වික්ටෝරියා රැජිණගේ උඩුකය රුව සහිත ලොව ප්‍රථම තැපැල් මුද්දරය වසර 175කට පසු නව තැපැල් මුද්දරයක් ලෙස ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යංය මගින් සිකුරාදා (9) නිකුත් කිරීමට නියමිතය.
ලෝක තැපැල් දිනය සැමරීම වෙනුවෙන් නිකුත් කරන එම මුද්දරයේ වටිනාකම රුපියල් 10කි.
1840 මැයි 6 වැනිදා නිකුත්වූ ලොව ප්‍රථම තැපැල් මුද්දරයේ වටිනාකම පැන්ස එකකි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවතත් ලංකාව එංගලන්තයේ "යටත් විජිතයක් " වුන බවට මෙයත් හොඳ සාක්කියක්. අපේ රට සුරගෙන කාපු උන්ව මොකට සමරන්නද ? පවතින ආණ්ඩුවේ නිරුවත මෙයින් පෙනෙනවා (බ)
හිරිකිතයි (බ)
සුද්දා අරගෙන ආ තේ, කෝපි වගේ වගාවනුත් ලංකාවෙන් අතුගා දමමු. ඒවා තියෙද්දිත් නිකන් යටත්විජිතවාදී පරගැති බවක් දැනෙනවා. (නි)
රැජිණගේ රූපය සහිත මුද්දරයක් ගහන එක නිවටකමක් නම් මුලින්ම නවත්තන්න ඕනෑ මුද්දර කියන සංකල්පය නේද? වැඩි දුර යන්න ඕනෑ නැහැ. මුලින්ම තමන්ගේ ඇඳගෙන ඉන්න වස්ත්‍රයෙන්ම සිංහලකම පටන් ගමුද බලන්න? සුද්දන්ගේ ඩෙනිම්, ජීන්ස් ඇඳගෙන මුද්දරයක් විවේචනය කරන එක මට නම් පෙනෙන්නේ මෝඩකමක් විදිහටමයි. (නි)
මෙතන කරලා තියෙන්නේ ලෝකයේ මුල්ම මුද්දරය සැමරීම වෙනුවෙන් එහි පිටපතක් ලෙස නව මුද්දරයක් නිකුත් කිරීම.මේක අමුතු දෙයක් නෙමෙයි.සඳ මතට පා තැබීම,ඔලිම්පික් උළෙල වගේ ජාත්‍යන්තරව වැදගත් දේ ගැනත් මුද්දර නිකුත් කරලා තියෙනවා.ලංකාවේ මුල්ම මුද්දරයෙත් ඉන්නේ රැජිණ. මෙතන ප්‍රතිචාර දාන සමහර අය පොඩි කාලේ මුද්දර එකතු කරලා නැහැ.ඒකයි මේ අන්තවාදී අදහස් දාන්නේ. (නි)
උඩරට ගිවිසුම ගහපු කාලය මතක්වුණා එකපාරටම (නි)
ලෝක තැපැල් දිනය සමරන්න ලොව පළමු තැපැල් මුද්දරයේ ආකෘතියක් මුද්‍රණය කිරීම වැරැද්ද කුමක්ද? ඉන්දියාව 1970-80 දශකයේ රුසියාවට ගැති වුණා. ඊට පස්සේ 90-2000 දශකයේ ඇමෙරිකාවට ගැති වුණා. දැන් කාටත් ගැති නොවී තමාගේ ආර්ථිකයක් හදාගෙන බලවත් රටක් වෙලා. අපිත් ලොව ප්‍රමුඛ රටක් වීමට නම් සූක්ෂම ලෙස අනිත් රටවල් වල සහයෝගය ලබාගත යුතුයි. හැම දේටම බොරු ජාත්‍යාලයක් පටලවාගෙන දඟලන්නේ නැතුව පොඩ්ඩක් හිතන්න. (ම)
