියා නොකරන්න. ඕකට එච්චර මුදල් වැයවෙන්නේ නැහැ. ඒක එයාලගේ හැකියාව.(නදී)
මේ වගේ වැඩකරන අයට මුදල් වැඩිවුණහම කොහොමත් සමාජයේ වෙන දේවල් පෙනෙන්නෙ නැහැ. (නි)
''ශ්‍රී ලංකා''කියන නාමය ලොව බැබෙලෙන එක හොඳයි. අපේ ප්‍රාර්තනාවත් ඒකයි. ඒත් මෙතරම් වියදම් වන වැඩ අසරණ මිනිසුන් වෙනුවෙන් යොදවන්න අදහසක් ආව නම් ඒ නව යුවලට මොනතරම් සැහැල්ලුවක් දැනෙයිද?මේ දේ ලිව්ව්වේ ඉරිසියාවකට නොවෙයි අර පොළොන්නරුවේ මනම්පිටියේ තවම ගමට නමක් නැති පවුල් 26ක් වගේ හරියකට කාමරයක් වත් හදාගෙන නැති දුගී දුප්පත් අසරණ මිනිසුන් වෙනුවෙන් මාසයකටවත් වියලි ආහාර වත් අරන් දෙන්න තිබුනානම්?මොකද ඔය මඟුල් වැඩේට ගම්මාන හතකටවත් කන්න දෙන්න පුළුවන් වියදමක් දරනවනේ නේද?ඔයාල දැක්කද ඒ ගමේ රාමයියා දේවිකා,එයාගේ ස්වාමියා, තව චූටි දරුවෙක් අලියෙකුගෙන් මැරෙන්නේ නැතිව බේරුණ හැටි. ඒ වගේ තව කොච්චර නම් ප්‍රදේශ තියෙනවද? විවාහ උත්සව කරන්න ඕනේ. ඒත් මේ තරම් වියදම් කරන එකේ විවාහ වෙලා ඒ වියදම යහපත් දේකට යොදවන්න හිතක් පහළ වෙනවා නම්? එහෙම චේතනා පහළවේවා.(නදී)
මේ තරම් වියදම් කරන එක මමත් අනුමත කරන්නේ නැහැ. ඒත් මේක ඒ දෙන්නගෙම ආසාවනේ. එයාලගේ සතුට දැකලා අපි සතුටු වෙමු. (නි)
මමත් එහෙමයි රූප අක්කේ ...!! කෝ ඉතින් නැහැනේ,(නදී)
සුමනසීලි හිමි ඉරිසියාවට කියපු දෙයක්. මොනවට කරදර වෙනවද ඔබ වහන්සේ මැදිහත් සිතින් බලන්න.ඔබ වහන්සේට ශක්තිය ලැබේවා!ඒ වගේම බෞද්ධ දර්ශනය තුල තිබෙන ධර්ම කාරණා පොත පතට සීමාවී ඇති බැවින් ඒවා ගිහි සමාජයේ යාපත් පැවැත්ම සදහා කියා දුන්නා නම් වටී.අපි යන්නේ වැරදි පාරක බව මගේ හැගීමයි.පන්සලට ගොස් පහන් පත්තු කළාට මල් පුජාකළාට හදුන්කුරු ගැහුවට බෞද්ධයෙක් වන්නේ නැත. ගාථා සියල්ල කටපාඩම් කළ පමණින් බෞද්ධයෙකු වන්නේද නැත. ඒ නිසා සමාජයේ යහ පැවැත්ම සදහා බුදුන් වහන්සේ වදාළ දේශන ගිහියන්ට කියා දීම වටී.බුදුන් වහන්සේගේ චරිතය ගැන නොව උන් වහන්සේගේ උතුම් ධර්මය ගැන කියා දෙන්න. එවිට බුදුන් මනසින් දැකීමට සියලු දෙනා සමත්ය (නි)
මනමාල යුවලගේ මුහුණු නම් ලොකු සතුටක් නැහැ. වාර්තාව පිහිටුවන්න ඔවුන්ගේ මගුල් දවස පාවිච්චි කරපු එක වගේ වෙලා තියෙන්නේ. (නදී)
රූපවතී අක්කේ, සරත් අයියත් දිසා එක්ක දුවයිද දන්නේ නැහැ මනාලියන් 126 දෙනාගේ පින්තුර බලන්න (නි)
මට නම් හිතෙන්නේ පිස්සු වැඩක් කියලා (නි)
මේක දකින හැමෝටම මතක් වෙලා තියෙන්නේ සල්ලි. සල්ලි වලට ඔච්චර ලෝභ මිනිස්සු නම් අසරණ අයට පිහිට වෙයි මේන් කියලා.(නදී)
මිලියන දෙසිය පනහක මල් වෙඩිත් චීනෙන් ගෙන්න ගත්තා නම්. (නදී)
ඕනෙම දෙයක් ඕනෑවට වැඩිය ඕනේම නෑ.(නදී)
නියමයි. මෙහෙම තමා කරන්න ඕනෑ වෙනස් විදිහකට. ඔය දුප්පතුන්ට පිහිට වෙන්න ඕනෑ කියන කට්ටිය ඔයගොල්ලන්ගේ සල්ලි වලින් අරන් දෙන්න ඔච්චරම ඕනෑකමක් තිබුනා නම්. ඒ සුන්දර මොහොත මංගල්‍ය හොදට වියදම් කරලා ගන්නේ නැතුව දුප්පතුන්ට උදව් කරන්නලු. හිනා යනවා අනේ. (නි)
හරිම ලස්සනයි මේ අක්කටයි අයියටයි මගෙන් උණුසුම් සුබ පැතුම්! මේ දෙන්නගේ ලස්සන බලාපොරොත්තුව ඉටුවෙලා. මේ දේ දකින සමහරක් අය ඉන්නවා ඊර්ෂ්‍යාව තිබෙන අය. කවදාවත්ම අනුන්ට ඊර්ෂ්‍යා කරන්න එපා. ඒ දෙන්නට ලස්සනට වෙඩින් එක ගන්න පුලුවන් නම් අපිත් හිතන්න ඕනෑ අපිට පුළුවන් කියලා.මම නම් මේ දෙන්නව ගොඩක් අගය කරනවා. කවදාහරි මමත් මගේ වෙඩින් එක මේ වගේ ලස්සනට ගන්නවා (නි)
පිස්සු නැත්තම් හොඳයි! (ස)
ඊළඟ ගිනස් වාර්තාව වැඩිම දරුවන් ගණනක් බිහි කිරීම.(නදී)
අනේ මගේ ඔලුව රිදෙනවා. බැරිද ඔය පොතේ නම ලියල බේත් ටිකක් දෙන්න..(නදී)
කව්රු කොහොම බැන්දත් එකම දෙය සිද්ධ වෙන්නේ. මේවා බොරු වැඩ. මීට වැඩිය හොදයි දුප්පත් මිනිස්සුන්ට ඒ සල්ලි වලින් කන්න දුන්නා නම්.(නදී)
හරිම ලස්සනයි සුභ පතනවා.(නදී)
කොහොමද පොටෝ බලන්නේ කියලා දෙන්න.(නදී)
අයියෝ සල්ලි(දිල්)
අනේ මෙහෙම ආශාවක්. මිනිසුනි ලැබෙයිද මින් සැනසීමක්.(නදී)
හනිමූන් එකේ මොකුත් විශේෂයක් නැතිද.(නදී)
හරිම ලස්සනයි.මගෙන් මේ දෙන්නට උණුසුම් සුබ පැතුම්! (නි)
කවුරුත් නොදන්න දෙයක් කියන්නද........ මේ වෙඩින් එකෙන් පස්සේ දවසේ නව යුවළ ළමා නිවාසයකට දානයක් දුන්නා. ඉතින් අපි හැමෝම සුභ පතන්න ඕනා නේද. (නදී)
සල්ලි විසිකරලා තියෙන වාර්තා ඕන සල්ලිකාරයෙක් කරයි. තමන්ගේ හැකියාවක් පෙන්නලා පුළුවන් නම් දෙයක් කරන්න .ලෝකේ ලොකුම පවුල වත්.(නදී)
මනමාලයට නම් මල් 7යි. මොකද දන්නවද ඔය ඔක්ක්කොම මනමාලයට කැමති අය.(නදී)
අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු අර ලංකාවේ කන්න නැති මිනිස්සුන්ට කන්න ටිකක් දුන්නනම් ඒක කොච්චර පිනක්ද?(නදී)
..මම හදිස්සියට දුවගෙන ගිහින් වෙනත් මාධයකින් බැලුව ගොඩාක් වියදම් කරලා ..එක ඒ දෙදෙනාගේ කැමැත්තනි ....?පොටෝ එක ..එත් මෙපමණ ලස්සනට පෙන්වල තිබුනේ නැහැ ..මේ පොටෝ එක ලස්සනයි,, සුබ මංගලම් ..!!!ඔබ දෙපලට ..! ඉස්තුතියි ..ලංකාදීප අපිට පොටෝ එක පෙන්වූවාට ...!!! (දී)
පුවත් දිහා බලන කොට අසරණ ලෙඩෙක් ජීවියතය බේරගන්න කියල ඉල්ලනවා නැත්නම් අසරණ පවුලක් හිසට වහලක් ඉල්ලනවා මේවා දිහා බලාගෙන මේ වගේ අය ලොවම හිනස්සන වැඩ කරනවා (දිල්)
අපරාදේ සල්ලි. ලංකාවේ කන්න නැති මිනිස්සු කොච්චර ඉන්නවද ? (නි)
ලගදීම අපේ සනත් පුතත් ගිනස් වාර්තා තියාවි වැඩිම වාර ගණනක් බැඳලා. . හි..... හි..... හී. (නදී)
ප්‍රභාත් පෙරේරා ..? හැමදේටම කන බනේම කියවන්න එපා ..?එක ඒ මිනිසුන්ගේ ආසාව ..? මිනිසුනේ ගතවෙහෙසලා ..මහන්සිවෙලා වැඩ කරලා තම දහදිය බිදුවකින් ..තම පව්ලේ වියහියදම් වගේම හිසට වහලක් ලබාගන්න ..? අනුන් කන්න ටිකක් දෙනකම් කම්මැලි කමට ඉර පස්ස පැත්තට වැටෙනකම් නිදාගන්න කම්මැලි මිනිසුන්ට එයාගේ පරම්පරා හතටම වෙන්නේ ..කව්රු හරි කන්න ටිකක් දෙනකම් ..නිකම් බලන් ඉන්නයි ...මේ ලෝකේ ගොඩාක් මිනිසුන් දියුණු වෙලා ඉන්නේ තම දහදිය බිදුවේ වත් කමින් ..ඔයත් මින් පසුව මහන්සි වෙලා වැඩ කරන්න ..එවිට ඔය වගේ අදහස් සිතේ පහල වෙන් නැහැ ....? ඒ දෙපලට සුබ මංගලම් ...!!! (දී)
ඔය දෙන්නට සුබ පටනවා ඒත් සෝබන වැඩක් ඔයාලට ගිය වියදමෙන් දුප්පත් කෙනෙකුට ගෙයක් හදල දුන්නනම් ගොඩක් වටිනවා.(නදී)
අනුරාධපුර, පොලොන්නරුව වගේ පැත්තක මිනිස්සු ගැන බැලුවානම් ඔයිට වඩා හොදයි (දී)
රූපවතී නගෝ, මමත් දුවගෙන ආවා පොටෝ එක බලන්න. බැලින්නම් පොටෝ එකත් නැහැ ඔයත් නැහැ.(නදී)
මුලින්ම යුග දිවියට පත් මෙම දෙපලට හදවතින්ම සුබපතනවා. 2.විවාහ මංගල්‍යය උත්සවයක් වශයෙන් ගන්න ඕනෑ මම හිතන විදියට. නමුත් ලෝකයාට පෙන්නන්න නෙමෙයි.අනවශ්‍ය ලෙස වියදම් කළ මුදල් වලින් ළමා නිවාසයකට දානයක් දුන්නා නම් සියලුම පුද්ගලයන් මෙම දෙපලට ප්‍රශංසා කරනවාට අමතරව ඊළඟ ආත්මයටත් ලොකු පිනක්. කවුරුත් කියන එකක් නැහැ මෝඩ වැඩක් කළේ කියලා.මෙච්චර වියදම් කළාට ඉතුරුවුනේ අන්තිමට ෆොටෝ විතරයි. දානයක් දුන්නා නම් පිනවත් ඉතුරුවෙනවා. (නි)
අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු. හෙට අනිද්දා වෙනකොට කාපු බීපුවත් අමතකයි. අර දුප්පත් ළමයි ඉන්න ඉස්කෝලෙකට ඔය සල්ලි වලින් උදව්වක් වත් කරොත් කොච්චර ලොකු පිනක්ද?(නදී)
දිලංක ඔයා හරියටම හරි (නදී)
දිලන්කට කව්රු හරි කන්න ටිකක් දෙන්න හැම වෙලේම කන බැහැනේ.(නදී)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
මා ලිව්වා දේත් පල කර දෙන්න.(නදී)
මෙය ඔවුන්ගේ කැමැත්ත, හංසි බලන් ඉන්නෙ මෙ දෙන්නගෙ ඩිවෝස් එක. මෙතන ඉන්න හුගක් කට්ටිය අනුන් ලවා පිංකම් කරන්න ලක ලෑස්ති උන අය බොරුව පැත්තක තියලා තමන්ගෙ ඇතුලාන්තයට ඵබිලා බලමුද මෙතන අදහස් ලියපු කි දෙනෙක් අතේ සල්ලි තියෙද්දි අසරණ අයව මතක් වෙනවද කියලා. අඩු තරමින් තමන්ගෙම ආච්චිලා සියාලවත්. (ස)
ඊළඟ වාර්තාව ලෝකයේ ලොකුම පවුලද.(නදී)
මෙය ඔවුන්ගේ කැමැත්තයි! ඔවුන්ගේ යුග දිවිය සාර්තක වේවායි පළමුව පතමි. මංගල උත්සවයක වඩාත්ම වැදගත් මෙන්ම කැපී පෙනෙන පුද්ගලයන් වන්නේ මනාල යුවලයි! නමුත් මෙහිදී විශාල පිරිසක් සමග ඔවුන්ගේ මතුවීම අඩු වී ඇති බවක් සේම අඩු සංඛයාවකින් යුත් කණ්ඩායම් ඡයාරූපයක ඇති සමමිතික බව සහ ගාම්භීරත්වය මෙහිදී මම නොදකිමි!.(නදී)
ඊර්ෂ්‍යාවට නොවෙයි මේ කියන්නේ? වෙන නිර්මාණශීලී අදහසක් තිබුණේම නැද්ද? (නි)
සංජු, ඔයත් ගානට වැඩියි දැන් හරිද?? (ස)
මෙම යුවලට මගේ උණුසුම් සුබ පැතුම්.(නදී)
මේක තමන්ගේ ව්‍යාපාරය ප්‍රසිද්ධ කරගන්න කල විවාහයක් ආයතන කීපයක අනුග්‍රහය මත තමයි මේවගේ දේ කරන්නේ . (දී)
කුසගින්නේ ඉන්නා අය හට කුසගින්න පුරවන්න ඔය වියදම් කළ සල්ලි වලින් පුළුවන් වුණා නම් හිතට මොනතරම් නම් සතුටක් සැහැල්ලුවක් දැනේද? තම දරුවන්ටත් ඒ පින ලැබෙනවා නේද? (නි)
මේකනම් පිස්සුම පිස්සු වැඩකට නැති වැඩක් ලෙසටයි මම නම් දකින්නේ (නි)
ඇට්ටටම මේක බොරු වැඩක්.(නදී)
අපෙන් අදහස් විමසන්නේ මේක අපෙන් අහල කරපු මගුලක් නෙමෙයිනෙ. කොහොම නමුත් රෙකෝඩ් ගහල ගත්ත කසාදෙ දිගුකල් පවතිවා කියල පතමු (නදී).
