ලෝකයේ මෙතෙක් නිපදවූ විශාලතම මගී නෞකාව ලෙස සැලකෙන ‘හාර්මනි ඔෆ් ද සි‘ නෞකාවේ මංගල ගමන පසුගිය දා සිදු කැරුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නැව නිර්මාණය කිරීම සඳහා වැය වූ මුදල ඩොලර් බිලියන 1.1ක් (රුපියල් කෝටි 15944ක්)බව ද සඳහන්ය.
දිගින් මීටර් 362ක් වන මේ නැවේ බර ටොන් 227000ක් පමණ වෙයි.
එහි මගින් 5490කුට ගමන් කළ හැකිය.
නැව සාදා නිම කිරීමට වසර දෙකකුත් මාස අටක් ගත වී තිබේ.
එස්.ටි.එක්ස් ෆ්‍රාන්ස් ආයතනය නිර්මාණය කළ නෞකාවේ අවන්හල් 40ක් පමණ තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd