ඇමරිකා ඩොලර් මිලියන 133 ක ආයෝජනයකින් නව හෝටල් ව්‍යාපෘති 7 ක් සඳහා මුලපිරෙන බව ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය නිවේදනය කරයි.
මෙලෙස ඇරඹෙන නව හෝටල් සමර් සීසන්, සොෆියා කලම්බු , ද ගෝල්ඩන් ක්‍රවුන් හොටෙල්, ගෝල් හෙරිටේජ් ලංකා, මැරීන් ඩ්‍රයිව් හොටෙල්, මැනේජ්මන්ට් ඇන්ඩ් ඉන්වෙස්මන්ට් කොම්බයින් සහ හරිහෙල පතන යන සමාගම් යටතේ ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුම් අත්සන් කර ඇති අතර ඒවා ඉදිරි වසර කිහිපයේ දී ඉදිකිරීමට නියමිතය.
මෙමගින් 950 කුට අධික සෘජු රැකියා සංඛ්‍යාවක් උත්පාදනය වන බව ඇස්තමේන්තු කර තිබේ.
යුද්ධය අවසන් වීමෙන් පසුව ශ්‍රි ලංකාව තුළ ඇති වී තිබෙන සංචාරක ව්‍යාපාරයේ පිබිදීම හමුවේ ෂැන්ග්‍රිලා, ෂෙරටන්,මැරයිට්,ගාන්ට් හැට්, මුවන්පික් හා ඔනික් වැනි ලොව ප්රමුඛ පෙළේ හෝටල් සමාගම් මෙරට දැවැන්ත ව්‍යාපෘති සඳහා ආයෝජනයට පියවර ගැනීම නිසා කර්මාන්තය තුළ ආයෝජකයින්ගේ විශ්වාසය ඉහළ නැංවී ඇති බව ආයෝජන මණ්ඩලය කියා සිටියි.
COMMENTS
ලොකු හෝටල් කිව්වට එක හෝටලයකට කාර්ය මණ්ඩලය 130 වගේනේ. ඔය හෝටල් වල කාමර ගණන හොයලා කියන්න. එතකොට බලන්න පුළුවන් මොනවගේ ඒවාද කියලා (නි)
සමහරුන්ට මේ ආණ්ඩුවෙන් ගේන යෝජනා පේන්නෙත් මහින්ද ගේනවා වගේ.ඕක වහල්කම. (නි)
කොච්චර ඔය ලොකු හෝටල් හැදුවත් මම දකින්නේ වැඩිහරියක් සුද්දෝ කොත්තු රොටිය දෙන්නා බෙදාගෙන කාලා කොකාකෝලා 2 ක් බීලා දුම්රියේ යන අය. කොළඹ හෝටල් දුවන්නේ දේශීය මංගල උත්සව ඇතුළු සම්භාෂණ වලින් තමයි (නි)
හෝටල් වලට අරක්ගත් කාක්කන් පන්නා දැමිය යුතුයි. මට ඉතාලි ජාතිකයෙක් කිවුවා කාක්කෝ ගැන අප්‍රසන්න කතන්දරයක්. ආයේ ඔහුගේ අදහසක් නැහැ කිවුවා ලංකාවට යන්න ඒ කාක්කෝ නිසා (නි)
හෝටල් වල නම් ටිකත් දැනගන්න පුලුවන් නම් හොඳයි (නි)
සමහරුන්ට මහින්ද කළා නම් හොඳයි. වෙන කෙනෙක් කළා නම් හරි කරනවා නම් හරි වැරදියි. වහල්ලු කිවුවට හිතාගන්න බැරි තරමේ වහල්ලු ඉන්නේ මේ රටේ. (නි)
කොමිස් කීයද ? (බ)
ලොව පුරා ඇතිවී තිබෙන ආර්ථික අහේනිය හමුවේ සංචාරකයෝ පැමිණ සුකොපබෝගී හෝටල්වල ලැගුම්ගනී කියා සිතිය නොහැක. (ම)
කමල් කියන කතාව හරියට හරි. මාත් ඔය රැකියාව මත යැපුන කෙනෙක්. එ්ත් දැන් එන සුද්දෝ මෙලෝ රහක් නැහැ. අපිට වඩා අන්තයි (නි)
ශාන් මහත්තයෝ, මහින්දගේ කාලේ හැදුන හෝටල් බොහෝමයක අයිතිය කාගේද කියලා හොයලා බැලුවොත් වටිනවා..(හේ)
ඔක්කොටම කලින් පොදු වැසිකිළි සදන්න මහජනතාව සඳහා. (නි)
වැඩේ නම් ඉහළයි. නමුත් මේකෙන් කුඩා හෝටල් හිමියන් සහ ඒවායේ සේවකයන් කීදෙනෙකුට රැකියා නැතිවෙනවද කියලත් කියනවා නම්? (නි)
බලමුකෝ මේ සිහින ඉටුවෙයිද කියලා (නි)
අහන්නත් සතුටුයි රැකියා ප්‍රමාණය 950 වුනාට මෙයින් නිපදවෙන විදේශ රැකියා ප්‍රමාණය ඉතා ඉහලයි මෙවැනි නමගිය හෝටල් වල පළපුරුද්ද ලබනකොට ඕනෑම රටක හෝටල්වලට ශ්‍රමිකයින් බඳවා ගන්නවා අපේ රටේ අයගේ සිනහව එයට එකතු උනහම අගය ඉතා ඉහලයි ආගන්තුක සත්කාරය මේ රට ඉතා ප්‍රසිද්ධයි (හේ)
අපිට නම් අවශ්‍ය හෝටල්වලට වඩා කර්මාන්තශාලා ටිකක් බිහිකර ගන්නයි. (ර)
මෙහෙ පසුගිය කාලේ සිදුවුණේ නම් අපේ හෝටල් විදේශිකයන් මිලදී ගැනීමයි (නි)
950 කට රැකියා ලැබෙන එක මහා ලොකු සතුටට පත්විය හැකි කරුණක් නොවේ. ඒ අපේ විරැකියා සංඛ්‍යාලේඛන දිහා බැලුවහම . එ්ත් රටේ සංචාරක ව්‍යාපෘතිය දියුණු වෙන එක එක අතකින් හොඳයි. එයට අවශ්‍ය වටපිටාවද සැකසිය යුතුයි. (නි)
සියලුම ජාත්‍යන්තර හෝටල් සමාගම් මෙහෙට ආවේ මහින්ද රාජපක්ෂගේ කාලේ බව අමතක නොකළොත් හොඳයි (නි)
සංචාරකයින් ගැවසෙන සියලුම ස්ථාන අවට ඇති ගස්, ගල්, ලයිට් කණු, තාප්ප පුරා පරිසරය විනාශ කර තිබෙන දැන්වීම්, ඉටි කොළ වැල්, ජරාජීර්ණ වූ කඩසාප්පු ක්‍රමවත්ව පාලනය නොකරනතාක් පළමු සංචාරකයා දෙවනුව ගෙන්වා ගැනීම අසීරු බව දනිමි. කටුනායක ගුවන් තොටුපලේ මගී පර්යන්තයේ සංචාරකයින් දෙදෙනෙකු අපේ රටේ පාරිසරික හානිය ගැන කළ ඒ සංවාදය මට අපේ රට ගැන ඇතිකළේ අසීමිත ශෝකයකි. (නි)