මහ රැජිණගේ පිළිරුවකුත් හදන්න ඕනෑ (නි)
අඩු තරමින් ශ්‍රී ලංකාවේ මුල්ම අගමැති දී එස් සේනානායක මහතාගේ රුව තෝරා ගත්තා නම් යම් අර්ථයක් තිබෙනවා. එත් රැජිනගේ රුව තෝරා ගැනීමෙන්.... (ර)
කරන්න වෙන දේවල් නැද්ද? අපේ තැපැල් තවම ප්‍රාථමික යුගයේ විදියටයි වැඩ. ඒක දියුණු කලොත් නරක ද? (ර)
සමහරු දෙල් ගහේ නැගලා අඹ කඩනවා. කොමෙට් දාන අය අනිත් අය දාන කොමෙටුත් පසුව වරක් වත් කියවා ලංකා ඉතිහාස පසුබිම යම් පමණකට හෝ වටහා ගනිත්වා. (ර)
මෙවැනි මුද්දරයක් නැවත නිකුත් කිරීම කල යුතු දෙයක්. (ර)
කට්ටියටම වැරදිලා. මුද්දරයක් ගැහුව පළියට අපි යටත් විජිත යුගයට යන්නෙ නැහැ. මුද්දර වලින් ඉතාම වටිනා මුද්දරය පළමුවන මුද්දරයයි. එනිසයි එය ගහන්නේ. මට හිතෙන්නේ සුද්දෝ ගෙනාව තේ, රබර්, කෝපි ටිකත් ගළවා රටින් ඉවත් කරමු. (නි)
මේක හොඳ වැඩක්.අතීතය අමතක කරන අයට අනාගතයක් නැහැ කියනවනේ (නි)
අපි මොකටද වික්ටෝරියා රැජිණගේ ඒවා මුද්‍රණය කරන්නේ? (නි)
හිතෙන් ශ්‍රී ලාංකික නම් ප්‍රමාණවත් -මුද්දර නැත ගැටළුවක් (ම)
මොන පිස්සුවක්ද? (හේ)
අනේ මන්දා. මට නම් නිකන් පිස්සු වගේ. (නි)
හරි . දැන් අපි ආයෙත් යටත් විජිත කාලෙට ඇවිත් බව දන්නවා. රට සූරා කැව සුද්දන්ගේ පස්සේ යන අය තමයි දැන් ගොඩක් ඉන්නේ (බ)
මේකේ වරදක් මට නම් පෙනෙන්නේ නැහැ (නි)
ලෝකේ ඇති වටිනාකම් ඇති දෙයක් නැවත ප්‍රදර්ශනය කිරීම ,නැවත බිහිකිරීම ඉතාම වටිනා දෙයක්.ඒකට දොස්කියන මිනිසුන් ගුණමකුවන්. මේ ලෝකේ උතුම් දේ අගය කරන්න දැනගැන්න ඕනෑ. (නි)
මේකෙන්ම පේනවා සුදු හම ගැන ඇති ආකල්පය.අනගාරික ධර්මපාල වැනි සිංහල වීරයකුගේ මුද්දරයක් නිකුත් කළා නම් කොච්චර හොඳද? (නි)
සුද්දෝ අපිව සුරලා කන්න ඇති. නමුත් සුද්දෝ නොසිටියා නම් අදටත් අපි අද ලෝකයට වඩා වසර ගණනාවක් පිටිපස්සෙන්. හරියට කොන්ගෝ රාජ්‍ය වගේ. අපි යන පාරවල්, දුම්රිය පාරවල්, ලංකාවේ ප්‍රධාන අපනයන බෝග කවුද අපිට දුන්නේ? (නි)
සුද්දො අපේ රට ආක්‍රමණය කරල වෙහෙර විහාර පන්සල් කෝවිල් කඩා බිඳ දමල, පුංචි දරුවගේ සිට මහල්ලා දක්වා අහිසක ගැමියන් ම්ලේච්ඡ ලෙස මරල දාල අපේ රටේ සම්පත් මංකොල්ල කාපු හැටි අපේ පැරන චිත්‍ර ශිල්පීන් සිතුවමට නඟා තිබෙනව වෙහෙර විහාර වල ඒවා අදටත් ආරක්ෂා වී තිබෙනවා (සොයිලියස් මැන්දිස් ශූරීන් ගේ චිත්‍ර පවා තිබෙනවා) එයින් සිතුවමක් මුද්දරයට නැගුවනම් මේ අයගෙ මානව හිමිකම් අහිමිවේවිද? (බ)