ඔය සල්ලි වලින් පිනක් දහමක් කළා නම් ඔයිට වැඩිය හොදයි නේද? (නදී)
වාර්ථාවක් තිබ්බ එක නම් හොදයි. ඒත් ඔය විශාල වියදමක් දරලා එය වැඩ කරනවාට වැඩිය හොදයි නේද ඒ සල්ලි වලින් පින් දහම් කළා නම් නේද? (නදී)
සුභ පැතුම්! (නදී)
මගුලක් කතා කරනවා.... (දී)
ලෝකයේ ලොකුම විවාහ මගුල වගේම ලෝකයේ ලොකුම මෝඩ පවුල කියලයි මම කියන්නේ.අපි නොදන්නා ලංකාව?තෑග්ගට ලොකුම අං තට්ටුව මගේ ගානේ.හොඳේ!(නදී)
ලස්සන ෆොටෝ වලට වඩා වැදගත් හොදින් ලස්සන පවුල් ජීවිතයක් ගෙවීම... (නි)
ජයවේවා නියමයි
ඔවුන්ගේ හැකියාවට අපි සුභ පතමු.(නදී)
දැන් ඉතින් ලංකාවෙන් බිහි වෙන්නෙම ලෝකේ ලොකුම වැඩ තමා (නදී)
මාත් එකගයි හසන්ත සමග.අපේ සුබ පැතුම් (නි)
අද මේ රටේ කීදෙනෙක්ට හිසට වහලක් බඩට කෑමක් නැතිව ඉන්නවද මේ මිනිස්සුන්ට ඕක තේරෙන්නේ නැති එකනේ පුදුමේ (දී)
දැනට ලැබිලා තිබෙන ප්‍රතිචාර අනුව හා මගෙ අදහස අනුව මෙම ක්‍රියාව තරම් අනුවණ ක්‍රියාවක් තවත් හමුවී නොමැත (නි)
අන්දපු කෙනා ජෝඩුවයි වැඩිහිටියොයි හොඳට අන්දලා එයාගේ ගාන කපාගෙන තියෙන්නේ. තේරෙන්නේ නැද්ද? දෙවැනි මනාලියෝ 126ක් ගත්තේ ඒකනේ. මේ විශාල පිරිස අන්දන්න එයාට කීයක් ගෙවන්න වෙන්න ඇද්ද? (ස)
මේ මංගල උත්සවයේ මනාලියන් හැඩගැන්වූ ශිරාණිට මගේ සුබ පැතුම්. (නි)
අපි මෙහෙම මගුලක් කලා නම් ජෝඩුවයි දෙවන මනාලයෝ, දෙවන මනාලියෝ මල් කුමාර කුමරියෝ ඇරුනම වෙන කාටවත් ආරාධනා කරන්න වෙන්නේ නෑ. මේ කට්ටියටම කෑම පිඟන් 196ක්. රියදුරන්ට හා දෙපස දෙමව්පියන්ට තව පිගන් 10ක් විතර යයි. අපිට නම් මගුලකට එන සියලු දෙනාටම වියදම් කරන්න පුළුවන් ඔය වගේ පිඟන් ගානකට විතරයි. (ස)
ආනන්ද ඊළග වාර්තාව ලොකුම හනිමූන් එක. අනේ මෙහෙම ආශාවක්. (නදී)
සතුටුයි. ඒ වගේම නව යුවලට සුබ පතනවා. ඒත් මේ දේ කියන්නෙ ඉරිසියවකට නෙවෙයි. මේ වියදමින් ටිකක් හරි වෙන යහපත් කටුත්තකට යෙදෙවුවා නම් මීට වැඩ අගෙයි. මොකද ඉහල යන ජිවන වියදමත් එක්ක ජිවත් වෙන්න මහන්සි වෙන අසරණ මිනිස්සු කොච්චර ඉන්නවද? ඒ කෙනෙක්ගේ හිත හැදුව නම් මීට වඩා කොච්චර පිනක්ද? (ස)