බෞද්ධ කොඩියට වසර 127 ක් සපිරීම වෙනුවෙන් මහනුවර බොක්කාවල වෑවල ශ‍්‍රී ඉසිපතනාරාම විහාරස්ථ තරුණ බෞද්ධ සංගමය ඇතුළු සංවිධාන එක්ව නිර්මාණය කළ ලෝකයේ විශාලතම බෞද්ධ කොඩිය මැයි දෙවැනි දා සිට මහජන ප‍්‍රදර්ශණය සඳහා නිරාවරණය කෙරේ අඩි 200 ක් දිග සහ අඩි 100 ක් උස මෙම කොඩිය මෙතෙක් ලෝකයේ විශාලතම කොඩිය බව ද ඔවුහූ ප‍්‍රකාශ කරති . තරුණ බෞද්ධ සංගමය සමඟ සුජාතා කුළගන සමිතිය ශ‍්‍රී ගුණරතන දහම් පාසල සහ විහාරස්ථ දායක සභාව මෙම කාර්යය සඳහා උර දී සිටී . වෑවල ශ‍්‍රී ඉසිපතනාරාමාධිපති සහ බටගල්ල ධම්මරතන පරිවෙනාධිපති කන්දේකුඹුරේ පඤ්ඤාකීර්ති හිමියන්ගේ උපදෙස් හා අලවතුගිරිගම පඤ්ඤාසීහ හිමියන්ගේ උපදෙස් මත මෙම බෞද්ධ කොඩිය නිර්මාණය වී තිබේ .
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවාට වැඩිපුර වියදම් කරන මුදල් බඩගින්නේ සිටින පවුල් වලට දුන්න නම් නේද හොද?
බුදු සසුන බැබළේවා!
මේක හොද වැඩක්
ඉහත අදහස් දැක්වූ සමහරෙක් නොදන්නවා වූවාට මෙයත් ඔබ පවසනවා සේ හිසට සෙවනක් ලබාදීමේ අදහස පෙරදැඩි කරගත් මහත් වූ සත්කාරයකි.මන්ද යත් මෙයින් ඉපැයෙන සියලු මුදල් යෙදවෙන්නේ රටේ මතු අනාගතය බාර ගැනීම සදහා අද අධ්‍යාපනයේ යෙදෙන දහම්පාසල් දරුවනට නිදහසේ බාදාවකින් තොරව තම අධ්‍යාපනය කරගෙන යාම සදහා දහම්පාසල් ගොඩනැගිල්ලක් සැදීමටයි.එම නිසා මෙය ඔබ පවසනවා සේ හුදු පුහු කාර්‍යයක් පමණක්ම නොවෙයි.යමක් පැවසීමේදී ඒ පිළිබදව මනාව සොයාබලා අදහස් දැක්විම නුවනට හුරුය.එසේ නොකොට හිතට එන මොනවා හෝ ප්‍රකාශ කිරීම අනුවණයන්ගේ ක්‍රියාවකි.මේ වෙසඟේදී වත් අනුන් කරන දේ විවේචනය කර කර නොසිට තමන්ගේත් ලෝක සත්වයාගේත් හිතසුව පිණිස ක්‍රියාකරන්නේනම් වඩා වැදගත්ය. තෙරුවන් සරණයි....(ස)
මේ සදහා වැයවන මුළු මුදල ලක්ශ 32ක් හෝ 52ක් හෝ නොව ලක්ෂ 17කි.
ලොකුම කොඩිය හදලා විතරක් මදි. සිංහලයාව රැක ගන්නත් ඕනේ
මේවා හොද වැඩ. ඒත් මේවට යන සල්ලි අපරාදේ. ඒවාලින් නැති බැරි අයට උදවු කළා නම් නේද හොද?
කොඩිය ලොකුවට ති බුනම විතරක් ඇතිද තව පන්සලක ගිනස් පොතට දාන්න බෞද්ධ කොඩියක් LED වලින් හදන්න යනවලු. ජයග්ග්‍රහී පන්සලට තෙරුවන් ගෙම පිහිට පතමි. මේවා ගැන ලියන්න පුළුවන් පළකරන්නේ නැහැනේ
ඕක තමයි නිකන් සල්ලි වියදම් කරන්න එපා කියන්නේ . මැයි 02 විවෘත්ත කරන්න තිබුණ කොඩ්ය කඩාගෙන වැටුනා . 4 ක් රෝහලේ (ස)
මීට වැයවුනු මුදලින් අසරණයෙක්ට හිසට වහළක් හදලා දෙන්න පුළුවන් වුනා නම්... අබ්බගාතයොත් කොච්චර ඉන්නවද අපේ රටේ...
මගේ නම් අදහස මේකට ලක්ශ 32ක් හරි 52ක් හරි යනවා. කාට හරි ගෙයක් හදලා දුන්නා නම් හරි හොදයි
අගයකල යුතු වැඩක්