ඔච්චරටම සමරන්න ඕනෑ නම් ලංකාවේ පළවෙනි මුද්දරය ආපසු ගන්න තිබුණනේ (නි)
හොඳ අදහසක්. මමත් ඉතාමත් හොඳ පැරණි මුද්දර එකතුවක හිමිකාරයෙක්. 1857 අප්‍රේල් 01 වෙනිදා නිකුත් කරපු ලංකාවේ 1 වෙනි මුද්දරයේ සිටම මුද්දර මා ගාව තියෙනවා. නමුත් මේ මුද්දරය මැයි 06 වෙනිදා නිකුත් කලානම් තමයි නියම අර්ථයක් මුද්දරයට ලැබෙන්නේ. (ර)
මොකක්ද මේ වැඩේ? අපි නම් කැමති නැහැ (නි)
මගේ ළඟ මේ වගේ මුද්දර ගොඩක් තියනවා. දෙන්න බැරිද දන්නෙ නැහැ ගානකට (නි)
ලෝක තැපැල් දිනය ලංකාවේ සැමරීමට ලංකාවෙන් හොඳ මුහුණක් ඇති කෙනෙක් දැන් සොයා ගන්නම නැද්ද? (ර)
ඩෝසන්, ඉතිහාසය ටිකක් කියවන්න. සුද්දොත් විශ්මිත වෙනවා අපේ රජ කාලේ කරලා තියෙන දේවල් දැක්කම. අපිටම ආවේණික වුණ හොද තාක්ෂණික ඥානයක් තිබුන ජාතියක් අපි. සුද්දන්ට අවුරුදු 500 ක් යටත් විජිතයක් වෙලා තිබුණු නිසා ඒ සියල්ල වැළලිලා ගියා. සුද්දා අපේ රටේ දියුණු කළේ ඔවුන්ගේ ව්‍යාපාර වලට අවශ්‍ය කරන පහසුකම් වලට විතරයි. (නි)
ලෝකයේ තවත් රටවල් කීයක් මෙම පළමු මුද්දරය නිකුත් කර ලෝක තැපැල් දිනය සමරාවිද බලමු (බ)
හොඳ තීරණයක් (නි)
ඩී.එස්. සේනානායක මහත්තයාගේ මුහුණ දාන්න බැරිද? (නි)
තවම රැජිනට ගැතිකම් කරන නිවට නියාලු සිංහලකමද තිබිය යුත්තේ? මට හිතුනා ඒත් මේස් නැතිව රැජිනගේ අත ඇල්ලුවා කිවුවම කට්ටිය චූන් වුණා කියලා (බ)
අපේ තැපෑලේ අතීතය නැවත මතක් කිරීමක්.....(ම)
මෙහමත් ගැතිකමක් අපේ කළු සුද්දෝ හිතන්නෙත් තාම මේක යටත් විජිතයක් කියලා.(හේ)
මෙහෙමත් දන ගැහිල්ලක් දැකලත් නෑ අහලත් නෑ (ම)
ලෝකයේ පළමු තැපැල් මුද්දරය සැමරීම සුද්දන්ට ගැති විමක් නොවේ. කිසිම රටකට හුදකලාව පවතින්න අපහසු බව හිතන්න.දේශමාමක අදහස් කියනුයේ හැම දේටම එරෙහිව සිටීම නොවේ. ප්‍රශ්නයක් වනුයේ මෙම මුද්දරයට අපේ රටේ නම යෙදිය හැකිද යන්නයි.(ම)
අනේ දෙවියනේ මේ මොකක්ද ලංකාවට වෙන්නේ? (නි)
මා ළඟත් තියෙනවා පැරැණි මුද්දර...